IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය සවිබල ගන්වන Eduzone වසර 15ක් සපුරයි

2010 වසරේ සිට ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ උසස් අධ්‍යාපන අවස්ථා දිනා ගැනීමට ලාංකික සිසුන් වෙත මග පෙන්වන ශ්‍රී ලංකාවේ පළමු අධ්‍යාපන උපදේශන සමාගම වන Eduzone Consultants (Pvt) Ltd  සිය විශිෂ්ට ගමනේ 15 වැනි සංවත්සරය සමරයි. ශ්‍රී ලාංකික සිසුන් විශාල ප්‍රමාණයක් වෙත සාර්ථකව අයදුම්පත් සකස් කිරීමට වසර ගණනාවක් පුරා Eduzone Consultants  සිය දායකත්වය සපයා ඇත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මේ වන විට ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ පුරවැසිභාවය ලබා සිටිති. එමෙන්ම රුපියල් බිලියන 1කට අධික මූල්‍ය ආධාර ප්‍රමාණයක් ලබා ගනිමින් ආකර්ෂණීය ශිෂ්‍යත්ව පිරිනැමීම වෙනුවෙන් ද මෙම උපදේශන ආයතනය සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කර තිබේ.
එතරම් ප්‍රචලිත සහ සමීප නොවූ විදේශීය කලාපයක් පදනම් කරගෙන ආරම්භ කළ පුරෝගාමී ආයතනයක් වන Eduzone Consultants  වර්තමානයේදී ස්කැන්ඩිනේවියාවේ ඉහළ තලයක සිය නාමය සනිටුහන් කරමින් ශ්‍රී ලාංකික සිසුන්, උපාධිධාරීන් සහ වෘත්තිකයන් ඇතුළු බොහෝ පිරිසකගෙන් සමන්විත ජාලයක් දක්වා ඉහළ මට්ටමකට ගොඩනැගී ඇත. අධ්‍යයන කටයුතු සඳහා ගැළපෙන ගමනාන්තයක් ලෙස Eduzone Consultants  විසින් ස්වීඩනය සහ ෆින්ලන්තය හඳුන්වා දුන් මුල් කාලයේදී ඒ පිළිබඳ ජනතාව තුළ තිබූ දැනුවත්භාවය ඉතා අවම වූ බැවින් ඒ සම්බන්ධයෙන් තිබූ උනන්දුව ද පහළ මට්ටමක පැවතිණි.
 කෙසේවෙතත් වසර 15ක වේගවත් ගමනේදී දෙරටේම ජාත්‍යන්තර සිසුන් සඳහා ඉහළම මූලාශ්‍ර රටවල් අතරට ශ්‍රී ලංකාව පැමිණ තිබෙන අතර, එය අන්තර්ජාතික මට්ටමේ අධ්‍යයන සහ වෘත්තීය මාර්ග පිරිනැමීම සඳහා Eduzone විසින් දක්වන ලද නොසැලෙන කැපවීම ඔස්සේ ලද විශේෂ ජයග්‍රහණයකී. 2014 වසරේදී  Swedish Institute  විසින් ශ්‍රී ලංකාව වෙත ප්‍රදානය කළ ශිෂ්‍යත්ව ත්‍රිත්වයෙන් දෙකක්ම Eduzone මලින් මෙහෙයවූ සිසුන් ලබා ගැනීම Eduzone  හි විශිෂ්ටත්ව පිළිබඳ මැනවින් පිළිබිඹු කරන නිදසුනකී.
වර්තමානයේදී විශ්වවිද්‍යාල මණ්ඩපවලින් ඔබ්බට මෙහි කාර්යභාරය විහිදී ඇති අතර, ශ්‍රී ලාංකික කලාකරුවන් සහ රංගන ශිල්පීන් සඳහා වඩාත් ජනප්‍රිය ගමනාන්තයක් බවට ෆින්ලන්තය පත්ව තිබේ. එය මීට දශකයකට පෙර පැවති සංස්කෘතික සම්බන්ධතාවට සාපේක්ෂව බොහෝ වෙනස් වී ඇත. Eduzone  විසින් ස්කැන්ඩිනේවියාව පුරා ශ්‍රී ලාංකික ප්‍රජාව පෝෂණය කිරීම සඳහා සිදු කළ සුවිශේෂී කාර්යභාරය පිළිබඳ මෙම පරිවර්තනය කදිම සාක්ෂියක් වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් Eduzone Consultants (Pvt) Ltd හි නිර්මාතෘ සහ අධ්‍යක්ෂක චමල්ක අල්විස් සමරසිංහ මහතා මෙසේ සඳහන් කළේය. ‘‘සැමවිටම සිසුන් වෙත අව්‍යාජ, පර් යේෂණය කර සනාථ කරන ලද මෙන්ම අනාගතයට ගැළපෙන අධ්‍යාපන විකල්ප පිරිනැමීම අපගේ මෙහෙවරයි. දහස් ගණනක් සිසුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් වසර ගණනාවක් මුළුල්ලේ අප කෙරෙහි තබා ඇති විස්වාසය ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. ශිෂ්‍යත්ව සහිත අධ්‍යයන මාර්ග වෙත ප්‍රවේශය තවදුරටත් පුළුල් කිරීම කෙරෙහි මෙන්ම තම පළමු උපාධිය ශ්‍රී ලංකාවේදී සම්පූර්ණ කරමින් ස්වීඩනයේ සහ ෆින්ලන්තයේ පශ්චාත් උපාධි අධ්‍යයනය සඳහා ශක්තිමත් පදනමක් සකස් කිරීමට සිසුන් දිරිමත් කිරීම කෙරෙහි ද අපි වැඩි අවධානයක් යොමු කර තිබෙනවා.”‍

 



අදහස් (0)

ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය සවිබල ගන්වන Eduzone වසර 15ක් සපුරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 541 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 273 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site