IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ශ්‍රී ලාංකික නිපුණයන් ගෝලීය නාවික අංශයේ බැබළවීමට CICT වෙතින් නව දොරටුවක්

කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT),  නාවික හා අධ්‍යාපනික අංශයන් අතර සහයෝගිතාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්ල සුවිශේෂී ශ්‍රී ලාංකීය සිසුන් 16 දෙනකු ඔවුන්ගේ ලොව ප්‍රකට ‘C Blue’  පුහුණු වැඩසටහන සඳහා තෝරාගෙන ඇත. චීනයේ පැවැත්වෙන වැඩසටහනට සහභාගී වන මෙම සිසුන් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාල හයක අධ්‍යාපනය ලබන්නෝ වෙති.

චයිනා මර්චන්ට් පදනම  (CMCF)  විසින් වාර්ෂිකව සංවිධානය කරන ‘C Blue’  වැඩසටහනල සහභාගිවන්නන්ට නාවික සහ ලොජිස්ටික්ස් අංශවල උසස් පුහුණුවක් ලබා දෙන අතරම අන්තර් සංස්කෘතික හුවමාරුව සහ නායකත්ව කුසලතා වර්ධනය කරගැනීමේ අවස්ථාද සලසයි.’’

2016 දී ආරම්භ කරන ලද ‘C Blue’  පුහුණු වැඩසටහනටල මේ’ දක්වා රටවල් 61 කින් 400 කට වැඩි සිසුන් සංඛ්‍යාවක් එක් කර ගනිමින්, අනාගත නාවික කර්මාන්තයට නිපුණයන් ලබා දීමේ ශක්තිමත් ජාලයක් ගොඩනගා ඇත. ‘C Blue’  වැඩසටහනල දේශයන් අතර මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය වැඩිදියුණු කරනවා මෙන්ම බහු සංස්කෘතික සන්නිවේදනය ශක්තිමත් කර, ගෝලීය වරාය හා නාවික කර්මාන්ත  අතර සහයෝගීතාව ගොඩනැගීම සඳහා අවධානය යොමු කරයි.

‘ශ්‍රී ලංකාව හා චීනය අතර අධ්‍යාපනික සහ සංස්කෘතික සබඳතා ශක්තිමත් කරමින්, දේශීය නාවික කර්මාන්තයේ අනාගතය සඳහා ආයෝජනයක් වන මෙම තේරීම සඳහා දායක වීම අපට ගෞරවයක්” යැයි  CICT හි ප්‍රධාන විධායක නිලධාරී ජැන් ෂැන්ග් මහතා පවසයි. මෙම සිසුන් 16 දෙනා ශ්‍රී ලංකාවේ නාවික ක්ෂේත්‍රයේ නියෝජිතයන් ලෙස කටයුතු කරමින්, ලෝක මට්ටමේ ශ්‍රේෂ්ඨ ක්‍රියාමාර්ග රටට ගෙන එනු ඇතැයි අප විශ්වාස කරනවා.”

වැඩසටහනට සහභාගීවන්නන්ට ස්මාර්ට් වරාය තාක්ෂණ සහ ඩිජිටල් පරිවර්තනය ඇතුළු අති නවීන සමුද්‍රීය තාක්ෂණ හා ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව හඳුන්වා දෙන අතර, තිරසාර ලොජිස්ටික්ස් විසඳුම්වල හරිත නැව්ගත කිරීමේ ක්‍රමවේදවල උසස් නාවික සහ ස්වයංක්‍රීය පද්ධති මෙන්ම ජාත්‍යන්තර වරාය හා නාවික මෙහෙයුම් කළමනාකරණය පිළිබඳ ද දැනුම ලබා දෙනු ඇත. ඒ වෙනුවෙන්ල ක්ෂේත්‍ර වෘත්තිකයන්ගේ විශේෂඥ දේශන සහ නවීන වරාය කළමනාකරණය සහ සැපයුම් නවෝත්පාදනය පිළිබඳ අවබෝධය වැඩි කිරීම සඳහා ප්‍රමුඛ පෙළේ වරාය වෙත චාරිකාද, විෂය මාලාවට ඇතුළත් කර ඇත.වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රයත්නයක් වන ‘C Blue’  පුහුණු වැඩසටහන, ලෝකයේ විවිධ රටවලින් තෝරාගත් සුවිශේෂී සිසුන් එක්කරමින් නාවික හා ප්‍රවාහන කළමනාකරණ ක්ෂේත්‍රවල දැනුම හා නිපුණතා වැඩිදියුණු කිරීම අරමුණු කරයි. 



අදහස් (0)

ශ්‍රී ලාංකික නිපුණයන් ගෝලීය නාවික අංශයේ බැබළවීමට CICT වෙතින් නව දොරටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1904 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 533 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site