IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


වර්ධනය වුවොත් අද සියලු කොටස් මිල දර්ශකය 17,000 ඉක්මවනු ඇත

කොටස් වෙළෙඳාම තියුණු වර්ධනයක් සිදුවුවහොත් අද දිනයේ ගනුදෙනු අවසන් වන පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,000 ඉක්මන අවස්ථාවක් දැකගත හැකි වනු ඇත. ඊයේ (22) ගනුදෙනු අවසානයේ දී එම සීමාවට දර්ශක 142 ක් මෙපිටින් නතර වූ අතර, දිනයේ වර්ධනය ඒකක 218 ඉක්මවා තිබීම තුළ අද ගනුදෙනු කෙරෙහි අපේක්ෂා සහගත විය හැකිය. 
මෙම සීමාව සලකුණු කළහොත් වෙළඳපොළ ගනුදෙනු දින හතරක් තුළ සියලු කොටස් මිල දර්ශකය ඒකක දහසය දහසක සිට දහ හත් දහස දක්වා තවත් වාර්තාගත ආකාරයකින් වර්ධනය වූ බව සනිටුහන්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.
මිලදී ගැනීමට යුහුසුළුවන ස්වභාවයක් සහිතව ඊයේ කොටස් වෙළඳ පොළ ගනුදෙනු ඇරඹුන අතර, අවසන් පැයක පමණ කාලය තුළ විකිණීම් බහුල වූ ආකාරයක් පෙනී ගියේය. සියලු කොටස් මිල දර්ශකය 16,816.84 ක් වශයෙන් වූ අතර, එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 219.68 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,138.66 ක් වශයෙන් අවසන් වූ අතර, එය දර්ශක 91.21 ක ඉහළ යාමක් සේ දැක්විය හැකිය. 
සිංගර් ෆිනෑන්ස් සහ සතොස මෝටර්ස් යන සමාගම් සිය මුල්‍ය වාර්තා විනිමය හා සුරුකුම් කොමිසමට ඉදිරිපත් කරන ලද අතර, ඒවා ගනුදෙනුකරුවන් සඳහා ප්‍රසිද්ධ කොට තිබේ. 
සිංගර් ෆිනෑන්ස් සමාගමේ කොටසක් රුපියල් 27.80 තෙක් ශත විස්සකින් මිල අඩු වූ අතර, එය ඉදිරියේ දී ලාභාංශ අනුව මිල පහත වැටෙනු ඇතැයි සැලයෙන් සිදුවූ විකිණීම් හේතුකොටගෙන බව පෙනේ. කෙසේ වෙතත් මෙම සමාගමේ කොටසක් රුපියල් 42.00 දක්වා පසුගිය කාලයේ දී ඉහළ ගොස් තිබුණි. සතොස මෝටර්ස් කොටසක මිල රුපියල්  31.90 තෙක් රුපියලකින් මිල ඉහළ ගියේය.
බැංකු ආශ්‍රිත සමාගම්වල කොටස් කෙරෙහි ආයෝජකයන්ගේ උනන්දුව තවදුරටත් පැවැතිණ. දිනයේ පිරිවැටුම රුපියල්  බිලියන 10.316 වූ අතර, දිනය අවසානයේදී ගනුදෙනු 44,690 ක් සිදුවී තිබේ. ලැයිස්තුගත සමාගම් 149 ක් ක කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 90 ක කොටස් මිල පහත වැටිණි. 
එස්.එම්.බී. ලීසිං, ඉන්ඩ්‍රම්ට්‍රියල් ඇසෙස්ට්, ඇම්බියන්ස් හෝලිඩිං, ටල් ලංකා හොටෙල්, එන්.ටී.බී. බ්‍රවුන්ස් ඉන්වස්ටමන් සහ ගෙස්ටෙට්නර් යන සමාගම්වල කොටස් වැඩිම ප්‍රතිශතයකින් ඉහළ ගියේය. 
ඒ.එෆ්.එෆ්, මැක්වුඩ්ස්, ඊ චැනලිං, සිලෝක් බෙවරේජස්, යුනයිටඩ් මෝටර්ස්, ඩයලොග්, ඔනාලි සහ ද කිංග්ස්බරි යන සමාගම්වල කොටස් මිල ඉහළම ප්‍රතිශතයකින් පහතට වැටුණු බව දැක්වේ.
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන් රු. මිලියන 962 ක කොටස් හුවමාරු වූ අතර, එය පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්වීය. හැටන් නැෂනල් බැංකුව රුපියල්  මිලියන 909 ක්, එල්.ඕ.එල්.සී. රුපියල්  මිලියන 466 ක්, ජෝන් කීල්ස් රුපියල්  මිලියන 412 ක් හා එන්.ඩී.බී. රුපියල්  මිලියන 373 ක් වශයෙන් ක්, සම්පත් දිනයේ පිරිවැටුමට වැඩිම දායකත්වයක් දක්වන ලද සෙසු සමාගම් අතර ඉදිරියෙන් සිටි බව සඳහන් කළ හැකිය.
විදේශ ගනුදෙනු ප්‍රමාණාත්මකව ඉහළ නමුත් තවමත් විකිණීමේ ප්‍රවණතාව ඇත. විදේශ මිල දී ගැනීම් සීමිතය. විනිමය අනුපාතිකය හා ලබාගත හැකි කොටස් සීමාව මෙයට බලපා ඇති බව පෙනේ.
නිරීක්ෂක



අදහස් (0)

වර්ධනය වුවොත් අද සියලු කොටස් මිල දර්ශකය 17,000 ඉක්මවනු ඇත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site