
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු හා නඩත්තු අංශය එක්සත් රාජධානියේ Avensis Aviation සමඟ උපායමාර්ගික සහයෝගීතාවකට අනුව එයාර්බස් A330 සහA320 මගී ගුවන් යානා ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා බවට පත්කිරීමට ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය කටයුතු කර තිබේ.
මෙම සහයෝගීතාවේ පළමු කටයුක්ත වූයේ FitsAir සඳහා එයාර් බස් A320 ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්තනය කිරීමයි. එය මෑතකදී නියමිත වේලාවට හා නියමිත වූ පිරිවැය තුළ නිම කරන ලදී. ගුවන් සමාගමේ නඩත්තු හා ඉංජිනේරු අංශය EASA සහතිකලත් නඩත්තුව, මූලික නඩත්තුව සහ ඉංජිනේරු වැඩපළ සඳහා ද EASA සහතිකය හිමිකරගෙන තිබේ. මෙය ගුවන් යානා වෙනස් කිරීම හා භාණ්ඩ ගුවන් යානා බවට පරිවර්තනය කිරීමට අදාල නඩත්තු කටයුතු සිදුකිරීමට විදේශීය ගුවන් සමාගම් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමට මෙය ඉතා හොද උපායමාර්ගික ක්‍රියාවක් බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශ ප්‍රධානී ෂෙවන්ත වීරසේකර මහතා මෙසේ පැවසීය. “කොරෝනා වසංගතය හේතුවෙන් මගී ගමන් සීමා කිරීමත් සමඟ බොහෝ ගුවන් සමාගම් සහ ගුවන් යානා කල්බදු සමාගම් ඔවුන්ට අයත් මගී ගුවන් යානා භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානා බවට පරිවර්තනය කරමින් සිටිනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවය මේ වන විටත් තමන්ගේම ගුවන් යානයක් ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවට පරිවර්තනය කර ඇති නිසාම මෙම සේවාව බාහිරව ලබා දීමට විශේෂ වූ දැනුමක් තියෙනවා. භාණ්ඩ පරිවර්තන වෙළඳපොළ වේගයෙන් වර්ධනය වෙමින් තියෙනවා. එම නිසා අපි නියම වෙලාවට මේ සඳහා යොමු වුණේ. නවීකරණ අනුමත කිරීම් සහ ගනුදෙනුකරුවන් වෙත ළඟා වීමටAvensis Aviation අපට වඩාත් සුදුසු සහකරුවෙකු වෙනවා.
Avensis Aviation හි ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ රුබින් ෆ්ලවර් මහතා සඳහන් කළේ සැහැල්ලු ‘LEVIS’ සිටි ‘NAVIS’ පූර්ණ ගුවන් භාණ්ඩ පරිවර්තනය සඳහා EASA අනුමත කරන ලද වෙනස් කිරීම් හරහා නව්‍යකරනය කිරීම් සඳහා Avensis Aviation විසඳුම් ලබා දෙන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සීට් ටික ගලවලා දාලා දොර ලොකුවට හදන්න... මහා ලොකු වැඩක්ද?
ආසන ටික සහ රාක්ක ටික ගලවලා දාන එකද මේ විශ්ව කර්ම වැඩේ...?
ඕක ලෝකෙටම කියන්න තරම් දෙයක් නොවේ...!!!
ස්පැනර් එකයි... ස්කුරුප්පු නැයිනයි ඕනෑ වෙනවා මේ වැඩේට... !!!
මාර හපන් කමක් නේද? සීටි ටික ගලවන එක ... අනේ ඉතින් පව්...!!!
විලි ලැජ්ජාවක් ගෑවිලා නැහැ... ලෝකයා හිනාවෙනවා මේවට...
උඩ කමෙන්ට් දාලා තියෙන අයට තියෙන දැනුම හිතාගන්න පුළුවන්. පොඩ්ඩක් හොයලා බැලුවා නම් තමයි හොඳ.. කොහොමද මගී යානයක් භාණ්ඩ ප්‍රවාහනය කරන යානයක් බවට පරිවර්තනය කරන්නේ කියලා. සීට් ගලවලා දොර ලොකු කලා කියලා හරියන්නේ නැහැ. සම්පූර්ණ කැබින් එකම ඔවරෝල් කරන්න ඕනෑ.. යානයේ ඉදිරි කොටසින් හෝ පැතිවලින් භාණ්ඩ ඇතුළට දැමිය හැකි පරිදි දොරවල් සහ තට්ටු රෝලර් සහිතව සැකසිය යුතුයි. සම්පූර්න කේබ්ලින් පද්ධතියම නැවත අලුත් ඩක්ටින් හරහා සැකසිය යුතුයි. මේ හැම දෙයක්ම ජාත්‍යන්තර සහතිකයන්ට අනුකූල විය යුතුයි. තියෙන වැසිකිලි සියල්ල ගලවා ඊට අදාල කොටස් ගලවා දැමිය යුතුයි. ස්පැනර් එකයි... ස්කුරුප්පු නියනයි විතරක් මදි. කාර්ගො හිරවෙන්න අවශ්‍ය ආරක්ෂක ලොකින් පද්ධතිය සවි කරන්න ඕනෑ. එ්වා සහ තට්ටුව කොච්චර බරක් දැරිය හැකිද කියලා ඊට අනුකූල වෙන විදිහට ඩිසයින් කරන්න ඕනෑ. මේ ටික විතරක් නෙමෙයි.. තව ගොඩක් තියෙනවා.
අලුතින් ගුවන් යානයක් ලෙස නිර්මාණය කළ එකක් වගේ...