IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වසරේ විශිෂ්ටම පාරිභෝගික හා පසු විකුණුම් සේවා සපයන්නා Myitem.lk

මෙරට පරිගණක සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු වන Myitem.lk BWIO  2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පාරිභෝගික හා පසු විකුණුම් සේවා සපයන්නා ලෙස BWIO සම්මාන දිනුවේය. Business World International Organization  සංවිධානය කළ සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ ටී.ඒ. ඉෂාන් රවීන්ද්‍ර මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 
මාර්ගගත අලෙවිසැලක් ලෙස ඇරැඹුණු Myitem.lk  පළමු ප්‍රදර්ශනාගාරය 2018 නොවැම්බර් 15 මහරගමදී විවෘත විය. ආරම්භයේදී එක් අයකු පමණක් සේවය කළ එහි වර්තමාන කාර්ය මණ්ඩලය 22කි. ඉතා කෙටි කාලයකින් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සන්නාමයක් බවට පත් වීමට ඔවුන්ට හැකි විය.
Computersotre.lk සහ Maxcore PC  අයත් සමාගම් සමූහයට Myitem.lk  ඇතුළත් වේ. අතරමැදි පාර්ශ්වවල මැදිහත්වීමකින් තොරව ඉහළ ප්‍රමිතියෙන් යුතු පරිගණක සහ උපාංග ආනයනය කරන එම සමාගම තරගකාරී මිලට නිෂ්පාදන මිල දී ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව උදා කරයි. එම සමාගම පෞද්ගලික සහ ආයතනික යන අංශ දෙකටම අයත් පාරිභෝගිකයන් සමඟ ගනුදෙනු කරයි. හේලීස්, ඩර්ඩන්ස් රෝහල, LCBL ෆයිනෑන්ස්, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්, කොනෙක්ස් ඉන්ෆොර්මේෂන් ටෙක්නොලොජීස්, සිද්ධාලේප ඔවුන් සේවා සපයන ප්‍රමුඛ සමාගම් අතරින් කිහිපයකි. Myitem.lk  නිෂ්පාදන පරාසයට නවතම සහ භාවිත කළ ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ක්‍රීඩා පරිගණක, මොනිටර්, RAM, දත්ත ගබඩා උපාංග, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු නිෂ්පාදන රැසක් අයත් වේ. පරිශීලනයට ඉතා පහසු ලෙස සැකැසූ Myitem.lk  වෙබ් අඩවිය ඔස්සේ ඉහත නිෂ්පාදන මිල දී ගත හැකිය. ඔවුන්ගේ පාරිභෝගික සේවා අංශය පැය 24 පුරා ක්‍රියාත්මක වේ. ගුණාත්මකභාවය සහ පාරිභෝගික වටිනාකම් වෙනුවෙන් කැප වූ Myitem.lk  සුරක්ෂිත මාර්ගගත ගෙවීම් පහසුකම්ද සලසා ඇත. සෑම නිෂ්පාදනයකටම වගකීම් සහතිකයක් සපයන අතර පාරිභෝගිකයන්ට ඉතා කාර්යක්ෂම පසු විකුණුම් සේවාවක් සපයයි.



අදහස් (0)

වසරේ විශිෂ්ටම පාරිභෝගික හා පසු විකුණුම් සේවා සපයන්නා Myitem.lk

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1975 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1547 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site