IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


වෙළෙඳ භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ නැෆ්ටා රටවල්වලට

  • ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.98 ක්

විමුක්ති එස් රුද්‍රිගු

මෙම වසරේ පළමු මාස හතේදී මෙරට උපාය ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 10 කට ආසන්න වූ වාර්තාගත අපනයන ආදායම පිළිබඳව නවතම දත්ත වාර්තාව අපනයන සංවර්ධන මණ්ඩලය ඉකුත්දා ප්‍රකාශයට පත්කළ අතර එහි මෙම වසරේ පළමු මාස 5 තුළදී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ අපනයනය කළ කලාප පිළිබඳවද විස්තරද ඇතුළත් විය.

ශ්‍රී ලංකාව මෙම වසරේ පළමු මාස 5 තුළදී වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ නැෆ්ටා රටවල්වලට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.98 ක් බවත් අපනයන සංවර්ධන මණ්ඩලය නිකුත් කළ එම දත්ත වාර්තාවේ සඳහන් විණි. පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව එය සියයට 3.19 ක වර්ධනයක් බවද එහි දැක්වේ.

උතුරු ඇමරිකානු නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබා ඇති රටවල් නැෆ්ටා රටවල් ලෙස හැඳිවෙන අතර ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව එයට අයත් වේ.

දෙවැනි ස්ථානයට මෙම වසරේ පළමු මාස 5 තුළදී ශ්‍රී ලංකාව වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ යුරෝපා සංගමයේ රටවල්වලට වන බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.77 ක් බවත් එම දත්ත වාර්තාවේ සඳහන් විය. එය පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 15.64 ක් බවද එහි දැක්විණි.

එසේම ශ්‍රී ලංකාව මෙම වසරේ තෙවැනි ස්ථානයට වැඩිම වෙළෙඳ භාණ්ඩ ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ දකුණු ආසියාවට බවත් ඉන් ඉපැයූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 818.5 ක් බවත් එම වාර්තාවේ සඳහන් වේ. එය පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 9.50 ක වර්ධනයක් බවද එහි දැක්වේ.

 

 



අදහස් (0)

වෙළෙඳ භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අපනයනය කර ඇත්තේ නැෆ්ටා රටවල්වලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site