විමුක්ති එස් රුද්‍රිගු
තායිලන්තය හා කාම්බෝජය අතර ඇතිවූ දරුණු දේශසීමා ගැටුම් හේතුවෙන් තායිලන්තයේ සේවය කළ කාම්බෝජ විදේශ ශ්‍රමිකයන් නැවතත් සිය රට බලා පිටත්ව යෑම හේතුවෙන් ඇතිවූ ශ්‍රම හිඟයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන් 10,000 ක් සඳහා රැකියා අවස්ථා ලබාදීමට තායිලන්ත කැබිනට් මණ්ඩලය අවසරය ලබාදුන් බව එරට ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පෙරේදා (19) ප්‍රකාශ කළේය.
තායිලන්තයේ වයස්ගත ජනගහනය වැඩිවීම සහ පහළ යන ශ්‍රම බළකා සහභාගීත්වය හේතුවෙන් එරට කෘෂිකර්මාන්තය, ඉදිකිරීම් සහ නිෂ්පාදන අංශවලට අවම වශයෙන් ලියාපදිංචි විදේශීය ශ්‍රමිකයන් ලක්ෂ 30 ක් පමණ මත යැපීමට සිදුවී ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්ත අනාවරණය කළේය.
ශ්‍රී ලාංකිකයන් 30,000 ක් පමණ තායිලන්තයේ රැකියා සඳහා පැමිණීමට ලියාපදිංචි වී සිටින බවත් මුල් අදියර යටතේ ශ්‍රී ලාංකිකයන් 10,000 තායිලන්තයේ රැකියා අවස්ථා සඳහා පැමිණෙනු ඇති බවත් එරට කම්කරු අමාත්‍යවරයා පෙරේදා (19) ප්‍රකාශ කළේය.
ඇතිවූ දේශ සීමා සටන් හේතුවෙන් දෙරටේ පුද්ගලයන් 43 ක් මියගොස් තවත් ලක්ෂ 3 ක පමණ පිරිසක් අවතැන් විය. ගැටුම් ආරම්භ වීමට පෙර කාම්බෝජ වැසියෝ ලක්ෂ 5 ක පමණ පිරිසක් තායිලන්තයේ සේවය කළහ.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලාංකිකයන් දස දහසකට තායිලන්තයේ රැකියා දොර ඇරේ