IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


වනමන්දාව දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනයට වයඹ විජයාභිමානී සම්මාන

වනමන්දාව දේශීය ආයුර්වේද නිෂ්පාදන ආයතනය වයඹ පළාත් කර්මාන්ත සේවා කාර්යංශය සංවිධානය කළ වයඹ විජයාභිමානී සම්මාන උළෙලේදී විශිෂ්ටම ව්‍යාපාරය (කර්මාන්ත හා නිෂ්පාදන ක්ෂේත්‍රය - සුළු පරිමාණ අංශය) ලෙස සම්මාන ලැබුවේය. 

වනමන්දාව ආයුර්වේද ඖෂධ සමාගම වෛද්‍ය ශිරෝමණී, වෛද්‍යාචාර්ය පී. ජී. සෝමරත්න මහතා විසින් 1960දී ගිරිඋල්ල ප්‍රදේශයේ පීනස් රෝග සඳහා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කරන ලද අතර ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වූ වෛද්‍ය පී. ජී. අනුර කුමාර සෝමරත්න මහතා 1988දී වනමන්දාව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය සහ ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනය ඇරැඹුවේය. 

සාම්ප්‍රදායික ආයුර්වේද ශිල්ප ක්‍රම සහ නවීන තාක්ෂණය එකට මුසු කරන එම සමාගම පාරම්පරික වට්ටෝරු භාවිත කරමින් උසස් තත්වයේ ඖෂධ නිපදවයි. ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයට පිළියමක් ලෙස එම සමාගම 2005දී හොරගොල්ල සහ හබරණ ප්‍රදේශවල ඖෂධ පැළෑටි වගා කිරීමේ ව්‍යපෘති ඇරැඹීය. වෛද්‍ය සෝමරත්න මල්ලවාරච්චි මහතා සභාපතිත්වය දරන වනමන්දාව දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනය හීන්බෝවියා-පිටවක්කා පෙති, මුරුංගා පෙති, ස්ලිම් කරල්, බ්‍රාහ්මී පෙති, දියවැඩියා පෙති ඇතුළු පුළුල් පරාසයක ඖෂධ නිපදවයි. වනමන්දාව සමාගම් සමූහයට අනුබද්ධ සමාගමක් වන වනමන්දාව සෝමරත්න වෙද මැදුර උසස් තත්වයේ පාරම්පරික සහ නවීන ආයුර්වේද ප්‍රතිකාර සපයන ආයතනයකි. 



අදහස් (0)

වනමන්දාව දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ආයතනයට වයඹ විජයාභිමානී සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2083 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1594 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site