විමුක්ති එස් රුද්‍රිගු
ශ්‍රී ලංකාවේ නිල විදේශ සංචිතවල ප්‍රමාණය වාර්තා කර ඇත්තේ සත්‍ය වශයෙන් තිබෙනවාට වඩා ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.4කට වැඩි අගයකින් බව වෙරිටේ රිසර්ච් ආයතනය ඊයේ(15) ප්‍රකාශ කළේය.
චීන මහජන බැංකුවෙන් ලැබුණු යුවාන් බිලියන 10ක මුදල් හුවමාරුවක් (ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.4ක්) සංචිතවලට එකතු කර වාර්තා කිරීම නිසා මෙම තත්වය මතුව ඇති බවත් මෙම මුදල් හුවමාරුව අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සංචිත වත්කමක් ලෙස සැලකීමට නොහැකි බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.
අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ගෙවුම් ශේෂ අත්පොතේ 6 වැනි සංස්කරණයෙන් සංචිත වත්කම් සම්බන්ධයෙන් වාර්තා කිරීමේ ප්‍රමිතිය හදුන්වා දී තිබෙන බවත් ඊට අනුව සංචිත වත්කමක් ද්‍රවශීල නොහොත් වඩාත්ම කොන්දේසි විරහිත ආකාරයෙන් පහසුවෙන් ලබාගත හැකිවිය යුතු බව එහි සඳහන් වන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.
මෙම ප්‍රමිතිය තෘප්ත කිරීමට චීන මහජන බැංකුවෙන් ලැබුණු මුදල් හුවමාරුව අසමත් බවත් එය ලබා ගැනීමට කොන්දේසි පනවා තිබීම ඊට හේතුව බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. කෙසේ නමුත් එම කොන්දේසි ඉදිරියේ ඉවත්විය හැකි බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. මෙවැනි පසුබිමක සංචිත නොවන වත්කමක් එකතු කර දැක්වීමෙන් ශ්‍රී ලංකාවේ නිල සංචිතවල ප්‍රමාණය සත්‍ය අගයට වඩා වැඩිකර පෙන්වීමක් සිදුව ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය සඳහන් කළේය.
2025 ඔක්තෝබර් මස 08
1982
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
විදේශ සංචිතය වාර්තා කර ඇත්තේ තිබෙනවාට ඩොලර් බිලියන 1.4කට වැඩි අගයකින්