(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකා සිංගප්පූරු ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මකවීමට ආරම්භ වනවිට එම ගිවිසුම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සඳහා දෙරටේ නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් පිහිටුවන බව සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශයේ උපදේශක හා සිංගප්පූරු ගිවිසුමේ සාකච්ඡා කණ්ඩායම් ප්‍රධානී කේ.ජී වීරසිංහ මහතා පැවැසීය.
ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත මෙම කමිටුවට අමාත්‍යංශ ලේකම් හෝ අධ්‍යක්ෂ ජනරාල් යන ධූරවලට සමාන තනතුරුවල පිහිටන්නන් අයත් වන බව ද ඔහු සඳහන් කළේය.
ගිවිසුම ක්‍රියාත්මක වීම ආරම්භ වී වසරක් ඇතුළත මෙම කමිටුවේ පළමු රැස්වීම පැවැත්විය යුතු බව කී හෙතෙම අවශ්‍ය නම් කඩිනම් රැස්වීමක් කැඳවිය හැකි බව ද කීය.
ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම සංශෝධනය කළ නොහැකි බවට නැගෙන චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරන බව වීරසිංහ මහතා මෙම ඒකාබද්ධ කමිටුව මගින් ඉදිරිපත් කරන යෝජනා හා නිරීක්ෂණ මත ගිවිසුම සංශෝධනය කළ හැකි බව ද වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී ලංකා - සිංගප්පූරු ගිවිසුමට ඒකාබද්ධ කමිටුවක්