විෂන් කෙයා ආයතනය යටතේ ඇති අධ්‍යාපන ආයතනය වන විෂන් කෙයා ඇකඩමිය, සිය දෘෂ්ටිමිතික දිනය සහ 12 වැනි වාර්ෂික විද්‍යාත්මක සැසිය “සුපැහැදිලි දැක්මක් නව්‍යකරණය වූ ලොවක්”යන තේමාව යටතේ පසුගියදා මවුන්ට් ලෝටස් රෝහල් පරිශ්‍රයේදී සාර්ථකව නිම කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් වශයෙන් ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ අක්ෂි විශේෂඥ වෛද්‍ය මානෙල් පැස්කුවල් ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙසින් ශ්‍රී ලංකා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති උදේනි වික්‍රමාරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. විෂන් කෙයා ඇකඩමිය විසින් වාර්ෂිකව මෙම උත්සවය සංවිධානය කරනු ලබන්නේ දෘෂ්ටි විද්‍යාව සහ ශ්‍රවණ සත්කාර ක්ෂේත්‍රය පිළිබඳ සිසුන්ගේ දැනුම වර්ධනය කිරීම, පර්යේෂණ අධ්‍යයන කටයුතු සඳහා ඔවුන් දිරිමත් කිරීම සහ දැනුම හුවමාරු කර ගැනීමටයි. එමෙන්ම මෙම සැසිය විෂන් කෙයා ඇකඩමියෙහි නිල සහතික පත් ප්‍රදානෝත්සවය වන අතර විෂන් කෙයා ඇකඩමිය හරහා පාඨමාලා සාර්ථකව නිම කළ සිසුන් සඳහා සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කරන ලදී.
මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් විෂන් කෙයා ඇකඩමියේ ප්‍රධානී විද්‍යා ජයරත්න මෙසේ පැවසීය.
“පසුගිය වසරේ මාර්ගගත ක්‍රමයට සිදු කෙරුණු දෘෂ්ටිමිතික දිනය සහ වාර්ෂික විද්‍යාත්මක සැසිය මෙම වසරේ දී මේ ආකාරයෙන් සැමරීමට ලැබීම සම්බන්ධයෙන් අපි සතුටුට පත් වෙනවා. ඇකඩමියේ සිසුන් සහ කාර්ය මණ්ඩලය මෙම උත්සවය සැමවිටම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීමට දැඩි කැපවීමකින් කටයුතු කළා. ශ්‍රී ලංකාවේ අක්ෂි සහ ශ්‍රවණ සත්කාර ක්ෂේත්‍රවල දැනුම ඉහළ නැංවීමට අපගේ කාර්යභාරය ඉටු කිරීමට ලැබීම ගැන අපි ආඩම්බර වන අතර අනාගතයේදීත් එය එලෙසින්ම සිදුකිරීමට අපි උත්සාහ දරනවා.”
595
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විෂන් කෙයා ඇකඩමිය වාර්ෂික විද්‍යාත්මක සැසිය නිම කරයි