නිමල කොඩිතුවක්කු
එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ රුපියල් 50,000 සිට මිලියන 750ක් දක්වා ණය ලබා දීමට රජය පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
නිර්මාණශීලි තරුණයන්ට සහ ව්‍යවසායකයන් ඉලක්ක කරගනිමින් රජය මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම වැඩසටහනට සමගාමීව කෘෂි නවෝදය, රිය ශක්තිය, රිවි බළශක්ති ආදී ණය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් මෙම ණය සඳහා අඩු පොලී අනුපාතයක් අයකිරීමට රජය පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.
ශ්‍රි ලංකවේ සිටින ව්‍යවසායකයන් සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහසක් වන අතර එය වැඩකරන ජනතාවගේ ප්‍රතිශතයක් ලෙස ගත්විට සියයට තුනට වඩා අඩු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ව්‍යවසායකයන්ට ප්‍රමුඛත්වය දී ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණ ඇතිව මෙම වැඩපිළිවළ ක්‍රියාත්මක බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ව්‍යවසායකයන් රටට එන්නේ කොහොමද ඔහෙලා පටන් ගන්න හදන ව්‍යාපාරවල කොටස් ඉල්ලනවානේ. ඒ මිනිස්සු බංගලි දේශය වගේ රටවලට යනවා. ලංකාවේ ඒ කාලේ හිටපු ව්‍යවසායකයන් දැන් බංගලිදේශයේ ව්‍යාපාර පටන් අරගෙන ඔවුන් දන්නා ඉහළ තනතුරුවල සිටිය අය එහාට ගෙන්වා ගන්නවා.
ඕකෙන් වැඩිහරිය හෙන්චයියන්ට තමා ඉතින්. අර අර්ජුන් ඇලෝශියස් මහතා වගේ..
ඔය එක එක බොරු නම් දමමින් පැකේජ හදන්නේ නැතුව, රාජ්‍ය බැංකුවලට කියන්න සියලුම ව්‍යාපාරික ණය වලට පොලි අනුපාතය 8% විතර මට්ටමකට පහළ දමන්න කියලා, ඊට පස්සේ ව්‍යාපාරිකයින්ට කියන්න ඔවුන්ගේ දේපල උකසට තියලා මේ බැංකු ණය ලබාගන්න කියලා.. එතකොට ව්‍යාපාරිකයාට ණය ගෙවන්නේ නැතුව මග හරින්න බැහැ. විදේශිකයින්ට ඇපයක් නැතුව රාජ්‍ය බැංකු වලින් ණය දෙන්න එපා.
මේක තනිකරම බොරුවක් ඡන්ද ගුන්ඩුවක්. මන් එහෙම කියන්නේ මන් බැංකුවෙන් මේ සම්බන්ධව කතා කරපු නිසා.