IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


විදේශගත ලාංකිකයෝ පෙබරවාරියේ ඩොලර් මිලියන 548.1ක් එවලා


විමුක්ති එස් රුද්‍රිගු


රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 548.1 මුදලක් පසුගිය මාසයේදී ශ්‍රී ලංකාවට ඒවා ඇති අතර එය පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 15.1 ක වැඩි වීමකි.

රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 476.2 ක මුදලක් මෙරටට ඒවා තිබිණි. ඒ සමග මෙම වසරේ ජනවාරි සහා පෙබරවාරි යන මාස 2 ක තුළදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,121.1 ක් වන අතර එය පසුගිය වසරේ මෙම කාලයට සාපේක්ෂව සියයට 16.3 ඉහළ යාමකි.

පසුගිය වසරේ පළමු මාස 2 ක තුළදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට එවූ මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 963.7 කි. මෙම වසරේදී ශ්‍රී ලංකාව ලබා ඇති මෙම ප්‍රගතියට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් බැංකු හරහා මෙරටට මුදල් එවීමට පෙළඹීම ප්‍රධාන වශයෙන් හේතුවී ඇත. වාර්තාගත පිරිසක් විදේශ රැකියා සඳහා මෙරට හැර යාමෙන් පසුව පසුගිය වසර පුරාවට විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර එය වසර හයකට පසුව වාර්තා කළ වැඩිම අගයද විය.

එසේම එය පසුගිය වසර සාපේක්ෂව සියයට 10 ක ඉහළ යාමකි. 2023 වසරේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 6 කට ආසන්න මුදලක් ඒවා තිබිණි. ආර්ථික අර්බුදයෙන් ගොඩ එන ශ්‍රී ලංකාවේ ඉහළම විදේශ විනිමය ආදායම් උපයන මාර්ගයක් වන්නේද විදේශ ප්‍රේෂණය. 

 



අදහස් (0)

විදේශගත ලාංකිකයෝ පෙබරවාරියේ ඩොලර් මිලියන 548.1ක් එවලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site