IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


විදේෂ ආයෝජන ආකර්ෂණයට එලදායී කම්කරු ප්‍රතිසංස්කරණ අවශ්‍යයි

  • ගෝලීය ආයෝජකයන් සමග කටයුතු කරන සෑම අවස්ථාවකදීම කම්කරු නීති සහ කුසලතා ලබා ගැනීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්න 
  • එම ප්‍රශ්න රටක ආර්ථික වර්ධනය සහ භූ දේශපාලනයටත් උඩින්
  • කලාපයේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව කුසලතාවලින් පරිපූර්ණ ශ්‍රම බළකායක් ශ්‍රී ලංකාවේ
  • ශ්‍රම ඵලදායිතාව, කාර්යක්ෂමතාව සහ සංචලතාව රටක තරගකාරිත්වයට අවශ්‍ය මූලික කරුණු
  • විදේශීය ප්‍රජාව බලමුළු ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවට තවත් බොහෝ දේ කළ හැකියි

චාරුමිණී ද සිල්වා

ශ්‍රී ලංකාව තම අපනයන අංශයට විදේශ ඍජු ආයෝජන සහ අපනයන සංවර්ධන උපාය මාර්ග ආකර්ෂණය කර ගැනීම සඳහා ඵලදායී කම්කරු ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව ඉන්වෙස්ට් ඉන්ඩියාහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දීපක් බග්ලා මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ගෝලීය ආයෝජකයන් සමග කටයුතු කරන සෑම අවස්ථාවකදීම කම්කරු නීති සහ කුසලතා ලබා ගැනීමේ හැකියාව පිළිබඳ ප්‍රශ්න මතුවන බවත් ආයෝජන පිළිබඳ තීරණ ගැනීමේදී නගන ප්‍රධාන ප්‍රශ්න 3 අතර එම ප්‍රශ්න දෙක තිබෙන බවත් බග්ලා මහතා පැවැසුවේය. එම ප්‍රශ්න දෙක රටක ආර්ථික වර්ධනය සහ භූ දේශපාලනයටත් උඩින් තිබෙන බවත් ඔහු ප්‍රකාශ කළේය.

කලාපයේ අනෙකුත් රටවල්වලට සාපේක්ෂව කුසලතාවලින් පරිපූර්ණ ශ්‍රම බළකායක් ශ්‍රී ලංකාවට සිටින බවත් එය ශ්‍රී ලංකාවට අනෙක් රටවල්වලට සාපේක්ෂව වාසියක් අත්කර දෙන බවත් ඔහු පැවැසුවේය. කුසලතාවලින් හෙබි ශ්‍රම බළකායට හොඳ කම්කරු නියාමනයකින් සහ මෙහෙයුම් පරිසරයකින් සහාය ලැබුණහොත් මෙරට ශ්‍රම ඵලදායීතාව මෙන්ම තරගකාරිත්වයද වැඩිදියුණු කරගත හැකි බව ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රම ඵලදායිතාව, කාර්යක්ෂමතාව සහ සංචලතාව රටක තරගකාරිත්වයට අවශ්‍ය මූලික කරුණු බව බග්ලා මහතා පැවැසුවේය. විදේශයන්හි සිටින ඉන්දීය ජාතිකයන් සමග සම්බන්ධ වී ඉන්දියාව කටයුතු කරන ආකාරය පිළිබඳව පෙන්වා දෙමින් බග්ලා මහතා ප්‍රකාශ කර සිටියේ විදේශීය ප්‍රජාව බලමුළු ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවට තවත් බොහෝ දේ කළ හැකි බවයි. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් ඒ ඒ රටවල සැලකිය යුතු තනතුරු ගණනාවක් හොබවන බවද ඔහු පැවැසුවේය.

ප්‍රයෝගික මාර්ග ඔස්සේ විදේශයන්හි සිටින ඉන්දීය ජාතිකයන් එරට දේශීය ආර්ථිකය සමග සම්බන්ධ කරගෙන තිබෙන බවත් විදේශ රටවල සිටින ඉන්දීය ජාතිකයන් සමග සම්බන්ධ වී කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛතාව ලබා දී තිබෙන බවත් බග්ලා මහතා ප්‍රකාශ කළේය. සම්පත්, ජාල සහ විශේෂඥතාව ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවටද එවැනිම ප්‍රවේශයක් අනුගමනය කළ හැකි බව ඔහු පැවැසුවේය.

ඉන්දියාව ක්‍රියාත්මක කළ කම්කරු ප්‍රතිසංස්කරණ පෙන්වා දෙමින් බග්ලා මහතා කියා සිටියේ සංකීර්ණ, යල් පැනගිය සහ ඛණ්ඩනය වූ කම්කරු නීති කලක් එහි ආයෝජනවලට බාධා එල්ල කළ බවයි. කම්කරු නීති සරල කිරීම සහ කාලයට උචිත පරිද්දෙන් වෙනස් කිරීම මෙන්ම ඒවා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම ඉන්දියාවට ඍජු විදෙස් ආයෝජන ලබා ගැනීමට, රැකියා උත්පාදනයට සහ ආර්ථික වර්ධනය සහාය වූ ආකාරය එහිදී ඔහු විස්තර කළේය.

පුළුල් දැඩි ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් ඉන්දියාව මෙම බාධක ජයගත් බවත් ඒ සඳහා 2014 වසරේ “මේක් ඉන් ඉන්දියා”‍ තේමාව යටතේ ක්‍රියාත්මක කළ මුලපිරීමෙන් ප්‍රතිපත්ති, රෙගුලාසි සහ නීති 50,000 කට අධික සංඛ්‍යාවක් සමාලෝචනය සහ සංශෝධනය කළ බව ඔහු පෙන්වා දුන්නේය. ඉන්දියාවේ ව්‍යාපාර කිරීමේ පරිසරය වැඩිදියුණු කිරීම එම මෙහෙයුමේ අරමුණ වූ බව ඔහු ප්‍රකාශ කළේය.

මෙම පියවර මගින් ඉන්දියාවේ ගෝලීය ශ්‍රේණිගත කිරීම් සහ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකයක් ලෙස කීර්තිය සැලකිය යුතු ලෙස වැඩිදියුණු වූ බව බග්ලා පෙන්වා දුන්නේය. ඉන්දියාවේ ඍජු විදෙස් ආයෝජන වැඩිදියුණු වීමෙන් ව්‍යාපාරවලට උචිත පරිසරයක් තිබෙන රටවල් පිළිබඳව ලෝක බැංකු ශ්‍රේණිගත කිරීමේ 140 ගණන්වල සිට 60 ගණන් දක්වා සැලකිය යුතු ලෙස ඉදිරියට පැමිණීමට හැකියාව ලැබුණු බවද ඔහු පැවැසුවේය.

ඩේලි එෆ්ටී පුවත්පත, වරලත් සහතිකලත් ගණකාධිකාරීවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය, ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය, කොළඹ විශ්වවිද්‍යාලයේ MBA ආදි ශිෂ්‍ය සංගමය සහ ලංකා සේවායෝජකයන්ගේ සම්මේලනය ඇතුළු තවත් පාර්ශ්ව දෙකක් එකතුව සංවිධානය කරන ලද මාර්ගගත සම්මන්ත්‍රණයකදී ඉන්වෙස්ට් ඉන්ඩියාහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී දීපක් බග්ලා මහතා මෙම අදහස් පැවැසුවේය.

 



අදහස් (0)

විදේෂ ආයෝජන ආකර්ෂණයට එලදායී කම්කරු ප්‍රතිසංස්කරණ අවශ්‍යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 615 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site