IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය රෝයල් නර්සින් හෝම්

ඒෂියා මිරකල් 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය ලෙස රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම සම්මාන පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී උත්කර්ෂත් ලෙස පැවැත්විණි.  2007 වර්ෂයේදී ආරම්භ කළ රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම 1600කට වැඩි හෙද කාර්ය මණ්ඩලයක් සේවය කරන ශ්‍රී ලංකාවේ විශාලම හා ප්‍රමුඛම හෙද නිවාස ජාලය වන අතර ආයතනයේ ගිලන් රථ අංශය ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයක් සතු වැඩිම ගිලන් රථ සංඛ්‍යාවට හිමිකම් කියයි.

2020 වර්ෂයේදී කොරෝනා වසංගතය ආරම්භ වූ අවස්ථාවේම පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් තම ආයතනය සතු වූ දැඩි සත්කාර ඒකක පහසුකම් සහිත රුපියල් මිලියන 50ක වටිනාකමින් යුත් ගිලන් රථ දෙකක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කළ ශ්‍රී ලංකාවේ එකම පෞද්ගලික සෞඛ්‍ය සේවා ආයතනය වන්නේද රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගමයි. සම්මාන උළෙලේදී සිදු වූ සුවිශේෂ සිදුවීමක් වන්නේ ආයතනයේ ආරම්භක සභාපති මනුජ හේවාවසම් මහතාගේ අදහසකට අනුව එම සම්මානයේ සැබෑ කොටස්කරුවන් වන ආයතනයට වසර ගණනාවක් සේවය කළ රියැදුරු මහත්වරුන් ආයතනය නියෝජනය කරමින් සම්මානය ගැනීමට වේදිකාවට පැමිණීමයි. එය සම්මාන උළෙලට සහභාගී වූ සියලු‍ දෙනාගේම ප්‍රශංසාවට ලක් විය.



අදහස් (0)

වසරේ විශිෂ්ටම පෞද්ගලික ගිලන් රථ සේවා ආයතනය රෝයල් නර්සින් හෝම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site