ජපාන රජයේ ආධාර ප්‍රදානයක් යටතේ ක්‍රියාත්මක වන ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධති ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා වන විශේෂ කමිටු රැස්වීමක් පසුගියදා වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී පැවැත්විණි. වරාය හා සිවිල්ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , මහජන අරාක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, ප්‍රවාහන, මහාමාර්ග වරාය හා සිවිල්ගුවන්සේවා අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සී. පෙරේරා යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් එම රැස්වීම පවත්වන ලදී.
මෙම ඉලෙක්ට්‍රොනික ගේට්ටු පද්ධතිය ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියේ වර්තමාන තත්වය සහ මෙම ක්‍රියාවලිය කඩිනම් කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන්ව තිබූ අතර ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමේ දී මුහුණ දීමට සිදු විය හැකි අභියෝග පිළිබඳව සාකච්ඡාවී තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd