IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


වසර දෙකකදී MICE සංචාරක කර්මාන්තය සියයට 20ක් දක්වා ඉහළ දැමීමට සැලසුම්

 

  • මාගම් රුහුණුපුර සම්මන්ත්‍රණ ශාලාව සහ අරලිය ගහ මැදුරේ දැවැන්ත ශාලාවත් ඉසව් සඳහා යොදා ගැනීමට යයි 
  • වසර තුළ මේ දක්වා රට තුළ වාර්තා වී ඇති MICE ඉසව් සංඛ්‍යාව 30ක් 

භානුක අමරසිංහ 


වර්තමානයේදී ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් සියයට 10ත් 12ත් අතර ප්‍රතිශතයක් ගන්නා MICE සංචාරක අංශය, ඉදිරි වසර දෙක ඇතුළතදී සියයට 20ක් දක්වා වර්ධනය කරගැනීම අපේක්ෂාව බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසයි. 

ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය මගින් සංවිධානය කරනු ලබන SL MICE Expo 2025 ප්‍රදර්ශනය පිළිබදව දැනුවත් කිරීම සඳහා පැවැති මාධ්‍ය හමුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.  

“රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන ඇතුළත් මේ MICE සංචාරක ක්ෂේත්‍රය අද වනවිට ගෝලීයව ඩොලර් බිලියන 1000ක් පමණ වටිනා කර්මාන්තයක්. එය සමස්ත ගෝලීය සංචාරක කර්මාන්තයෙන් සියයට 25ක් පමණ වෙනවා. ලංකාව පැත්තෙන් ගත්තොත් එය දැන් ආසන්නව සියයට 10ක් 12ක් අතර අගයක් ගන්නේ. ඉදිරි වසර දෙක තුළදී එය සියයට 20ක් දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂාවයි.’’ නියෝජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.  

මෙහිදී දැනට රට තුළ පවතින හෝටල්, සම්මන්ත්‍රණශාලා ඇතුළු පරිශ්‍ර යොදා ගනිමින් එම ඉලක්කය වෙත යාමට සැලසුම් කර ඇති බවත්, දැනට භාවිතයට නොගන්නා ගොඩනැගිලි පහසුකම්ද මෙවැනි MICE සංචාරක අවස්ථා සඳහා ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ සභාපති ධීර හෙට්ටිආරච්චි මහතා ලංකාදීප FT වෙත සඳහන් කළේය. 

“දැනට භාවිතයට නොගන්නා හම්බන්තොට මාගම් රුහුණු පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව (MRICC) ගැන අපි අවධානය යොමු කර තිබෙනවා. එහි පහසුකම් ගොඩක් තිබෙනවා. ලබන දෙසැම්බර් මාසයේදී එහි සම්මන්ත්‍රණ ඉසව්වක් අපි සංවිධානය කරනවා. ඒ වගේම යාපනයේ පිහිටි මහල් 11කින් සමන්විත තිරුවල්ලු‍වර් සංස්කෘතික මධ්‍යස්ථානයත් අපි මෙවැනි ඉසව් සඳහා යොදා ගන්නවා. 

මීට අමතරව කොළඹ අරලිය ගහ මන්දිරයේත් 500 දෙනකුට පමණ අසුන්ගත හැකි දැවැන්ත ශාලාවක් තිබෙනවා. අපි ඒ ගැනත් අවධානය යොමු කරලා තියෙන්නේ.“ 

මේ අතර සිය කාර්යාංශයට වාර්තා වන ආකාරයට 2025 වසරේ මේ දක්වා රට තුළ  MICE ඉසව් 30ක් පමණ සංවිධානය වී තිබෙන බවත් SL MICE Expo 2025 ප්‍රදර්ශනයත් සමගින් එය තවදුරටත් ඉහළ නංවා ගැනීම අරමුණ බවත් සභාපතිවරයා පවසා සිටියේය. 

 



අදහස් (0)

වසර දෙකකදී MICE සංචාරක කර්මාන්තය සියයට 20ක් දක්වා ඉහළ දැමීමට සැලසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 508 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17120 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 687 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site