IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


වරුන් බෙවරේජස් ලංකා ප්‍රධාන ESG ප්‍රවේශ කටයුතු අඛණ්ඩව ඉදිරියට රැගෙන යයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කාබනීකෘත මෘදු පාන නිෂ්පාදකයකු සහ PepsiCo සිසිල් බීම වර්ග බෝතල් කිරීමේ සුවිශේෂ සැපයුම්කරු වන Varun Beverages Lanka(PVT) Ltd  විසින් ජනතාවට සහ පරිසරයට දිගුකාලීන බලපෑමක් සිදුකරන  පාරිසරික, සමාජීය සහ පාලන (ESG) මූලධර්ම කෙරෙහි ගැඹුරින්  අවධානය යොමු කරමින් ඒ සඳහා වූ ඔවුන්ගේ කැපවීම තවදුරටත් අවධාරණය  කරයි. ඒ අනුව තිරසාර භාවිතයන් සහ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා(ESG)කරුණු කෙරෙහි අවධානය  යොමු කරමින් එම මුලපිරීම් ඉදිරියට පවත්වාගෙන යාමට සමාගම කටයුතු කරයි.

පාරිසරික සුරක්ෂිතභාවය වෙනුවෙන් සිදුකරන සිය අඛණ්ඩ  ප්‍රයත්නයෙහි තවත් එක් පියවරක් ලෙස, PET  ප්ලාස්ටික් එකතු කිරීම සහ ඒවා වගකීම් සහගත ලෙස ප්‍රතිචක්‍රීකරණය කිරීම මෙන්ම අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රවර්ධනය  කිරීම සඳහා විශේෂ වැඩසටහනක් සමාගම විසින් පසුගියදා දියත් කරන ලදී. PET  හේතුවෙන් සිදුවන පාරිසරික බලපෑම අවම කිරීම සහ තරුණ ප්‍රජාව තුළ තිරසාර පුරුදු වර්ධනය කිරීම මෙම මුලපිරීමේ මූලික අරමුණ වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Varun Beverages Lanka(PVT) Ltd නීති අනුකූලතා සහ තිරසාරත්වය පිළිබඳ ප්‍රධානී එරේෂා කුඹුරුලන්ද මහත්මිය මෙසේ සඳහන් කළාය. ”‍පාරිසරික හා සමාජීය යහපැවැත්ම කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් Varun Beverages Lanka සමාගම ලෙස අපි ESG මූලධර්ම අනුගමනය කරනවා.මේ යටතේ අපිට බලපෑම් සහගත ව්‍යාපෘති කිහිපයක්ම  ක්‍රියාත්මක කිරීමට අවස්ථාව හිමිවුණා. කොඩිප්පිලිකන්ද විද්‍යාලයේ සිසු දරුවන් වෙනුවෙන් අවශ්‍ය පාසල් බෑග් සහ ලිපි ද්‍රව්‍ය බෙදාදෙමින් එම විදුහලට අපගේ සහය දැක්වීම  මෙම ව්‍යාපෘතියේදී අපගේ මූලික පියවරක් වුණා. ඊට අමතරව, එහි  ‘බෝ‘ පැළයක් රෝපණය කරමින් බුදු මැදුරක් ඉදිකිරීම ආරම්භ කිරීමටද අපි කටයුතු කළා. ප්‍රජා වර්ධනය සහ තිරසාරභාවය සඳහා අප දක්වන කැපවීම මෙම ක්‍රියා ඔස්සේ තවදුරටත් මැනවින් ප්‍රදර්ශනය වූ අතර  පරිසර හිතකාමී ලෙස PET ප්ලාස්ටික් බැහැර කිරීමට පාසල් දරුවන් යොමුකරවීමට අවශ්‍ය පසුබිමක් නිර්මාණය කිරීමට ද අපි කටයුතු කළා.”‍

සමාගම මෑතකදී ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියකදී කොඩිප්පිලිකන්ද පාසලේ බුදු මැදුරක් ඉදිකර  පූජනීය ‘බෝ‘ පැළයක් ද රෝපණය කිරීමට පියවර ගත් අතර පාරිසරික කළමනාකරණයට අමතරව,  අධ්‍යාපනික හා සංස්කෘතික සංවර්ධනය කෙරෙහිද සමාගම දක්වන  නොසැලෙන කැපවීම මෙමඟින් මැනවින් පිළිබිඹු විය. සිසුන් අතර අාධ්‍යාත්මික ගුණ පෝෂණය කිරීම සඳහා අවශ්‍ය අවකාශය සකස් කරමින් සංස්කෘතික සහ ආගමික වටිනාකම් සවිමත් කිරීම මෙහි පරමාර්ථය වේ. තවද දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ද සිය සහයෝගය දක්වමින් අනාගත පරපුර දිරිගැන්වීම වෙනුවෙන් පාසල් බෑග් සහ අත්‍යවශ්‍ය ලිපිද්‍රව්‍ය පරිත්‍යාග කිරීමට ද Varun Beverages Lanka  සමාගම කටයුතු කළේය.

බාධාවකින් තොරව පාරිසරික වගකීම, අධ්‍යාපනික කටයුතු කෙරෙහි සහය සහ සංස්කෘතික වටිනාකම් ප්‍රවර්ධනය කරන ESG අරමුණු සඳහා Varun Beverages Lanka සමාගම දක්වන පූර්ණ දායකත්වය පිළිබඳව මෙම ව්‍යාපෘති ඔස්සේ කදිම සාක්ෂියක් සපයයි. එමෙන්ම තිරසාර මෙන්ම බලගතු අනාගතයක් ගොඩනංවමින් මෙරට ප්‍රජාව වෙත ධනාත්මක වෙනසක් ඇති කිරීම සඳහා සමාගම නිරන්තරයෙන් කැපවී සිටියි. 



අදහස් (0)

වරුන් බෙවරේජස් ලංකා ප්‍රධාන ESG ප්‍රවේශ කටයුතු අඛණ්ඩව ඉදිරියට රැගෙන යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site