24 වසරක බදු ගිවිසුම සඳහා වන ගෙවීම රුපියල් මිලියන 50ක්
භානුක අමරසිංහ
වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම ක්‍රියාත්මක කරන මෙගාවොට් 100ක ධාරිතාවකින් යුත් රිවිදනවි සූර්ය බලශක්ති ව්‍යාපෘතිය වෙනුවෙන් අවශ්‍ය වන ඉඩමක් සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියත් සමගින් වසර 24ක කල්බදු එකඟතාවකට පැමිණි බව පවසයි.
ඊට අදාළ එකඟතාව පසුගිය ඔක්තෝබර් 10 වැනිදා දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම සිදු කර තිබේ. මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රදේශයේ කොටියාගල පිහිටි ඉඩමක් මෙලෙස කල්බදු පදනම යටතේ මිලදී ගැනීමට සමාගම පියවර ගෙන තිබේ. මෙම මිලදී ගැනීම සඳහා වන සම්පූර්ණ කුලී මුදල රුපියල් මිලියන 50ක් වන බවත් සමාගම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd