IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


‘ ව්‍යවසායකයින්ට තවත් බදු සහන‘ ‘

(ඩයනා උදයංගනී)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් තවත් බදු සහන ලබාදීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා  පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා බලයට පත්වීමෙන් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඇතුළු පාර්ශව සඳහා ඉකුත් නොවැම්බරයේ සිට සරල හා විනිවිදභාවයකින් යුත් බදු ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබූවත් කොවිඞ් 19 වසංගතයේ බලපෑම හමුවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නැවතත් ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ඔවුන්ගේ බදුබර සැහැල්ලු කිරීම මෙහි අරමුණ බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

 ඔවුන් බදු සම්බන්ධ දඩ මුදල්වලින් නිදහස් කිරීමටත්, එම දඩ මුදල් නැවත අයකිරීම ජූලි මාසයේ සිට ආරම්භ කිරීමටත් රජය පසුගියදා තීරණය කළ අතර ඔවුන්ට තවත් බදු සහනදීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට  කැබිනට් රැස්වීමේදී අනුමැතිය හිමිවු බව රමේෂ් පතිරණ මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(25) පැවති මාධ්‍ය හමුව අමතමිනි.

ඒ අනුව චේතනාන්විතව බදු ගෙවීම පැහැරහැරීමක් කර නොමැති බවට දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සෑහීමට පත්වන්නේ නම් 2018/2019 තක්සේරු වර්ෂය දක්වා තක්සේරු මත ගෙවිය යුතු හිඟ ආදායම් බදුවලින් නිදහස් කිරීම, 2019/20 තක්සේරු වර්ෂය සඳහා බදු ගෙවා ඇති ව්‍යවසායකයින්ට නැවත අතිරේක තක්සේරු නිකුත් නොකිරීම, බදු අභියාචනා කොමිෂන් සභාවට අභියාචනයක් ඉදිරිපත් කිරීමේදී බැංකු ඇපකරය හෝ ආපසු නොගෙවන මුදල ගෙවීමට ලබාදෙන කාලය දීර්ඝ කිරීම, හිඟ සහ පැහැර හැර ඇති බදු ගෙවීම සඳහා සහන කාලයක් ලබාදීම, බැංකු වෙත නිකුත් කර ඇති තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම 2021 අප්‍රේල් 30 තෙක් අත්හිටුවීම, ඉකුත් මාර්තු 1 වැනිදා සිට ලබන ජූනි 30 වැනිදා දක්වා කාලයට අදාළ බදු ගෙවීම් හා බදු වාර්තා ලබාදීමට ලබන දෙසැම්බර් 31 වැනිදාට පෙර සිදුකිරීමට අවසරදීම ආදී සහන ඔවුන්ට හිමිවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (4)

‘ ව්‍යවසායකයින්ට තවත් බදු සහන‘ ‘

isuru Saturday, 27 June 2020 06:00 PM

මෙයාගේ මේ කතා කියනකොට මෙයාගේ තාත්තාගේ කතාවක් මතක් වෙනවා.

:       0       0

isuru Saturday, 27 June 2020 06:00 PM

මෙයාගේ මේ කතා කියනකොට මෙයාගේ තාත්තාගේ ස්වීමින් පූල් එක මතක් වෙනවා.

:       0       0

kawidu Saturday, 27 June 2020 06:02 PM

පතිරණ මහත්තයෝ ඔයාලගේ තාත්තලාගේ වැඩ අපිට හොඳට මතකයි හොඳේ...

:       0       0

rana Sunday, 28 June 2020 08:37 AM

මහත්තයෝ මා නිපදවන භාණ්ඩ ගැනීමට පාරිභෝගිකයාට මුදල් නැතිනම් හත්වල‍ාමේ මක්කැයි කරන්නේ? පළමුව ජනතාව අතරට මුදල් යා යුතුයි නේද? ව්‍යවසායකයට මුදල් දීමේ ඵලය මක්කෙයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 792 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site