IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ව්‍යවසායකයින්ට සහන පොලියට ණය දෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇරඹේ

(ඩයනා උදයංගනී)
 
ව්‍යවසායකයින්ට සහන පොලියක් යටතේ රාජ්‍ය බැංකු මගින් ණය ආධාර ලබාදීමේ අරමුණින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ආරම්භ කරන ‘එක්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ සහ ගමේ සංවර්ධනය වෙනුවෙන් ආරම්භ කෙරෙන ‘ගම්පෙරළිය’ ව්‍යාපෘතීන් ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අද (22) පස්වරුවේ පැවැත්විණි.
 

ව්‍යවසායකයින් වෙනුවෙන් රන් අස්වැන්න, ගොවි නවෝදා, රිය ශක්ති, රිවිබල සවි, දිරි සවිය, ජය ඉසුර ආදී ණය යෝජනා ක්‍රම 15ක් සහන පොළී අනුපාත යටතේ හඳුන්වාදීම මෙහිදී සිදුකෙරිණි.
 
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල, අමාත්‍යවරුන් වන මලික් සමරවික්‍රම, පාඨලී චම්පික රණවක, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ඇතුළු මැති ඇමතිවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.
 
ඡායාරූප - චතුර එස්. කොඩිකාර



අදහස් (3)

ව්‍යවසායකයින්ට සහන පොලියට ණය දෙන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ඇරඹේ

kamal Saturday, 23 June 2018 06:56 PM

අනේ පිස්සු පුසා.. ලංකාව විනාශ කරන්න

:       178       219

Ranjan Monday, 25 June 2018 08:30 AM

කවුරු හරි දන්නවද මේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මගින් ණය දෙන්නේ මොනවටද කියා... නැතිනම් මේ පිළිබඳ විස්තර දැන ගන්න පිළිවෙලක්.. ගොඩක් ස්තුතියි..!!!

:       21       54

සෙනෙවි Sunday, 01 July 2018 01:04 PM

මෙම ණය එක් එක් වර්ග සෑම කෙෂේත්‍රයකටම විහිදී අැත. රවි බල සූර්ය බලය සඳහා ත් ජය ඉසුර කර්මාන්ත සඳහාත් 6,5,% වැනි පොලී අනුපාත යටත් අදාළ ව්‍යාපෘතියේ නියැලීම අනිවාර්ය විය යුතුය එ් සඳහා මහබැංකුව කොන්දේසි පනවා අැත. ළඟම රාජ්‍ය බැංකු වලින් විමසන්න ලංකා /මහජන RDB

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17793 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site