
නීති පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ නව පරිච්චේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15) GovPay - රාජ්‍ය ඩිජිටල් ගෙවීම් වේදිකාව හා සම්බන්ධ වීම, අගවිනිසුරු ජනාධිපති නීතිඥ මුර්දු ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ දී උත්සවාකාරයෙන් ආරම්භ විය.
ඒ අනුව, GovPay ඩිජිටල් වේදිකාව හා සම්බන්ධ අන්තර්ජාල/ මොබයිල් බැංකු කරණ පෝටල සහ FinTech යෙදුම් හරහා මෙතෙක් මුදල් මගින් ගෙවීම් කළ ශ්‍රේෂ්ඨාධිකරණ සේවා රැසකට පහසුවෙන් සුරක්ෂිතව සහ ක්ෂණිකව මාර්ගගත ක්‍රමයට ගෙවීම් කිරීමේ හැකියාව සැලසී ඇත.
ආරම්භක අදියරයේ දී, BOC ස්මාට් පේ, පීපල්ස් පේ මොබයිල් යෙදුම, BOC ඔන්ලයින් බැංකින්, පෑන් ඒෂියා ඔන්ලයින් බැංකින්, සම්පත් විශ්ව HNB පේ ෆාස්ට්, සේලාන් ඔන්ලයින් බෑංකින් DFCC ඔන්ලයින් බෑංකින්, නේෂන්ස් ඩිරෙක්ට්, කොම්බෑන්ක් ඩිජිටල් ඔන්ලයින් සහ කොම්බෑන්ක් ඩිජිටල් මොබයිල් යෙදුම් NDB NEOS ඔන්ලයින් බෑංකින්, හෙලකුරු අයිපේ, ෆ්‍රීම් සහ ජීනි යන මොබයිල් යෙදුම් හරහා ශ්‍රේෂ්ඨාධිකරණ සේවා සඳහා Govpay ඩිජිටල් වේදිකාව හරහා මාර්ගගත ගෙවීම් කිරීමේ හැකියාව ඇත.
ඒ අනුව නඩු ගොණු සඳහා ගාස්තු, සහතික කළ පිටපත් ගාස්තු, වාණිජ මහාධිකරණ අභියාචනා ගොනු කිරීමේ ගාස්තු, වන්දි, ගාස්තු ගාස්තු, ඇතුළත් වීමේ ගාස්තු (නීතිඥ), යහපත් පැවැත්ම පිළිබඳ සහතික සඳහා ගෙවීම්, නව පැමිණිලි ගොනු කිරීමේ ගාස්තු සහ දිවුරුම් ප්‍රකාශ සඳහා මාර්ගගත ගෙවීම් ඇතුළුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලසනු ලබන පුළුල් පරාසයක සේවා සඳහා GovPay හරහා ක්ෂණිකව, සුරක්ෂිතව සහ පහසුවෙන් මාර්ගගත ගෙවීම් කිරීමේ හැකියාව නීතිවේදීන්ට මෙන්ම සාමාන්‍ය මහජනතාවට උදා වී ඇත. තවද, පද්ධතිය හරහා ජනනය කරනු ලබන රිසිට්පත ඇතුළුව සමස්ත GovPay ඩිජිටල් ක්‍රියාවලියම 2006 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත යටතේ (සංශෝධිත පරිදි) නීත්‍යානුකූලව වලංගු වේ.
2025 දෙසැම්බර් මස 18
528
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ශ්රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ගෙවීම් පද්ධති ඩිජිටල්කරණයට GovPay හා එක්වෙයි