IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ව්‍යවසායකයන්ට මිලියන 750 දක්වා ණය පහසුකම්

නිමල කොඩිතුවක්කු
 
එන්ට්‍රප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙළ යටතේ රුපියල් 50,000 සිට මිලියන 750ක් දක්වා ණය ලබා දීමට රජය පියවර ගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

 
නිර්මාණශීලි තරුණයන්ට සහ ව්‍යවසායකයන් ඉලක්ක කරගනිමින් රජය මෙම වැඩසටහන ආරම්භ කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
 
මෙම වැඩසටහනට සමගාමීව කෘෂි නවෝදය,  රිය ශක්තිය, රිවි බළශක්ති ආදී ණය ලබාදීමේ වැඩසටහන් ආරම්භ කර ඇති බවත් මෙම ණය සඳහා අඩු පොලී අනුපාතයක් අයකිරීමට රජය පියවර ගෙන ඇති බවත් ඔහු පැවසීය.
 
ශ්‍රි ලංකවේ සිටින ව්‍යවසායකයන් සංඛ්‍යාව දෙලක්ෂ තිස්දහසක් වන අතර  එය වැඩකරන ජනතාවගේ ප්‍රතිශතයක් ලෙස ගත්විට   සියයට තුනට වඩා අඩු බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
 
ව්‍යවසායකයන්ට ප්‍රමුඛත්වය දී ව්‍යවසායකයන් දිරිගැන්වීමේ අරමුණ ඇතිව මෙම වැඩපිළිවළ ක්‍රියාත්මක බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
 



අදහස් (4)

ව්‍යවසායකයන්ට මිලියන 750 දක්වා ණය පහසුකම්

Bamunuarachchi Thursday, 23 August 2018 02:53 PM

ව්‍යවසායකයන් රටට එන්නේ කොහොමද ඔහෙලා පටන් ගන්න හදන ව්‍යාපාරවල කොටස් ඉල්ලනවානේ. ඒ මිනිස්සු බංගලි දේශය වගේ රටවලට යනවා. ලංකාවේ ඒ කාලේ හිටපු ව්‍යවසායකයන් දැන් බංගලිදේශයේ ව්‍යාපාර පටන් අරගෙන ඔවුන් දන්නා ඉහළ තනතුරුවල සිටිය අය එහාට ගෙන්වා ගන්නවා.

:       1       121

Gihan Thursday, 23 August 2018 03:20 PM

ඕකෙන් වැඩිහරිය හෙන්චයියන්ට තමා ඉතින්. අර අර්ජුන් ඇලෝශියස් මහතා වගේ..

:       0       114

de silva berlin Saturday, 25 August 2018 05:57 AM

ඔය එක එක බොරු නම් දමමින් පැකේජ හදන්නේ නැතුව, රාජ්‍ය බැංකුවලට කියන්න සියලුම ව්‍යාපාරික ණය වලට පොලි අනුපාතය 8% විතර මට්ටමකට පහළ දමන්න කියලා, ඊට පස්සේ ව්‍යාපාරිකයින්ට කියන්න ඔවුන්ගේ දේපල උකසට තියලා මේ බැංකු ණය ලබාගන්න කියලා.. එතකොට ව්‍යාපාරිකයාට ණය ගෙවන්නේ නැතුව මග හරින්න බැහැ. විදේශිකයින්ට ඇපයක් නැතුව රාජ්‍ය බැංකු වලින් ණය දෙන්න එපා.

:       0       134

sudheera gunasekara Wednesday, 29 August 2018 04:45 AM

මේක තනිකරම බොරුවක් ඡන්ද ගුන්ඩුවක්. මන් එහෙම කියන්නේ මන් බැංකුවෙන් මේ සම්බන්ධව කතා කරපු නිසා.

:       53       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site