ජපාන රජයේ ආධාර ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටු රැස්වීමක් පසුගියදා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි. වරාය හා සිවිල්ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , මහජන අරාක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ප්‍රවාහන, මහාමාර්ග වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් එම රැස්වීම පවත්වන ලදී.
මෙම ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්වය සහ මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්ව තිබූ අතර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ දී මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව සාකච්ඡාවී තිබිණි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වරාය - ගුවන් තොටුපොළ ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ව්‍යාපෘතිය කඩිනම් කෙරේ