IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විශිෂ්ටම ඇමරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය American කොලේජ් ඔෆ් හයර් එඩියුකේෂන්

දශක තුනක් පුරා මෙරට සිසුන්ට ඇමෙරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සලසන American College of Higher Education (ACHE), London Business Consultancy  2025 සම්මාන උළෙලේදී විශිෂ්ටම ඇමරිකන් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. 
1995දී ඇරැඹුණු ACHE ආයතනය දේශීයව සහ විදේශීයව උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට නිවැරැදි මඟ පෙන්වන අධ්‍යාපන ආයතනයක් ලෙස විශ්වාසය දිනා ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි Keiser   විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන මෙම ආයතනය American Associate Degree පිරිනැමීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ Southern Association of Colleges and Schools Commission on Colleges (SACSCOC) ආයතනයේ අනුමැතිය සහිත මෙරට එකම ඇමරිකානු අධ්‍යාපන සේවා සපයන්නාද වේ. 
ACHE ආයතනය හා සම්බන්ධ වන සිසුන්ට සිය උපාධියේ පළමු වසර දෙක මෙරටදී සම්පූර්ණ කර අනතුරුව ඇමරිකා එක්සත් ජනපදයේ හෝ වෙනත් රටක විශ්ව විද්‍යාලයක උපාධියේ ඉතිරි වසර දෙක සම්පූර්ණ කළ හැකිය. මේ වන විට 5,000කට අධික සිසු පිරිසක් එම ආයතනයේ එක්සත් ජනපද උපාධි හුවමාරු වැඩසටහන හරහා ඇමරිකානු එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රටවල විශ්ව විද්‍යාලවලට ඇතුළත් වී ඇත. ව්‍යාපාර අධ්‍යයනය, මනෝ විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරුකරණය, කෘත්‍රිම බුද්ධිය, විශ්ලේෂණ, ජීව විද්‍යාව ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ අධ්‍යාපන වැඩසටහන් ACHE ආයතනයේදී හැදෑරිය හැකිය. සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි දක්වා වන සුදුසුකම් දේශීය වශයෙන් සපුරා ගැනීමටද සිසුන්ට අවස්ථාව තිබේ. ACHE ආයතනයේ ප්‍රධාන ශාඛාව දෙහිවල පිහිටා ඇති අතර අනෙකුත් ශාඛා මහනුවර, මීගමුව, කුරුණෑගල සහ ගාල්ලේ පිහිටා ඇත. 



අදහස් (0)

විශිෂ්ටම ඇමරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය American කොලේජ් ඔෆ් හයර් එඩියුකේෂන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site