IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


‘ව්‍යාපාර සංවර්ධනය දිරිමත් කරන්න අයවැය යෝජනා සාධනීයයි’

(නිමල කොඩිතුවක්කු)

රටතුළ ව්‍යාපාර සංවර්ධනය දිරිමත් කිරීම සඳහා මෙවර අයවැය යෝජනා සාධනීය පියවරක් බව ශ‍්‍රි ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති සුජීව සමරවීර මහතා අද (13) පැවසීය.

අයවැය යෝජනා මගින් රජය හදුන්වාදී ඇති ව්‍යවසායක ශ‍්‍රි ලංකා සංකල්පය ප‍්‍රශංසනීය වැඩපිළිවලක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ව්‍යවසායක ශ‍්‍රි ලංකා ණය යෝජනා ක‍්‍රමය  සහ කෘෂි ක්ෂේත‍්‍රය සංවර්ධනය මෙන්ම  කාන්තා සහ තරුණ ව්‍යවසාය සංවර්ධනය කිරීමට රජය යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අංශයේ මූල්‍ය අවශ්‍යතා සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කරමින් සංවර්ධන බැංකුවක් පිහිටුවීමටත් රජය යෝජනා කර තිබෙනවා.

මෙම සියළු කාරණාවලට අමතරව මෙවර අයවැයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ  ණය ලබාගැනීමේ ධාරිතාව පුළුල් කිරීමේ අපේක්ෂාවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ණය පහසුකම් අරමුදලක් ස්ථාපිත කිරීමටත් යෝජනා කර තිබෙනවා. ව්‍යවසායකයන් දිරිමත් කිරීම සඳහා ගෙන ඇති හොඳ යෝජනා හැටියට මේවා හදුන්වාදිය හැකියි.

නීල ආර්ථිකය වැඩසටහන යටතේ ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා යටිතල පහසුකම් සංවර්ධනය සදහා වූ යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ධීවර ක්ෂේත‍්‍රයට අමතරව වෙනත් ක්ෂේත‍්‍ර සදහාත් මෙවැනි යෝජනා හදුන්වා දී තිබෙනවා.

මහනුවර, ගාල්ල, අනුරාධපුරය සහ යාපනය  යන නගර සදහා යෝජිත සංවර්ධන ව්‍යාපෘති මගින්  එම කළාප සදහා ආර්ථික ප‍්‍රතිලාභ ඇතුළත් කර තිබෙනවා.  එමගින් එම කලාපයන් සඳහා අවශ්‍ය සමාන සංවර්ධන අවස්ථා සැපයීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම  රටතුළ ජාතික සංහිදියාව ස්ථාපිත කිරීම සදහාත් මෙය ඉවහල් වනවා. 

මාර්ග පද්ධතිය සහ යටිතල පහසුකම් රටේ ආර්ථිකය කෙරෙහි බලපෑම් එල්ල කෙරෙනවා. රජය මෙවර අයවැයෙන් ඒ සදහාත් වැඩි අවධානයක් යොමු කර තිබෙනවා. ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති ඒ අතරින් සුවිශේෂයි. එමෙන්ම සියලූ විද්‍යුත් වාහන සඳහා බදු අඩුකිරීමට පියවර ගැනීම ඉතා සාධනීය තීරණයක්. 

කෙටිකාලීන  තාවකාලික ආදායම් ප‍්‍රතිපත්ති වලට වලට වඩා මධ්‍ය කාලීන ආදායම් ප‍්‍රතිපත්ති යෝග්‍ය බව අපේ අදහසයි. අමතර බදු ඉවත් කරමින් ආයෝජනය සදහා පැහැදිලි පසුතලයක් ඇති කිරීමට රජය ගන්නා උත්සාහය අගය කළ යුතුයි. 



අදහස් (0)

‘ව්‍යාපාර සංවර්ධනය දිරිමත් කරන්න අයවැය යෝජනා සාධනීයයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 420 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 449 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 408 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site