(රංජන් කස්තුරි)
රථවාහන අනයනය සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව නව රෙගුලාසි දෙකක් පනවා තිබේ.
රථවාහන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී සියයට සියයක මුදල් තැන්පතුවක් තිබීම අනිවාර්ය වන අතර ණයවර ලිපි විවෘත කිරීම සඳහා අවශ්‍ය මුදල් ආනයනකරුවන් වෙත කල්බදු ක්‍රමය යටතේ ණය නිකුත් නොකිරීම එම රෙගුලාසි වේ.
නව රෙගුලාසි හේතුවෙන් වාහන ආනයනය සීමා වීම හරහා විදේශ විනිමය රටින් බැහැරවීම සැළකිය යුතු අයුරින් අඩුවනු ඇතැයිද එය රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීමට හේතුවනු ඇතැයිද රජය අපේක්ෂා කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැති ඇමතිවරුන්ට ඔය මොකුත් අදාළ නැහැනේ. එයාලට කෝටි 4.50 වෙන ලෑන්ඩ් කෘසර් වී 8 කැමති විදියට බදු නැතිව ගන්න බලපත්‍ර හම්බෙනවනෙ, මහා බැංකුවට ඔච්චර කැක්කුමක් තියේනම් රුපියල ගැන, කරන්න ඕන ඔය වාහන බලපත්‍ර අහෝසි කරන එක
ඉතා හොඳ තීරණයක්.
කෙසේහෝ මෙරටට ගෙනෙන යකඩ ගොඩවල් සීමා කලොත් හොඳයි. නැතිනම් තව ටික දිනකින් මහපාරක යන්න බැරි තරමට වාහන ගොඩ ගැහෙයි. දුම්රිය සහ බස් සේවාවන් ක්‍රමානුකුලව වැඩිදියුණු කලොත් හොඳයි
මොන රටේද මේ වගේ පර්මිට් දෙන්නේ? කාටවත් විශේෂ සැලකිලි එපා.. වෘත්තීය සමිතිවලට ඇති බිය නිසා නොවේද?
සාමාන්‍ය මිනිහෙක් දුක් විඳගෙන සල්ලි එකතු කරලා ගෙදර වුවමනාවට ආරක්ෂාකාරී ජපන් වාහනයක් ගන්නේ කොච්චර පෙරුම් පුරලද? මිල වගේ 3ගුණයක් බදු ගෙවලා... රටේ වාහන වැඩිවෙලා කියලා සල්ලි රට ගියා කියලා ඒ මිනිහගේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැනේ... එහෙම වෙද්දී මැති ඇමතිවරු රජයේ ඉහළ සේවකයින් සහ සමහර වෘත්තිකයින් බදුරහිත වාහන බලපත්වලට ගන්නවා ලක්ෂ 100 ගණන් වටිනා වසර 5න් 5ට.... එක්කෝ පර්මිට් එක ලක්ෂ 30, 40 ට විකුණනවා. මේ ක්‍රමය කොච්චර සාධාරණද? මගේ දරුවට මම උගන්නන්නේ මේ රටින් හොඳ රටකට ස්ථිරවම යන්න කියලයි.
පුළුල් වූ ජාතික මගී ප්‍රවාහන පද්ධතියක් අපේ රටට තිබුණා නම් ප්‍රශ්න ගොඩක් විසඳෙනු ඇත .
මේක හරි මෝඩ තීරණයක්. රටේ ජනතාව පීඩනයට පත් කරලා රටේ ප්‍රශ්න විසඳන්න බෑ. අනික මේකෙන් වෙන්නේ රටේ පරණ වාහන පාවිච්චිය වැඩිවෙනවා. එතකොට පරිසර දූෂණය, ශ්‍රම නාස්තිය, රිය අනතුරු වැඩි වෙනවා. හිස් මොල පාර්ලිමේන්තුවට යැව්වම මීට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න බෑ...
ඕනෑම දෙයකට පක්ෂව හෝ විරුධව ලියනවා . එත් මේ ලියන දේ කනකට ගන්නවද ඉහල තැන වලින්. බොරුවට පත් කොළ පුරෝනවා. මිනිසුන්ගේ ලේ පුච්චනවා පමණි . මේ රට මේ කපේදී ගොඩ එන්නේ නැහැ
රුපියල අවප්‍රමාණය වෙන්න හේතුව වාහන ගෙන්වන එක විතරයි වගේ මහ බැංකුවේ කථාව. මේ රටේ හදන්න පුළුවන් සීනි ඇටේ අල්පෙනෙත්තෙ බිත්තරේ ඉදන් හැම දේම පිටරටින් ගෙනල්ලා ගිලින හිගන අය නිසා තමයි මේරටට මෙහෙම වෙලා තියෙන්නේ. තමන්ගෙ රටේ හදන්න පුළුවන් දේ වැඩිපුර හදල අතිරික්තය පිටරට විකුණල තමන්ගෙ රටේ හදන්න බැරි දේ විතරක් ආනයනය කරන්න මේ මහලොකු සහතිකේට සීමා වෙච්ච ආචාරියලට තේරෙන්නේ නැත්තෙ ඒකෙන් කොමිස් එන්නේ නැති නිසාද. හැම දේටම කරන්නෙ එක්කො බදු ගහන එක නැත්නම් සාමාන්‍ය මිනිහගෙ දෙයක් කඩාවඩා ගන්න ප්‍රතිපත්ති හදන එක.