IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ශ්‍රී ලංකාවේ ICT/BPM කර්මාන්තය ජපානයේ ශක්තිමත් කිරීමට EDB සහ JICA හවුල්කාරිත්වයක්

ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ (ICT) සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM) කර්මාන්තය ජපන් වෙළෙඳපොළේ ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (JICA) යන දෙපාර්ශ්වය අතර ඇතිකරගෙන තිබූ එකගතාව දීර්ඝ කිරීමක් පසුගියදා කොළඹ දී සිදුකෙරිණි.
අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී පැවති ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන නියෝජිත කෙන්ජි කුරොනුමා සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මංගල විජේසිංහ මහත්වරු සහභාගී වූහ.
2024 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම වැඩසටහනට ජපන් වෙළෙඳපොළට අදාළ වෙළෙඳපොළ තොරතුරු, ව්‍යාපාරික පුහුණුව සහ ආනයන අපනයනකරුවන් සම්බන්ධීකරණ සේවා ලබා දීමෙන් වසර දෙකක් පුරා ශ්‍රී ලංකා කුඩා හා මධ්‍යම ව්‍යවසාය (SME) ICT/BPM සමාගම් 30කට සහාය දෙනු ලබයි.
2014 වර්ෂයේ සිට ශ්‍රී ලංකාව සහ JICA ආයතනය පවත්වාගෙන යන සහයෝගිතාව මත ගොඩනගා ගත් මෙම වැඩසටහන, තාක්ෂණ ප්‍රවර්ධනය, නවෝත්පාදනය සහ ගෝලීය වෙළෙඳ සම්බන්ධතා ශක්තිමත් කිරීමෙන් දෙරටටම තිරසාර ආර්ථික වර්ධනයක් අරුත්ගැන්වීම අරමුණු කරගෙන ඇත.
මුල් සැලැස්ම අනුව 2025 ඔක්තෝබර් මාසයේදී අවසන් වීමට නියමිතව තිබූ මෙම වැඩසටහන, අපනයන සංවර්ධන මණ්ඩලයේ ඉල්ලීම මත එක් වසරකින් දීර්ඝ කර ඇත. වැඩසටහන දීර්ඝ කිරීමෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සමාගම්වලට වෙළෙඳපොළ තොරතුරු, ව්‍යාපාරික පුහුණුව සහ වෙළෙඳ ගනුදෙනුකරුවන් සම්බන්ධීකරණ සහාය වඩාත් හොඳින් සිදුකර ගත හැකි අතර තෝරාගත් සමාගම් කිහිපයකට POC ක්‍රමවේදය හඳුන්වා දෙනු ඇත. එමෙන්ම වැඩසටහන යටතේ අමතර පුහුණු අවස්ථා ද ලබා දෙනු ඇත.
මෙම අවස්ථාවට JICA මූලස්ථානයේ මසායුකි ෆුරුකාවා සහ සාකො ඉකෙවාඩා , JICA ශ්‍රී ලංකා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත යුරි ඉඩේ ව්‍යාපෘති සකස්කිරීමේ උපදේශක එබිසාවා යෝකො, නියෝජිත ඉනඩා අරිසා, සහකාර නිලධාරී එරංගා රාජපක්ෂ, සහ ඩෙලොයිට් තොමාට්සු මූල්‍ය උපදේශන LLC හි ෂෝසෙයි යමාමොටෝ යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.
අපනයන සංවර්ධන මණ්ඩලය නියෝජනය කරමින් අපනයන සේවා අංශයේ අධ්‍යක්ෂ ඉදුමිණි කොඩිකාර සහකාර අධ්‍යක්ෂ දිනේෂ් අත්තනායක මහත්ම මහත්මීහු සහභාගී වූහ.



අදහස් (0)

ශ්‍රී ලංකාවේ ICT/BPM කර්මාන්තය ජපානයේ ශක්තිමත් කිරීමට EDB සහ JICA හවුල්කාරිත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site