(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකන් ගුවන් සේවය කටාර් ගුවන් සේවය සමඟ එක්ව යුරෝපය,උතුරු ඇමෙරිකාව,දකුණු ඇමෙරිකාව සහ මැදපෙරදිග දක්වා නවතම ගමනාන්ත 18 ක් කරා ගුවන් ගමන් මෙහෙයුම් සිදු කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවය රටවල් 56 ක ගමනාන්ත 127 ක් දක්වා ගුවන් ගමන් මෙහෙයුම් සේවා ව්‍යාප්ත කර තිබේ.
ෆින්ලන්තයේ හෙල්සින්කි, සර්බියාවේ බෙල්ග්‍රේඩ්, හංගේරියාවේ බුඩාපේස්ට්, සයිප්‍රසයේ ලාර්නාකා, පෝලන්තයේ වෝර්සෝ, මොරොක්කෝවේ කැසබ්ලැන්කා, පෘතුගාලයේ ලිස්බන්, ස්වීඩනයේ ගොතන්බර්ග්, බෙල්ජියමේ බ්‍රසල්ස්, ඉතාලියේ වැනීසිය, අසර්බයිජානයේ බාකු, යූක්‍රේනයේ කියෙව්, ජර්මනියේ මියුනිච්, චෙක් ජනරජයේ ප්‍රාග්, අයර්ලන්තයේ ඩබ්ලින්, ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් සහ මලගා, එක්සත් රාජධානියේ එඩින්බරෝ සහ බර්මින්හැම්, ග්‍රීසියේ ඇතැන්ස් සහ තෙසලෝනිකි, තුර්කියේ අන්කාරා, ඉස්තාන්බුල් (සබීහා), ඇන්ටාලියා සහ ඉස්මීර්, බ්‍රසීලයේ සාඕ පවුලෝ, කැනඩාවේ මොන්ට්‍රියල්, එක්සත් ජනපදයේ වොෂින්ටන් ඩී.සී., චිකාගෝ, හූස්ටන් සහ බොස්ටන් යන රටවල ගුවන් තොටුපළ වෙත මෙම නවතම ගුවන් ගමන් මෙහෙයුම් සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයාර්ලංකා වන්වර්ල්ඩ් සාමාජිකයෙක් නිසා කෝඩ්ෂෙයාර් පහසුකම යටතේ අනිත් අදාළ ගුවන්සේවා සමග සම්බන්ධ වී මේ රටවල්වලට දැනටමත් යම් ප්‍රමාණයකට ගුවන්බලපත්‍ර නිකුත් කරන්න පුළුවන්. (කටාර්) ගුවන්සේවයද වන්වර්ල්ඩ් සාමාජිකයෙක් නිසා ඉහත පුවත අලුත් දෙයක් නොවේ.
දැන් ඔය සේවා ව්‍යාප්තිය ක්‍රමයෙන් සිදු වෙන්නේ
කටාර් එක්ක එකතු වෙලා ශ්‍රී ලන්කන් එකට එන අලුත් ස්ථානවලට යන මගීන් කටාර් ප්ලේන් වල යවන එක නේද මේ කියන්නේ ? පොඩි ගණනක් කපාගත හැකියි. ඒත් වැඩි වාසි ගන්නේ වැඩිපුර ගමනාන්ත වලට යන ගුවන්සේවය. ඒ කියන්නේ කටාර් ගුවන් සේවය. එහෙම නේද?
වන් වර්ල්ඩ් කියලා කටාර් ගුවන් සේවයත් සමග පහුගිය කාලේදී ක්‍රියාත්මක උනේ මේක නොවේද
කටාර් ගුවන් සේවය වැඩි වාසි ගත්තත් ආරම්භයක් අවශ්‍යයි.. ශ්‍රී ලන්කන් එකට දැනට ඉන්න තත්වයෙන් එළියට එන්න. අඩු ගානේ නොමැරී ඉන්න වත්...
එ්කත් ඉවරයි...
A350 නූතනයේ වඩාත් ජනප්‍රිය ගුවන් යානයකි.