
කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ 2024 වසරේ බැංකුවේ වාර්ෂික ජ්‍යෙෂ්ඨත්ව සම්මාන උළෙලේ දී, වසර 25ක සේවා කාලයක් හිමි සේවක සේවිකාවන් 37 දෙනකු ඇගයීමට ලක් කළ අතර එහි දී ඔවුන්ට වටිනා තිළිණ සහ ඇගයීම් ඵලක පිරිනැමුණි.
කොළඹ, කිංග්ස්බරි හෝටලයේ පැවති මෙම උත්සවයට කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන්, බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්‍රභාගර්, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෝ සහ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයෝ සහභාගී වූහ.
මෙම සම්මානලාභී පිරිසගෙන් බොහෝ දෙනකු පාසල් අධ්‍යාපනය අවසන් කරනවාත් සමගම 1999 වසරේ දී බැංකුවට සම්බන්ධ වී ඇති අතර ඔවුන් මේ වන විට බැංකුවේ විවිධ දෙපාර්තමේන්තුවල සහ ශාඛාවල තනතුරු හොබවන බව බැංකුව පවසයි.
කොමර්ෂල් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්, ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සමගින් ජ්‍යෙෂ්ඨත්ව සම්මානලාභීන් මෙම සේයාරුවෙන් දැක්වෙයි.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වසර 25ක සේවා කාලයක් සපිරූ කොමර්ෂල් බැංකු කාර්ය මණ්ඩලයට උපහාර