
මෙරට ව්‍යපාරික විශ්වාසය පසුගිය මැයි මාසයේදී යළිත් ඉහළට පැමිණ ඇතැයි ප්‍රමුඛතම ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව පවසයි. එම සඟරාව මගින් මාසිකව ඉදිරිපත් කරන ව්‍යාපාරික විශ්වාසය පිළිබඳ දර්ශකය (BCI) ඉදිරිපත් කරමින් මේ බව සදහන් කර සිටියි. ඒ අනුව මෙය එම දර්ශකය දැනට මාස දෙකකට පෙර පැවැති මට්ටමට ළගාවීමක් ලෙසත් ඔවුහු පෙන්වා දෙති.
“මෙම ව්‍යාපාරික විශ්වාසය පිළිබඳ දර්ශකය මැයි මාසයේදී පදනම් අංක 24කින් ඉහළ නැග ඒකක 196ක් දක්වා ඉහළ නැග තිබෙනවා. අප්‍රේල් මාසයේදී එය පැවතුණේ 172 ක මට්ටමේ. විශේෂයෙන්ම මැයි මාසයේ පැවැති පළාත් පාලන මැතිවරණය ඊට හේතු වුණා. මෙම දර්ශකය මෙතෙක් පත් වූ ඉහළම අගය පසුගිය පෙබරවාරි මාසයේදී ඒකක 204ක් දක්වා ඉහළ නැග තිබුණා. ඒ වගේම මාර්තුවේදී එය 197ක් ලෙස ශක්තිමත්ව පැවතියා.“ යනුවෙන් LMD සඟරාව වැඩිදුරටත් පවසයි.
එසේම මෙම මාසයේදී එළිදැක්වීමට නියමිතව ඇති LMD සඟරාවේ ජූනි සංස්කරණය තුළ මෙම වාර්තාව සවිස්තරාත්මක ඇතුළත්ව තිබෙන බව එම සඟරාව සදහන් කරයි.
“වර්තමානයේදී පවතින උච්ඡාවචනයන් අතරේ වුවද මෙම ව්‍යාපාරික විශ්වාසය පිළිබඳ දර්ශකය යම් ඉහළ මට්ටමක පැවතීම ගැන සතුටු වෙනවා. එය එතෙක් මෙතෙක් මෙම දර්ශකයේ මධ්‍යයන අගය වූ ඒකක 124 ට වඩා අංක 72ක් ඉහළින් වගේම මාස 12ක සාමාන්‍යය වන ඒකක 152 ට වඩා අංක 44ක් ඉහළින් පවතිනවා.“ සඟරාව පවසයි. පසුගිය වසරේ මැයි මාසයේදී මෙම දර්ශකය ඒකක 99 ක් ලෙස සටහන්ව තිබුණී.
2025 නොවැම්බර් මස 04
42
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2004
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1557
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ව්‍යාපාරික විශ්වාසය මැයි මාසයේදී නැවතත් ඉහළට - LMD සඟරාව