IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලාංකිකයන්ට විදේශ අධ්‍යාපන පහසුකම් සැලසීමට කොමර්ෂල් බැංකුව ACH සමග හවුල් වෙයි

කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - (පෞද්ගලික බැංකුකරණය හා පාරිභෝගික නිෂ්පාදන සංවර්ධනය) කපිල ලියනගේ මහතා සමග ACH අධ්‍යාපන ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂිකා චානකා පලිහක්කාර මහත්මිය, ආයතන දෙකේ නියෝජිතයන් ඉදිරියේ ගිවිසුම් හුවමාරු කර ගත් අවස්ථාව.

කොමර්ෂල් බැංකුව සහ ඕස්ට්‍රේලියානු උසස් අධ්‍යාපන ආයතනය ACH අතර ඇතිකරගත් සහයෝගීතාවක ප්‍රතිඵලයක් ලෙස විදේශ අධ්‍යාපනය සඳහා යොමු වීමට බලාපොරොත්තු වන සිසුන්ට වැඩි ඉඩප්‍රස්ථා ගණනක් මෙන්ම ඔවුනට අවශ්‍ය අරමුදල් පහසුවෙන් ලබා ගැනීමට දැන් හැකියාව ලැබී ඇත.

බැංකුව හා සීමාසහිත ACH අධ්‍යාපන පෞද්ගලික සමාගම අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් හරහා එම සිසුන්ට තම ශිෂ්‍ය ලිපිගොනු විවෘත කිරීමේ කටයුතු කොමර්ෂල් බැංකුව හරහා ඉටුකරගත හැකි අතර අධ්‍යාපන ණය ලබා ගැනීමට ද හැකියාව ලැබේ. අදාළ විශ්වවිද්‍යාල අතරට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, එක්සත් රාජධානිය සහ ACH අනුබද්ධිත තවත් බොහෝ යුරෝපීය රටවල්වල විශ්වවිද්‍යාල ඇතුළත් වේ.

කොමර්ෂල් බැංකුව දේශීය හා විදේශීය අධ්‍යාපනය හදාරන රැකියා කරන මෙන් ම රැකියා විරහිත සිසුන් සඳහා ද නම්‍යශීලී කොන්දේසි සහිතව අධ්‍යාපන ණය පහසුකම් ලබා දෙයි. මෙම ණය පහසුකම් සඳහා දිගු ආපසු ගෙවීමේ කාලයත් හා ආකර්ශනීය පොලී අනුපාත හිමි වේ.

බැංකුව පැවසූයේ පාඨමාලා ගාස්තුවෙන් සියයට 80 ක් ආවරණය වන පරිදි රුපියල් මිලියන 10ක් දක්වා ණය ලබා දෙන අතර මූලික ණය මුදලේ ආපසු ගෙවීම් ආරම්භ කිරීමට පෙර, පොලිය පමණක් ගෙවීම සඳහා වසර දෙකක සහන කාලයක් ලබා දෙනු ඇති බවයි. මීට අමතරව, අයදුම්කරුවන්ට පවතින පොලී අනුපාතයෙන් සියයට 0.5ක විශේෂ අඩු කිරීමක්, ලේඛන ගාස්තුවෙන් සියයට 50ක නිදහස් කිරීමක්, මෙන් ම විදුලි පණිවුඩ හුවමාරු ගාස්තු වලින් ද සියයට 50 ක නිදහස් කිරීමක් ලැබෙනු ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළෙඳපොළ බැංකු අංශයේ ඉහළම වෙළෙඳපොළ ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම සියයට 100ක් තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ.



අදහස් (0)

ශ්‍රී ලාංකිකයන්ට විදේශ අධ්‍යාපන පහසුකම් සැලසීමට කොමර්ෂල් බැංකුව ACH සමග හවුල් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site