( තිළිණි ද සිල්වා )
දේශීය සංචාරකයින් නොමැතිව , විදේශීය සංචාරකයින් සදහා පමණක් අවන්හල් සහ හෝටල් පවත්වා ගෙන යන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
එවැනි අවස්ථාවක ආයතනයක් වැරදිකරු වුවහොත් එවැනි ආයතනවල බලපත්‍ර අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට සංචාරක සංවර්ධන අධිකාරිය පියවර ගන්නා බවත්, එම ප්‍රදේශවල නව බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගන්නා බවත් සභාපතිනිය වැඩිදුරටත් පැවසුවාය.
"විදේශිකයින්ට පමණයි’ ප්‍රතිපත්තිය යටතේ හික්කඩුව සහ අරුගම්බේ යන ප්‍රදේශවල ඇතැම් අවන්හල් සහ හෝටල්වලට ඇතුළුවීමට ඉඩ නොදෙන බවට දේශීය සංචාරකයින් විසින් පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, එලෙස දේශීය සංචාරකයින්ට වෙනස්කම් කරන හෝටල් හා අවන්හල් වලට එරෙහිව මෙම ක්‍රියාමාර්ග ගන්නා බවද සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය කියා සිටියාය.
අපේ ව්‍යවස්ථාවෙන් සියලුම පුරවැසියන්ට සමාන අයිතියක් ලබා දී ඇති බවත් , ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය හෝ එවැනි හේතුන් මත කිසිදු පුද්ගලයෙකුට සාප්පු, පොදු අවන්හල්, හෝටල්, පොදු විනෝදාස්වාද ස්ථාන වෙත ප්‍රවේශ වීම සම්බන්ධයෙන් කිසිම කොන්දේසියකට යටත් වීමට අවශ්‍යතාවයක් නැතැයිද අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.
විදේශීය සංචාරකයින් අඩු සමයේදී සහ පාස්කු ඉරිදා ප්‍රහාර වැනි ඕනෑම දුෂ්කර කාලයකදී සංචාරක කර්මාන්තයට සහාය වන්නේ දේශීය සංචාරකයින් බැවින් එවැනි වෙනස්කම් කිරීම වළක්වා ගන්නා ලෙස අධිකාරිය සංචාරක හෝටල් වල නිරත ව්‍යවසායකයින් ගෙන් ඉල්ලා සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් හික්කඩුවේ තියෙනවා. මේවගේ තැන් පොඩ්ඩක් හොයලා බලන්න.
නෝනේ , ඔය වගේ හෝටල් දැන් රට පුරාම තියනවා , මේවා කොටු කර විදේශීකයින්ට පමණි , ඔබේ සංචාරක ව්‍යාපාරය ගැන දැනුම මදි වගේ නේ ?
ඔන්න. ඔය හෝටල්වල තමයි කුඩු සහ හැම නීතිවිරෝධී ක්‍රියාවක්ම විදේශිකයන් සමග කරගෙන යන්නේ..
එතකොට ලංකාවේ ඓතිහාසික ස්ථාන නරඹන්න විදේශිකයින්ගෙන් ඩොලර් තිහ හතළිහකුත්, ලාංකිකයින්ගෙන් රුපියල් දෙතුන් සීයකුත් අයකිරීම ඔය කියන සමාන අයිතිවාසිකම් ගණයට වැටෙන්නේ නැද්ද?
ඊයේ ජනවාරි 1 රාත්‍රී කෑමට මමත්, මගේ සහෝදර සහෝදරියන් සහ දූදරුවනුත් සමග මීගමුවේ හෝටලයකට කෑමට ඇතුල් වුණා. එ්කේ නම රෙජීස් ගෙස්ට් හවුස් .. වටේම තියෙන්නේ සංචාරකයන් සඳහා ප්‍රමුඛත්වය දෙන අවන්හල් සහ හෝටල්.. ඉතින් මේ ස්ථානයේ පිළිගැනීමේ කටයුතු බාරව ඉන්න සේවකයාට අපි කිව්වා 16 දෙනෙකුට ආසන පනවලා දෙන්න කියලා. එතකොට සේවකයන් කිව්වා ලෝකල් කට්ටියට මෙහෙ සර්විස් දෙන්නේ නැහැ... මෙහෙ පිටරට කට්ටියට විතරයි කෑම දෙන්නේ කියලා. පස්සේ අපි එකේ මැනේජර්ගෙන් ඇහුවා මොකක්ද ඒ හේතුව කියලා .. මිනිහා මොකුත් කිව්වේ නැහැ අපිව වැඩියේ ගණන් ගත්තේ නැහැ. වෙන තැනක් බලන්න කිව්වා. මමත් අපේ පවුලේ තව කීපදෙනෙකුත් ඉන්නේ ව්‍යාපාරික අංශයේ... අපේ දරුවන් 3 දෙනෙක් ඉන්නේ ජපානේ රැකියාවල... එක දරුවෙක් රේගුවේ... තව දරුවෙක් විශ්ව විද්‍යාලේ.. අපේ අම්මට වයස 85. අම්ම අඳින්නේ චීත්තේ සහ හැට්ටේ ගෙදරට. ඉතින් අපි හදිසියේ එකතුවෙලා ගෙදරට හිටපු විදියටම තමයි ඔය ස්ථානයට ගියේ... මැනේජර් අම්මා දිහා බලලා තමයි ගොඩක් අපිට එතන අවස්ථාව දුන්නේ නැත්තේ... අපි 1 වැනිදා නිසා බැන්නේ නැහැ. මගේ බිරිඳ ජපන් ජාතිකයෙක්... එ්ත් ඇය මේ වතාවේ ලංකාවේ හිටියේ නැහැ...
ඔහොම තැන් මීගමුවේ කොච්චර තියෙනවද..? කවුරුන් හෝ කොම්ප්ලේන් කළොත් වහාම අල්ලලා දඩ ගහන ක්‍රමයක් තමයි ඕනෑ. සාක්කි ඉදිරිපත් කරන්න තියෙනවා නම් එවෙලේම දඩ ගහන්නත් පුළුවන්නේ... පොලිසියට වගේ.. මීගමුවේ වැල්ලවීදිය පාරේ තියෙන රෙජිස් ගෙස්ට් හවුස් අවන්හලත් ලෝකල් කට්ටියට ඉඳගන්න දෙන්නේ නැහැ...
ඇතුලට ගත්තටම මදි. ආවට පස්සේ දේශීය සංචාරකයන්ට කුඩම්මාගේ සැලකිලි දෙන හෝටල් ගැනත් දැඩි තීරණ ගන්න ඕනේ.
හෝර්ටන් තැන්නේ ඉන්නවා මේ වගේ රොත්තක්ම. හරියට හෝර්ටන් තැන්න අම්මගෙ, අප්පගේ බූදලේ වගේ හිතාගෙන.. ලංකාවේ මනුස්සයෙක් ආවොත් දඟලනවා හරියට භූමිතෙල් ගෑවිච්ච ගැරඬි වගේ..
ඒ වගේම විදේශිකයින්ගෙන් අසාධාරණ ලෙස අය කරන සහ දේශීය අයට එක ගාණකුත්, විදේශීය අයට තව ගානකුත් අය කරන හෝටල් සහ සංචාරක ස්ථානවලටත් මොනවා හරි කරන්න ඕනෑ.
ඔය කියන නීතිකාරයන් නුවරඑළිය පැත්තේ යනවා නම් අර ලබුකැලේ වත්තේ අවන්හල් දෙකටම ගිහිල්ලා බලන්න. කට්ටියක් ගම්බද අය වගේ අලුත් ගොඩනගිල්ලට යන්න. ඇතුල්වෙනකොට දොර හරස් කරයි. එසේ කරලා පරණ ගොඩනැගිල්ලට යන්න කියයි.
අනෙක ලංකාවට වැඩියෙන් එන්නේ හොද සල්ලිකාර සංචාරකයින්ට වැඩිය යන්තමින් යැපෙන අය. ලංකාවේ දේශීය සංචාරකයන්ට ඊට වඩා වියදම් කරනවා. අනෙක ඔය තැන්වල විදේශිකයන් කිව්වට ලංකාවට අන්ත අප්‍රිකානු රටවල සංචාරකයන් ට දොර ඇරෙනවද? නැහැනේ. ඔය විදේශිකයන් කියන්නේ හම සුදුනම් පමණයි. වයිට් ඔන්ලි වගේ පරගැති තත්වයක් ඕක.
ලෝකයේම ප්‍රසිද්ධ ඉන්දුනීසියාවේ බාලි දූපතේ ඕනෑම දේශයක කෙනෙකුට ඕනෑම හෝටලයකින් සේවය සපයනවා.
මේ කතා ඔක්කොම ඇත්ත. එත් ඇයි දේශීය සංචාරකයන්ට පහසුකම් නොදෙන්නේ ඇයි කියන එකත් හිතල බලන්න ඕන.
මන් දැක්කා නුවර දුම්රිය ස්ථානයේ විදේශිකයින්ට පමණයි කියලා වැසිකිලියක් තියෙනවා. මන් විදේශිකයෙක් නිසා ප්‍රශ්නයක් වුනේ නැහැ. තාම තියෙනවද නම් දන්නේ නැහැ...
අපේ රටේ ජනතාවට ගරහන මෙවැනි හෝටල්වලට අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.
පිටින් එන සංචාරකයෙක් හින්දා තමන්ගේම රටේ මිනිස්සුන්ව ඇතුළට ගන්නේ නැත්නම් අපේ රටේ අයට කොහොම සැලකුවාම මොකද අනේ....?
මේවගේ සීන් දකින සුද්දන්ට අනික් පැත්තෙනුත් හිනා යනවා ඇතිනේ...
ලසන්ත, සුද්දන්ට විතරක් නොවෙයි මටත් ඕක වෙනවා මේවා දැක්කාම මීගමුවේත් වුණා. අාරුගම්බේදීත් වුණා. තවත් වෙයි. තැන්තැන් වලදී...
ඩුබායි වල ලෝකල් අයට දීලා තමයි විදේශිකයින්ට කන්න දෙන්නේ... තමුන්ගේ අය හරියට හැසිරෙන්නේ නැත්නම් නීති දමන්න. ෆොර්මල ඩ්‍රෙස් කෝඩ් නම් ඒකත් කමක් නැහැ. නමුත් ඇතුළුවීම තහනම් කිරීම නම් කැතයි.
මේ ප්‍රශ්නයට කෙළින්ම සම්බන්ධ නැතත් අපේ රටේ තවත් අවන්හල් මාෆියාවක් හොඳින් කෙරීගෙන යනවා. වසර කිහිපයකට පෙර මම මගේ ප්‍රංශ බිරිඳත් සමග පේරාදෙණියේ උද්භිද උද්‍යානය නරඹා දිවා ආහාරය සඳහා ඒ ලඟම පිහිටි අවන්හලකට ගොඩවැදුණා. සප්පායම් වීමෙන් පසුව බිල ගෙනඒමට පෙර වේටර් මගේ කනට කොඳුරා රහසක් කීවා.. "සර් බිලක් හැදුවොත් මුළු ගණනම ගෙවන්න වෙනවා. සර් බාගයක් ගෙවන්න, අපි බිල නොහදා ඉන්නම්". එම අවන්හලට ලැබිය යුතු මුළු අදායම යන්නේ කොහාටද කියා සිතා ගැනීමට මම ඔබට බාර කරමි. එම ස්ථානය තවමත් තිබේ දැයි නොදනිමි.
නමුත් අපේ ගොඩක් දේශීය සංචාරකයින් හෝටල්වලට ගිහිල්ලා සංවරව හොටෙල් එක පාවිච්චි කරන්න නැහැ. විදේශීය අයෙක් පාවිච්චි කල table එකක් පොඩ්ඩක් වෙනස් කරලා ආපසු වෙන කෙනෙකුට දෙන්න පුලුවන් .... නමුත් සමහර අපෙ අය කාපු දේවල්. පුදුම අසහනයකින් ඒවා පාවිච්චි කරන්නේ කියලා තේරෙනවා. මේ ෆීල්ඩ් එකේ අය හොඳින් දන්නවා... පූල් එකට සබන් ගාගෙනත් සමහර අය පනිනවා. ක්ලීන් කරන්න ලොකු මහන්සියක්, වියදමක් යනවා. ඒ වගේ තැනක් පාවිච්චි කරන්න උගන්වන ක්‍රමයක් රටේ තියනවා නම් හොඳයි.
බොහෝ ආයතන "සුද්දන් වන්දනාව " තමයි කරන්නේ... අපේ සල්ලි සල්ලි නෙමෙයිද?
අපේ අය කාලා වනසලා යනකොට සුද්දෝ එන්නේ නෑ.
ඇත්තටම ලංකාවේ සෑම තැනින්ම පිට රටියන්ගෙන් වැඩිය අයකරනවා. දෙහිවල සත්තුවත්ත, පින්නවල අලි අනාථාගාරය. සිගිරිය, දඹුල්ල සහ නුවර දළදා මාලිගාවත් පිට රටියන්ගෙන් වැඩිය අයකරනවා නේද? ඒ වැනි ආකාරයට වැඩිය අයකරන්න මෙරටේ නීතියෙන් තහනම්. සැමට එකම මිලයි.