IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සහ මුම්බායි මුද්‍රණකරුවන්ගේ සංගමය අතර අවබෝධතා ගිවිසුමක්

  • මුද්‍රණ කර්මාන්තය මෙරට වේගයෙන් වර්ධනය වන කර්මාන්තවලින් එකක්
  • අපනයන ආදායම ඩො. බි. 30ක් දක්වා වර්ධනය කර ගැනීමේ අභිලාශකාමී ඉලක්කයට මුද්‍රණකරුවන් සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇති
  • අවබෝධතා ගිවිසුම යටතේ දෙරටේ මුද්‍රණ සංගම් අතර උපාය මාර්ගික හා අන්‍යෝන්‍ය සහයෝගය වැඩි දියුණු කෙරේ

විමුක්ති එස් රුද්‍රිගු

ශ්‍රී ලංකාව මුද්‍රණකරුවන් ජාත්‍යන්තර සැපයුම් දාමයේ වැදගත් ස්ථානය හිමිකරගෙන තිබෙන බවත් 2030 වසර වනවිට මෙරට අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක් දක්වා වර්ධනය කර ගැනීමේ අභිලාශකාමී ඉලක්කයට මුද්‍රණකරුවන් සැලකිය යුතු දායකත්වයක් ලබාදෙනු ඇති බවත්  ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

මුද්‍රණ කර්මාන්තය මෙරට වේගයෙන් වර්ධනය වන කර්මාන්තවලින් එකක් බවත් මුද්‍රණකරණය හුදෙක් සන්නිවේදනයට හා සන්නාමකරණයට සීමාවූවක් නොවෙන බවත් මංගල විජේසිංහ මහතා පැවැසුවේය. ලේබල්කරණය හා ඇසුරුම්කරණය හරහා මුද්‍රණ කර්මාන්තය මෙරට අපනයන ක්ෂේත්‍රයටද දායක වන බව ඔහු ප්‍රකාශ කළේය.

පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැති අටවැනි වටමේස සමුළුවේදී මංගල විජේසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

ඉන්දියාවේ මුම්බායි මුද්‍රණකරුවන්ගේ අටවැනි වට මේස සමුළුව පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ප්‍රථම වරට මුම්බායි මුද්‍රණකරුවන්ගේ සංගමය අටවැනි වට මේස සමුළුවට ජාත්‍යන්තර මුද්‍රණකරුවන්ගේ සංගමයත් එකතු කර ගැනීමට තීරණය කර තිබූ අතර ඒ සඳහා ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය තෝරාගෙන තිබිණි.

එහිදී ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සහ මුම්බායි මුද්‍රණකරුවන්ගේ සංගමය අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති ජනක රත්නකුමාර මහතා අත්සන් තැබූ අතර මුම්බායි මුද්‍රණකරුවන්ගේ සංගමය වෙනුවෙන් එහි සභාපති අශෝක් හොල්කර් මහතා අත්සන් තැබුවේය.

අවබෝධතා ගිවිසුම යටතේ දෙරටේ මුද්‍රණ සංගම් අතර උපාය මාර්ගික හා අෙන්‍යාන්‍ය සහයෝගය වැඩි දියුණුකර ගැනීම, දැනුම හා තාක්ෂණික විශේෂඥතාව හුවමාරු කර ගැනීම, ඒකාබද්ධ කර්මාන්ත උත්සව, ව්‍යාපාර නියෝජිතයන් හුවමාරුව, අධ්‍යාපනික හා පුහුණු මුලපිරීම්, වෙළෙඳ ප්‍රවර්ධන හා වෙළෙඳපොළ සබඳතා, ඒකාබද්ධ පර්‌යේෂණ හා ප්‍රකාශන, තරුණ හා තනි ව්‍යවසාය පිළිබඳ කටයුතු කිරීම, සංස්කෘතික අවබෝධතාව හා ප්‍රජා බැඳීම්, කාලය හා සමාලෝචනය යන අංශ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත.



අදහස් (0)

ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය සහ මුම්බායි මුද්‍රණකරුවන්ගේ සංගමය අතර අවබෝධතා ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site