IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලංකා-ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වෙයි

භානුක අමරසිංහ


ශ්‍රී ලංකා-ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ (SLIMFA)  මහා සභා රැස්වීම පසුගියදා කොළඹ ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී (SVCC) පැවැත්වුණි. SLIMFAහි අනුශාසක, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්  සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව සංවිධානය විය. 
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා, ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ මාධ්‍ය ප්‍රජාව අතර ගැඹුරු සම්බන්ධතාවක් සහ සහයෝගීතාවක් ප්‍රවර්ධනය කිරීමේදී SLIMFA හි කාර්යභාරය අවධාරණය කළේය. එසේම දෙරටේ මාධ්‍ය කර්මාන්තයේ වර්ධනයට සහ දියුණුවට සහාය වෙමින් බලපෑම් සහගත මාධ්‍ය ඉසව් කිහිපයක් සංවිධානය කිරීම සම්බන්ධයෙන්ද ඔහු එම සංගමයට සුබ පැතුම් එක් කළේය.
මේ අතර, පසුගිය වසර ඉන්දියාව-ශ්‍රී ලංකා සබඳතාවල තීරණාත්මක කාල පරිච්ඡේදයක් ලෙස විස්තර කළ මහ කොමසාරිස්වරයා, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාර සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාර හරහා සැලකිය යුතු හා ධනාත්මක ප්‍රතිඵල කිහිපයක් ලැබුණු බව පෙන්වා දී තිබේ. 
ඒ අනුව ඉන්දියාව දැන් ශ්‍රී ලංකාව සමග ආයෝජන මත පදනම් වූ හවුල්කාරිත්වයකට ප්‍රමුඛත්වය දෙන බවත්, එය ණය ලබාදීම පදනම් කරගත් ආකෘතියෙන් උපායමාර්ගික වෙනසක් සනිටුහන් කරන බවත් ඔහු අවධාරණය කර තිබේ.
මේ අතර SLIMFA හි නිල වෙබ් අඩවිය  (www.slimfa.lk) දියත් කිරීමද මෙම හමුවට සමගාමීව ඉන්දීය මහ කොමසාරිස්වරයා  සහSLIMFA  හි උප සභාපති ෂෙහාන් බරණගේ මහතා එක්ව සිදු කළේය.
2024 මැයි මාසයේදී කොළඹ ශාන්ති විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේදී SLIMFA ආරම්භ විය. ඒ ඉන්දීය රජයේ සහාය ඇතිව ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ගේ රැස්වීමක් අතරතුරදීය.
මෙම සංගමයේ සභාපතිවරයා ලෙස නිස්තාර් කාසිම් මහතා කටයුතු කරන අතර, ෂෙහාන් බරණගේ මහතා උප සභාපතිවරයා වේ. කලනි කුමාරසිංහ, විමුක්ති දුෂාන්ත සහ රිෆ්ති අලි යන මහත්ම මහත්මීන් පිළිවෙලින් ප්‍රධාන ලේකම්, සහකාර ලේකම් සහ භාණ්ඩාගාරික යන තනතුරු දරයි. 
ඊට අමතරව සන්තෝෂ් මෙනන්, දිනේෂ් ද අල්විස්, අරෝෂ ප්‍රනාන්දු, ප්‍රසාද් දොඩන්ගොඩගේ, තාරක වික්‍රමසේකර යන මහත්වරුන් සහ සමන්ගි වෙත්තමුණි මහත්මිය විධායක මණ්ඩලයේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති.
පසුගිය වසරේ SLIMFA සමාරම්භක උත්සවයෙන් පසුව, එම සංගමය විසින් ශ්‍රී ලංකාව තුළ පළමුවරට මාධ්‍ය උළෙලක්, ඉන්දීය සංචාරක මාධ්‍යවේදීන් සමග මාධ්‍ය අන්තර් ක්‍රියා වැඩසටහනක්, කර්තෘ වට මේස සාකච්ඡාවක් සහ ‘මාධ්‍ය කරුණු මෙන්ම - මැතිවරණ ආවරණය පිළිබඳ අත්දැකීම් බෙදා ගැනීම’ යන මාතෘකාව යටතේ සාකච්ඡාවක් ඇතුළු ඉසව් අවස්ථා කිහිපයක් සංවිධානය කිරීමටද මැදිහත්ව තිබේ.



අදහස් (0)

ශ්‍රී ලංකා-ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 558 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site