ඇමරිකා ඩොලර් මිලියන 14.5 ක(රුපියල් කෝටි 212.88) පමණ ආයෝජනයකින් මෙගවොට් 10 ක යුත් සූර්යතාප විදුලි උත්පාදන ව්‍යාපෘතියක් වව්නියාවේ ස්ථාපිත කිරීමට යෝජනා කර ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.
වයිඩෙක්සා (ලංකා) පවර් කෝපරේෂන් පෞද්ගලික සමාගම විසින් මෙම ආයෝජනය සිදු කිරීමට යයි. එමඟින් වාර්ෂිකව ගිගාවොට් පැය 19 ක විදුලිය ජාතික විදුලිබල පද්ධතියට ලබා දීමට සමාගම අපේක්ෂා කෙරේ.
වව්නියාව, නැඳුන්කුලම, කට්ටාර්සින්නකුලමේ පිහිටි හෙක්ටයාර 22 ක පමණ ඉඩමක් සමාගමට බදු දීම සඳහා එකී ඉඩම රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධාන පරිදි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත නිදහස් ප්‍රදානයක් ලෙස පැවරීම පිණිස ඇමැති මණ්ඩල අනුමැතියද ඉකුත් දා හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනම රටක් ගත්තම බය වෙන්න දෙයක් නෑ, බල ශක්තියත් තියෙනවා දැන් (බ)