IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ශ්‍යාමලී ජයතුංග ලංකා ඇලු‍මිනියම් ඉන්ඩස්ට්‍රීස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ


ලංකා ඇලු‍මිනියම් ඉන්ඩස්ට්‍රීස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙස ශ්‍යාමලී ජයතුංග මහත්මිය පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව ඇය ලබන ජූලි 01 වැනිදා සිට එම සමාගමේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරියක ලෙස පත් කෙරෙන බව සමාගම සඳහන් කරයි. 
වෘත්තියෙන් නීතීඥවරියක වන ඇය සතුව ජාත්‍යන්තර ව්‍යාපාර නීතිය, ආරවුල් නිරාකරණය, සාංගමික උපදේශන සේවා යනාදිය සම්බන්ධයෙන් විශේෂඥතාවක් පවතින බව සඳහන් වෙයි. එසේම ඇය සතුව සාංගමික ප්‍රතිව්‍යුහගතකරණය, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්වය සහ කර්මාන්ත අතර ඉහළ වටිනාකම් සහිත ගනුදෙනු සම්බන්ධයෙන් සිය සේවාදායකයන් වෙත උපදෙස් ලබාදීම පිළිබඳව ඉහළ පිළිගැනීමක්ද ඇය සතුව පවතී. ඇය මේ වනවිට ලංකා හොස්පිටල් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක ලෙසද කටයුතු කරයි. 

 



අදහස් (0)

ශ්‍යාමලී ජයතුංග ලංකා ඇලු‍මිනියම් ඉන්ඩස්ට්‍රීස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site