භානුක අමරසිංහ
මෙරට විදේශ සේවාව මගින් රටවල් කිහිපයකට අලුතින් පත් කරන ලද තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් මහතා අතර හමුවක් පසුගියදා පැවැත්වී තිබේ.
ශ්‍රී ලංකාව වෙත තවදුරටත් ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා එම තානාපතිවරුන්ගෙන් ලබාදිය හැකි දායකත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරී ඇත.
ඒ අනුව අලුතින් පත්වීම් ලැබූ මෙම තානාපතිවරුන් සහ රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයන් මගින් නව විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා ඉලක්ක ගත අලෙවිකරණ මුලපිරීම් ඇතුළු ප්‍රවර්ධන කටයුතු කිරීමේ වැදගත්කම සභාපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.
විශේෂයෙන්ම ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ආර්ථික තත්වයේ ඇති යහපත් බව මෙහිදී සාකච්ඡා කෙරී තිබේ. එහිදී මුදල් විනිවිදභාවය, වඩාත් ස්ථාවර සහ විශ්වාසය තැබිය හැකි මුදල් සැපයුමක් සඳහා වන මහ බැංකුවේ දායකත්වය යනාදිය වඩාත් යහපත් මිල ස්ථාවරත්වයක් සහ ශක්තිමත් ආර්ථික පරිසරයක් ඇති කිරීමට හේතුවක් වී තිබෙන බව මෙහිදී පෙන්නුම් කර තිබේ.
ඒ අනුව රටෙහි පවතින මෙම තත්වය විදේශ සේවාව සඳහා අලුතින් පත් වූ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය සඳහා යහපත් වේදිකාවක් නිර්මාණය කර තිබෙන බවත් ආයෝජන මණ්ඩලය සඳහන් කරයි.
මෙම කටයුතු හරහා 2024 වසරේදී පැවැති ඩොලර් බිලියන 7ක විදේශ මුදල් සංචිතය, 2025 වසරේදී ඩොලර් බිලියන 8ක් දක්වා වර්ධනය කරගැනීමත් අපේක්ෂාව බවද BOI සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.
2025 දෙසැම්බර් මස 18
528
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් ආයෝජන නංවන්න ආයෝජන මණ්ඩලය අලුත් තානාපතිවරුන් සමග සාකච්ඡාවක්