පසුගිය වසරේ අගෝස්තු මාසය හා සැසඳීමේදී මේ වසරේ අගෝස්තු මාසයේදී වෙළෙඳ හිඟය ඇමෙරිකානු ඩොලර් මිලියන 856ක් දක්වා පුළුල් වූ බව මහ බැංකුව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ විදේශීය අංශය මිශ්‍ර කාර්ය සාධනයක් පෙන්නුම් කළ බව ද මහ බැංකුව පවසයි.
අගෝස්තු මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ප්‍රකාශයට පත් කරමින් ඒ බව පැවසු මහ බැංකුව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 783ක් වූ වෙළෙඳ හිඟය මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 856ක් දක්වා පුළුල් වූ බව සඳහන් කරයි.
එමෙන්ම මේ වසරේ පළමු මාස අට තුළ සමුච්චිත වෙළෙඳ හිඟය පසුගිය වසරේ මුල් මාස අටේදී වාර්තා වූ ඩොලර් මිලියන 5,515 හා සැසඳීමේදී ඩොලර් මිලියන 6,186ක් දක්වා වර්ධනය වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.
අපනයන ආදායම වර්ධනය වුවද, ආනයන වියදම ඊට වැඩි වේගයකින් ඉහළ යෑම වෙළෙඳ හිඟය පුළුල් වීමට හේතු වී තිබේ. මේ වසරේ අගෝස්තු මාසයේදී සංචාරක ඉපැයීම් ඉහළ ගොස් තිබෙන අතර පුළුල් වූ වෙළෙඳ හිඟය සමඟ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඩුවීම හේතුවෙන් විදේශීය ජංගම ගිණුමේ ක්‍රියාකාරීත්වය දුර්වල වී තිබේ.
එසේ වුවද විදේශ විනිමිය කාලීන මූල්‍ය පහසුකමට අදාළව දෙවැනි වාරිකය රජය වෙත ලැබීම හා කොළඹ කොටස් හුවමාරුව සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළ වෙත වූ අඛණ්ඩ විදේශ විනිමය ලැබීම් හේතුවෙන් ගෙවුම් තුලනයේ මූල්‍ය ගිණුම සවිමත් වී තිබේ.
055
2025 දෙසැම්බර් මස 04
420
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
449
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
408
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙළෙඳ හිඟය පුළුල් වෙයි