IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් Chefs Guild තරගාවලියේදී Cinnamon Life වාර්තා අලු‍ත් කරයි

සූපවේදීන්ගේ සංගමය විසින් සංවිධානය කළ Chefs Guild of Lanka Culinary Art Competition 2025 තරගාවලියේදී සුවිශේෂී ජයග්‍රහණ 56කට උරුමකම් කියමින් ශ්‍රී ලාංකේය සූප ශාස්ත්‍ර විශිෂ්ටත්වය යළි යළිත් අරුත් ගැන්වීමට Cinnamon Life පසුගියදා සමත් විය. මෙය මෙම තරගාවලි ඉතිහාසය තුළ අත්කරගත් ඉහළම පදක්කම් සංඛ්‍යාවක් වීමද විශේෂත්වකි. 

Cinnamon Lif විසින් අත්කරගනු ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණයට රන් පදක්කම් 23ක්, රිදී පදක්කම් 17ත් සහ ලෝකඩ පදක්කම් 16ක් ඇතුළත් වූ අතර, ඒ තුළින් පිළිබිඹු වූයේ Cinnamon Lif සත්කාරක සේවා අංශය තුළ දක්වන ඉහළ ප්‍රමිතියයි. මෙහිදී ප්‍රථම වරට Hot Cooking අංශය යටතේ ‘‘Gold with Excellence” සම්මානය දිනා ගැනීමට Cinnamon Life සමත් වූයේ සූප ශාස්ත්‍ර ඉතිහාසය තුළ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

එම සන්ධිස්ථානය තවදුරටත් තහවුරු කිරීමට සමත් වූ Cinnamon Life කාණ්ඩ කිහිපයක් හරහා Most Outstanding තේමාව කරගත් ‘‘Top Gold” ශූරතා 4ක් දිනා ගැනීමටද මෙහිදී සමත් විය. Cinnamon Life හි ආහාර පිසීමේ හා සකස් කිරීමේ විශිෂ්ටත්වය මෙන්ම නවෝත්පාදනය වෙනුවෙන් සිදු කරන කැපවීම ඒ තුළින් මනාව අවධාරණය කරනු ලැබීය. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Cinnamon Life City of Dreams මානව සම්පත් අධ්‍යක්ෂ චමිල ඉලු‍ක්කුඹුර මහතා මෙසේ පැවසීය. “Cinnamon Life කණ්ඩායම විසින් දිනා ගනු ලැබූ මෙය ජයග්‍රහණයකට එහා ගිය විශිෂ්ටත්වයක් ලෙස පෙන්වා දිය හැකියි. “Cinnamon Life” හි සුවිශේෂී ශක්තිය හා හැකියාව ප්‍රදර්ශනය කරන මෙම ජයග්‍රහණවලින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළ තලයකට පැමිණීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ දස්කම් සහිත රටක් ලෙස අපගේ විශ්වාසය තහවුරු කරනවා.” 

“Cinnamon Life යනු ආහාර පමණක් නොව නව්‍ය අත්දැකීම් පාරිභෝගිකයන් වෙත ලබා දෙන සුවිශේෂී ගමනාන්තයකි. ඔවුන් විසින් හිමිකරගත් මෙම ජයග්‍රහණ ශ්‍රී ලාංකේය හෝටල් සත්කාරක සේවා නැවත අරුත් ගැන්වීමට මෙන්ම සූපශාස්ත්‍රයේ නිර්මාණාත්මක බව ඉහළ නැංවීමටත් ශ්‍රී ලාංකේය විශිෂ්ටත්වයේ නව යුගයක් ඇරඹීමටත් අවස්ථාවක් විය. 

මෙම ජයග්‍රහණයන් අත්කරගත් Cinnamon Life හි අති දක්ෂ සූපවේදීන් පිළිබඳව සිය සතුට පලකරන Cinnamon Life ඔවුන්ගේ හැකියාව, නිර්මාණශීලීත්වය සහ විශිෂ්ටත්වය සඳහා සිය කැපවීම ප්‍රදර්ශනය කර ඇත්තේ හෝටල් ක්ෂේත්‍රයේ නව මිනුම් සලකුණු සනිටුහන් කරමිනි. 

 



අදහස් (0)

විශිෂ්ට ජයග්‍රහණයක් සමගින් Chefs Guild තරගාවලියේදී Cinnamon Life වාර්තා අලු‍ත් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site