IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


වසරේ මුල් කාර්තුවේදී ඩොලර් කෝටි හැටපහක සෘජු විදේශ ආයෝජන


සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න


මේ වසරේ මුල් කාර්තුවේදී පමණක් මෙරටට ඩොලර් කෝටි හැටපහක සෘජු විදේශ ආයෝජන 64ක් පැමිණ ඇතැයි කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (4) පැවසීය.

එදා මේ රටේ ක්‍රියාත්මක වූයේ චෞර රාජ්‍යයක් ලෙස බව පැවසූ අමාත්‍යවරයා, අල්ලස දුෂණය වංචාව නැති හෙයින් විදේශ ආයෝජකයන් බිය සැක නැතුව පැමිණෙමින් සිටින බවද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ දූෂණ විරෝධී පනතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදීය.

සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද පැවසීය.

අද රටට ආයෝජකයන් එනවා. රාජ්‍ය නායකයන් එනවා. ගිවිසුම් අත්සන් කරන්න කතා කරනවා. මේක එදා තිබුණේ චෞර රාජ්‍යයක්. ජන අරගලයකින් චෞරයන් සියල්ල සුද්ද කළා. තව අවතාර කිහිපයක් ඉන්නවා.

අද බලන්න අපේ රටට කොච්චර ආයෝජකයන් ඇවිල්ලද කියලා. 2025 මේ කාර්තුවට විතරක් සෘජු විදේශ ආයෝජන ඩොලර් මිලියන 650ක් ඇවිල්ලා තියෙනවා. ව්‍යාපෘති හැට හතරක්. 2023 අවුරුද්දට ආවේ 483යි. 2024ට ආවේ 724යි. අවුරුද්දටම ව්‍යාපෘති අනු තුනයි.

චාමර සම්පත් මේ ආණ්ඩුවේ ඔක්කොම ෆෙල් කිව්වනේ. ඔන්න පාස් එකක්. අපේ අපනයන වැඩිවෙලා තියෙනවා. ව්‍යවසායකයෝ අද බදු ගෙවනවා. මොකද ඒ අය දන්නවා බදු වංචා වෙන්නේ නෑ කියල. 

 



අදහස් (0)

වසරේ මුල් කාර්තුවේදී ඩොලර් කෝටි හැටපහක සෘජු විදේශ ආයෝජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 42 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2004 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1557 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site