IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදෙස් සංචාරයන්ට එවර්ග්‍රීන් තේ ප්‍රදර්ශනාගාරයක් ඇල්පිටිය වතුරවිලදී

කරන්දෙණිය එම්.සුසිල් පියන්ත සහ පිටිගල ඩී.ජේ.විජේසිංහ

මෙරටට පැමිණෙන විදෙස් සංචාරයන්ට එවර්ගීන් තේ නිෂ්පාදන අලෙවි කිරීමේ අරමුණින් එවර්ග්‍රීන් තේ ප්‍රදර්ශනාගාරයක් ඇල්පිටිය වතුරවිලදී විවෘත කෙරිණ.

එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහයේ සභාපති අනුර ද සිල්වා, උප සභාපතිවරුන් වන සෙනාල් ද සිල්වා,විනෝද් ද සිල්වා,අධ්‍යක්ෂවරුන් වන සාගරිකා ජයසිංහ,තරුෂ ගීගනගේ නියෝජය සාමාන්‍යාධිකාරී ලසන්ත අල්විස් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනාගාරය විවෘත කෙරිණ.

මෙම ප්‍රදර්ශනාගාරයේ විදෙස් සංචාරක තේ ප්‍රවර්ධන නිලධාරී ලෙස විශ්‍රාමික තේ නිලධාරියකු වන අශෝක හේවාවසම් මහතා පත් කොට තිබේ.

මෙරට සංචාර සඳහා ලෝකය වටෙන්ම එන විදෙස් සංචාරකයන්ට එවර්ගීන් තේ නිෂ්පාදන අලෙවි කිරීම සහ එම සංචාරකයන් උපයෝගී කොට ගෙන ලෝකය පුරා ලංකාවේ තේ ප්‍රසිද්ධ කිරීම මෙම ප්‍රදර්ශනාගාරය ආරම්භ කිරීමේ මුඛ්‍ය පරමාර්ථය බව එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහයේ සභාපති අනුර ද සිල්වා මහතා කීය.

මේ තේ අලෙවි ප්‍රදර්ශනාගාරය සඳහා පැමිණෙන විදෙස් සංචාරකයන්ට ප්‍රදර්ශනය සඳහා තබා ඇති තේ සාම්පල් ඒ අවස්ථාවේදීම පානය කොට තමන් කැමැති තේ අවශ්‍ය තොග මිලදී ගැනීමේ පහසුකම් සපයා ඇති බවද අනුර ද සිල්වා මහතා කීවේය.

එමෙන්ම මේ තේ අලෙවි ප්‍රදර්ශනාගාරයට එක් වතාවක් පැමිණෙන විදෙස් සංචාරකයකුට යළිත් වතාවක් ඔහු පමණක් නොව තවත් අය සමග පැමිණීමට උනන්දුවක් ඇතිවන අයුරින් ඉතාම චිත්තාකර්ශනීය ලෙස මේ මධ්‍යස්ථානය ස්ථාපිත කොට ඇති බවද සිල්වා මහතා වැඩි දුරටත් කීවේය.

අපේ රටට තේ වලින් ඩොලර් වැඩි වැඩියෙන් අද්දවා ගැනීමට නම් එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහය ඇල්පිටිය වතුරවිලදී විදෙස් සංචාරකයන් සදහා ආරම්භ කෙරුණු තේ නිෂ්පාදන අලෙවි කිරීමේ ප්‍රදර්ශනාගාර ලංකාව පුරාම විවෘත කිරීම කාලෝචිත ක්‍රියාවක් බවත් විශේෂයෙන්ම විදෙස් සංචාරක පාරාදීස පාදක කොට ගෙන එම මධ්‍යස්ථාන ආරම්භ කිරීම ඉතා යෝග්‍ය බවත් විශ්‍රාමික තේ නිලධාරී අශෝක හේවාවසම් මහතා කීය.

එවර්ග්‍රීන් තේ කර්මාන්ත ශාලා සමූහය ඇල්පිටිය වතුරවිලදී ස්ථාපිත කරන ලද එවර්ගීන් තේ නිෂ්පාදන අලෙවි ප්‍රදර්ශනාගාරය විවෘත කෙරුණු අවස්ථාව ඡායාරූපවල දැක්වේ.



අදහස් (0)

විදෙස් සංචාරයන්ට එවර්ග්‍රීන් තේ ප්‍රදර්ශනාගාරයක් ඇල්පිටිය වතුරවිලදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site