IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


වෙළෙඳාමට - ආයෝජනයට පවතින සීමා තවත් ලිහිල් කළ යුතුයි - මුදල් නි. අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

සීමා ලිහිල් කිරිම හරහා ප්‍රාග්ධන ප්‍රවාහ වෙත නිදහසේ රට තුළට ගලා ඒමට අවස්ථාව දීම අවශ්‍යයි
නවෝත්පාදනය යනු ආර්ථික වර්ධනයේ සහ තරගකාරිත්වයේ ප්‍රධානගම බලවේගයයි
විද්‍යාව, තාක්ෂණය, අධ්‍යාපනය සහ ඩිජිටල් යටිතලපහසුකම් වෙත ආයෝජනට රජයේ වැඩි අවධානය
රජයේ සේවා කාර්යක්ෂම කිරිම කෘත්‍රිම බුද්ධිය සහ බ්ලොක්චේන් තාක්ෂණය යොදා ගැනීම වැදගත්
තාක්ෂණයේ ප්‍රතිලාභ සැම දෙනාටම වඩාත් පුළුල් ලෙස බෙදීයාම අවශ්‍යයි


ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර වෙළෙඳාමට සහ ආයෝජන සම්බන්ධයෙන් පවතින සීමා ඉවත් කිරීමට තවදුරටත් කටයුතු කළ යුතුව තිබෙන බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. ඒ හරහා ප්‍රාග්ධන ප්‍රවාහ නිදහසේ රට වෙත ගලා ඒමට අවස්ථාව ලබාදිය යුතුව තිබෙන බවත් අමාත්‍යවරයා අවධාරණය කරයි.
චීන මාධ්‍ය සමූහය මගින් “ගෝලීය සංවාදය : නවෝත්පාදනය, විවෘත බව සහ සංවර්ධනය බෙදා ගැනීම’’ යන තේමාව යටතේ පසුගියදා සංවිධානය කළ වැඩසටහන අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
මෙහිදී විවෘතබව යටතේ වෙළෙඳාම සහ ආයෝජන ලිබරල්කරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ. “විවෘතබව පිළිබඳව කතා කරද්දී අපි එය ක්‍රියාවෙන්ම ඔප්පු කළ යුතු වෙනවා. එහිදී ලෝක වෙළෙඳ සංගමය කේන්ද්‍ර කරගත් වඩාත් සාධාරණ, නීතිය පාදක කරගත් සහ බහුපාර්ශ්වික වෙළෙඳ ක්‍රමවේදයක් අවශ්‍යයි. එසේම අපි වෙළෙඳාම, ආයෝජනයට පවතින සීමා අඩු කිරීමට තවදුරටත් කටයුතු කළ යුතුයි. ඒ හරහා ප්‍රාග්ධනයට නිදහසේ ගලා ඒමට ඉඩ ලබා දිය යුතුයි.’
එසේම නවෝත්පාදනය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ඒ මහතා, මුදල් අමාත්‍යවරයා ලෙස තමන් මෙම නවෝත්පාදනය තවදුරටත් සුඛෝපභෝගී කරුණක් ලෙස නොසිතන බව පවසා තිබේ. “එහෙත් මේ නවොත්පාදනය කියන්නේ ආර්ථික වර්ධනයේ සහ තරගකාරීත්වයේ ප්‍රධානතම බලවේගයයි. එමගින් අභියෝග අවස්ථා බවට පත් කරවනවා. ඒ වගේම එය ඉහළ ගුණාත්මක බවකින් යුත් තිරසාර සංවර්ධනයේ මූලික අවස්ථාවක්.’ 
මෙහිදී ආයෝජන උපායමාර්ගය යටතේ මූලිකවම රජය විද්‍යාව, තාක්ෂණය, අධ්‍යාපනය සහ ඩිජිටල් යටිතලපහසුකම් වෙත සිදුකරන මුදල් ආයෝජන පිළිබඳව අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. විශේෂයෙන්ම මෙම ආයෝජන දිගුකාලීන ජාතික සංවර්ධනය වඩාත් ඉහළ නංවන කරුණු බවත් ඔහු පෙන්වා දී තිබේ.
“මේ අතරම නියාමනය සහ මූල්‍ය පරිසරයක් නිර්මාණය කිරීමත් වැදගත්. මෙමගින් අවදානම දරා ගැනීම, බුද්ධිමය දේපළ ආරක්ෂා කිරීම වගේම ව්‍යාපාර ප්‍රාග්ධනය සහ පෞද්ගලික අංශයේ පර් යේෂණ සහ සංවර්ධන සඳහා අවස්ථාව ලබා දේවි.’
එසේම රජයේ කටයුතු තවදුරටත් දියුණු කිරීම සහ කාර්යක්ෂම කිරීම සඳහා කෘත්‍රිම බුද්ධිය සහ බ්ලොක්චේන් තාක්ෂණය යොදා ගැනීමේ වැදගත්කම පෙන්වා දී ඇති අමාත්‍යවරයා ඒ හරහා රාජ්‍ය සේවා තවදුරටත් දියුණු කිරීම, දූෂණයට එරෙහිව ක්‍රියා කිරීම සිදු කළ හැකි බව පෙන්වා දී තිබේ. එමගින් ආයෝජන විශ්වාසය තවදුරටත් ඉහළයන බවත්, බොහෝ සම්පත් ඵලදායි ලෙස යොදා ගැනීමට නිදහස් කළ හැකි වනු ඇති බවත් අමාත්‍යවරයාගේ අදහස වී තිබේ.
මේ අතර සංවර්ධනයේ පවතින පරතරය සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති මුදල් අමාත්‍යවරයා, සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන සහයෝගය තවදුරටත් ඉහළ දැමිය යුතු බව පවසා තිබේ. එහිදී ගෝලීය දකුණ මූලිකවම තාක්ෂණය, මූල්‍ය සහ වෙළෙඳ පොළ වෙත පිවිසීම සඳහා වන පහසුකම් සැලසීම සිදුකළ යුතුව තිබෙන බවත්, එහිදී ගෝලීය යටිතල පහසුකම් සහ සම්බන්ධතාව වැදගත් භූමිකාවක් ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කර තිබේ. 
“මෙහිදී විශේෂයෙන්ම තාක්ෂණිකව සිදුවන වෙනස්කම්වල ප්‍රතිලාභ වඩාත් පුළුල්ව බෙදී යා යුතු බව අපි විශ්වාස කරනවා. මින් අදහස් කරන්නේ අපගේ ශ්‍රමබලකාය ඩිජිටල් ආර්ථිකය වෙත සූදානම් කිරිම සඳහා වන පුහුණු සහ ආධුනික පුහුණුව සඳහා මුදල් ආයෝජනය කළ යුතුයි කියන දේයි. ඒ වගේම අනතුරට භාජනයට ලක්විය හැකි පිරිස ආරක්ෂා කරගැනීම සඳහා සමාජ ආරක්ෂක දැලක් නිර්මාණය කළ යුතු වෙනවා.’ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

 



අදහස් (0)

වෙළෙඳාමට - ආයෝජනයට පවතින සීමා තවත් ලිහිල් කළ යුතුයි - මුදල් නි. අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 428 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2195 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1659 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site