හර්ෂණ තුෂාර සිල්වා
විසි දෙවැනි ජනාධිපති අපනයන සම්මාන උළලේදී ‘වසරේ අපනයනකරු’ සම්මානයෙන් පිදුම් ලැබීමට ‘මාස් ඉන්ටිමේට්ස්’ පෞද්ගලික සමාගම අද (18) සමත්විය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 22 වැනි ජනාධිපති අපනයන සම්මාන ප්‍රදානෝත්සවය අද (18) පස්වරුවේ පැවැත්විණි.
එහිදි වසරේ අපනයනකරු, අපනයන කර්මාන්තයේ රැකියා උත්පාදක, ශ්‍රී ලංකාවේ අපනයන සන්නාමය, ශුද්ධ විදේශ විනිමය උපයන්නා, වෙළෙඳපොළ විවිධාංගීකරණය කළ අපනයනකරු, වසරේ කාන්තා අපනයනකරු, සහ අපනයන සැපයුම්දාමයට ප්‍රාදේශීය වශයෙන් දායක වූ අපනයනකරු යනාදී සම්මාන ජනාධිපතිවරයා අතින් පිරිනැමිණි.
සෙනෙත්මා හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම වසරේ කාන්තා අපනයනකරු සම්මානයෙන් පිදුම් ලැබූ අතර එම සමාගමේ අධ්‍යක්ෂිකා සහ ප්‍රධාන විධායක නිලධාරිනි නයනා රණතුංග මහත්මිය ජනාධිපතිවරයා අතින් සම්මාන ලැබුවාය.
වසරේ තිරසර සංවර්ධනයට වැඩිම දායකත්වයක් දැක්වූ අපනයනකරු ලෙස බ්‍රැන්ඩික්ස් ඇපරල්ස් ලිමිටඞ් සමාගම ද අපනයන සැපයුම්දාමයට ප්‍රාදේශීය වශයෙන් දායක වූ අපනයනකරු ලෙස මාස් ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගම ද අපනයන කර්මාන්තයේ රැකියා උත්පාදක ලෙස බ්‍රැන්ඩික්ස් ඇපරල්ස් ලිමිටඞ් සමාගම ද සම්මාන ලැබීය.
අක්බාර් බ්‍රදර්ස් පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ අපනයන සන්නාමය ලෙස සම්මාන ලැබීය. වෙළෙඳපොළ විවිධාංගීකරණය කළ අපනයනකරු ලෙස කැම්සෝ ලෝඞ්ස්ටාර් පෞද්ගලික සමාගම සම්මාන ලැබීය.
ශුද්ධ විදේශ විනිමය උපයන්නා ලෙස මාස් ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගම සම්මාන ලැබූ අතර ගෝලීය වශයෙන් පුළුල්ව (වැඩි වශයෙන්) විහිදි ඇති ශ්රී ලංකා සන්නාමය සම්මානය හිමි කරගැනීමට ඩිල්මා සිලෝන් ටී සමාගම සමත්විය.
ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන ඉහළම විදේශ විනිමය උපයන්නා සම්මානයෙන් පිදුම් ලැබීමට බ්‍රැන්ඩික්ස් ඇපරල්ස් ලිමිටඞ් සමාගම සමත්විය.
මාස් හෝල්ඩින්ග්ස් පෞද්ගලික සමාගම වසරේ අපනයනකරු ව්‍යාපාරික සමූහය සම්මානයෙන් පිදුම් ලැබීය.
මීට අමතරව කාර්මික නිෂ්පාදන, කෘෂි නිෂ්පාදන, මත්ස්‍ය සහ ධීවර නිෂ්පාදන යනාදි එක් එක් කාණ්ඩ සහ අපනයන සේවා කාණ්ඩවල විශිෂ්ඨතම අපනයනකරුවන් අගයමින් මෙහිදි සම්මාන පිරිනැමිණි.
මෙවර උළෙල 2017 වසරේ අප්‍රේල් 1 වැනිදා සිට 2018 වසරේ මාර්තු 1 දක්වා වන මූල්‍ය වසරේදී අපනයනකරුවන් පෙන්වා ඇති විශිෂ්ඨත්වය අගයමින් පිළිගැනීමට ලක් කෙරෙනු අතර විශේෂයෙන්ම පාරම්පරික නොවන නිෂ්පාදන හා සේවා වෙනුවෙන් අපනයකරුවන් වෙත පිදෙන ජාතික පිළිගැනීම සංකේතවත් කරනු ලැබිණි.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය 1981 වසරේ සිට වාර්ෂිකව මෙම සම්මාන උළෙල සංවිධානය කරයි.
ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
වසරේ අපනයනකරු මාස් ඉන්ටිමේට්ස් පෞද්ගලික සමාගම