IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කෙරේ

නිමල කොඩිතුවක්කු


කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත යටතේ කොළඹ වරාය නගරය විශේෂ ආර්ථික කලාපයක් ලෙස පිහිටුවා ඇත.
එම කලාපය ගෝලීය වශයෙන් තරගකාරී විශේෂ ආර්ථික කලාපයක් බවට පත් කිරීම, සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ සමස්තයක් වශයෙන් ව්‍යාපාර කිරීමේ පහසුව පිණිස ශ්‍රේණිගත කිරීම සහ ශ්‍රී ලංකාව ගෝලීය මට්ටමින් ශක්තිමත් කිරීම යන එම පනතේ අරමුණු ළඟා කර ගැනීමට අවශ්‍ය නෛතික සංශෝධන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව විසින් හඳුනාගනු ලැබ තිබේ.

ඒ අනුව, අදාළ පනත සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2024.07.29 දින ලබා දී තිබූ අතර, තවදුරටත් සිදු කළ යුතු නව සංශෝධන කිහිපයක් මේ වනවිට හඳුනාගනු ලැබ ඇත. තවද, වරාය නගරයේ ආයෝජකයන් වෙත ඉතා වැදගත් දිරි ගැන්වීම සහ නිදහස් කිරීම ප්‍රදානය කරන ලද ක්‍රමෝපායික වැදගත්කමක් තිබූ ව්‍යාපාර නියෝග 2025.08.04 දින සිට අහෝසි වී ඇති බැවින්, එම ආයෝජකයන්ගේ ගැටලු‍වලට ද සෘජුවම විසඳුම් ලබාදීමට යෝජිත නව විධිවිධාන මගින් අපේක්ෂා කෙරේ.
 ඒ අනුව, අලු‍තින් හඳුනාගනු ලැබ ඇති සංශෝධන ද ඇතුළත් කරමින්, 2021 අංක 11 දරන කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 

 



අදහස් (0)

වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 478 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site