IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


විදේශ ණය මත යැපීම ලංකාවේ ආර්ථිකයට අවදානමක් - මූඩීස් ආයතනය කියයි

සීමිත මූල්‍ය අවකාශය සහ බාහිරින් ලැබෙන මූල්‍ය සහාය මත අඛණ්ඩව යැපීම යන ගමනට අවදානමක්
ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ගමනට මූල්‍ය ප්‍රතිසංස්කරණවලින්, ශක්තිමත් සංචාරක ඉපැයීම් සහ විදේශ ප්‍රේෂණවලින් තල්ලු‍වක්
රජයේ ද්‍රවශීලතා පීඩනය අවම වී ඇතත් තවමත් ශ්‍රී ලංකාවට ණය ගැනීමට ඇති හැකියාව දුර්වල මට්ටමක
ආර්ථික වර්ධන වේගය ඉදිරියේදී යම්තාක්දුරට මන්දගාමී වනු ඇති
සමාජ වියදම් ඉහළ යෑමත් සමග පාරිභෝගික ඉල්ලු‍මේ වර්ධනයක්
ඉහළ යමින් පවතින ආයෝජන මෙරට මැදි කාලීන ආර්ථික වර්ධනයට ප්‍රධාන සාධකයක්


විමුක්ති එස්. රුද්‍රිගු


ශ්‍රී ලංකාව සිය ආර්ථිකය යථා තත්වයට පත් කිරීම සඳහා බොහෝදුරට නිවැරදි දිශාවට ගමන් කළත් මෙරට ඉහළ ණය මට්ටම, සීමිත මූල්‍ය අවකාශය සහ බාහිරින් ලැබෙන මූල්‍ය සහාය මත ශ්‍රී ලංකාව අඛණ්ඩව යැපීම යන කරුණු එම ගමන් මගට අවදානමක් එක් කරන බව ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය
මෙරට ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ගමනට මූල්‍ය ප්‍රතිසංස්කරණවලින්, ශක්තිමත් සංචාරක ඉපැයීම් සහ විදේශ ප්‍රේෂණවලින් තල්ලු‍වක් ලැබී තිබෙන බවද එම ආයතනය පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් පිළිබඳ සිදුකළ කාලානු රූපී සමාලෝචනයක් අවසානයේ ප්‍රකාශයක් නිකුත් කරමින් මූඩීස් ආයතනය මෙම අදහස් පළ කළේය.
මෙරට ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසුව 2022 වසරේ සිට මේ දක්වා ණය ප්‍රතිව්‍යූහගත කිරීමත් සමග රජයේ ද්‍රවශීලතා පීඩනය අවම වී ඇතත්, තවමත් ශ්‍රී ලංකාවට ණය ගැනීමට ඇති හැකියාව දුර්වල මට්ටමක පවතින බව මූඩීස් ආයතනය පැවැසුවේය.
පසුගිය වසරේ ශ්‍රී ලංකාව සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගත් බවත් මෙම වසරේ පළමු භාගයේදී ශ්‍රී ලංකාව සියයට 4.8 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන තිබූ බවත් එම ආයතනය ප්‍රකාශ කළේය.
කෙසේ නමුත් ආර්ථික වර්ධන වේගය ඉදිරියේදී යම්තාක්දුරට මන්දගාමී වනු ඇති බවත් මෙම වසරේදී ශ්‍රී ලංකාව සියයට 4.5 ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගනු ඇති බවත් එම ආයතනය පැවැසුවේය. සමාජ වියදම් ඉහළ යෑමත් සමග පාරිභෝගික ඉල්ලු‍මද වර්ධනය වනු ඇතැයි මූඩීස් ආයතනය ප්‍රකාශ කළේය. 

ආර්ථික අර්බුදයට පෙර පැවැති මට්ටමට මෙරට සංචාරක කර්මාන්තය ළඟා වෙමින් පැවැතීම සහ ඉහළ යමින් පවතින ආයෝජන මෙරට මැදි කාලීන ආර්ථික වර්ධනයට ප්‍රධාන සාධක වනු ඇතැයි මූඩීස් ආයතනය ප්‍රකාශ කළේය.
මෙම වසරේ පළමු මාස 7 හි රජයේ ආදායම සියයට 26.5 කින් වර්ධනය වීමත් සමග පසුගිය වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6.8 ක්වූ මෙරට මූල්‍ය හිඟය මෙම වසරේදී සියයට 6 ත් 6.5ත් අතර ප්‍රමාණයක් දක්වා පහළ යනු ඇතැයි මූඩීස් ආයතනය පුරෝකථනය කර ඇත. රජයේ ආදායම මෙලෙස ඉහළ යාමට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සහ බදු ක්‍රමය ශක්තිමත් කිරීම හේතුවී තිබෙන බවද එම ආයතනය පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ ණය ක්‍රමයෙන් අඩුවීමත් සමග ප්‍රාථමික ශේෂය අතිරික්තයක් ලෙස අඛණ්ඩව පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව මූඩීස් ආයතනය ප්‍රකාශ කළේය.
මෙරට ණය පිළිබඳව පුරෝකථනය කරමින් ලෝක බැංකුව මීට පෙර පවසා තිබුණේ 2022 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 114.2 ක් මෙරට ණය මෙම වසර වනවිට සියයට 98.2 ක් දක්වා පහළ යනු ඇති බවයි. එසේම ලබන වසරේ මෙරට ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 96 දක්වා පහළ යනු ඇති බවත් 2027 වසරේදී එය සියයට 93.5 දක්වා පහළ යනු ඇති බවත් එහිදී ලෝක බැංකුව පුරෝකථනය කර තිබිණි.
ශක්තිමත් සංචාරක ඉපැයීම් සහ විදේශ ප්‍රේෂණ හමුවේ මෙම වසර පුරාවට මෙරට ජංගම ගිණුමේ අතිරික්තයක් පවතිනු ඇති බවද ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩීස් ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවේ ආදායම් පදනම පටුවීමත් සහ විදේශ ණය මත දැඩිව යැපීමත් මෙරට ආර්ථිකයට තිබෙන ප්‍රධාන අවදානම බවත් එයට ගෝලීය ප්‍රවණතාවලින් සහායක් නොලැබෙන බවත් එම ආයතනය පැවැසුවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහන යටතේ ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය මගින් ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට වර්ධනයවීමට හැකියාව තිබෙන බවත් කෙසේ නමුත් ප්‍රතිපත්ති ආපසු හැරවීම සහ විදෙස් සංචිත පහළ යෑම ශ්‍රී ලංකා ප්‍රතිරූපය පහළ යා හැකි අවදානම බවත් මූඩීස් ආයතනය ප්‍රකාශ කළේය.
මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙන්ම ලෝක බැංකුව ද ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව නිවැරදි දිශාවට ගමන් කළද තවමත් මෙරට ආර්ථිකයට තිබෙන අවදානම අවසන් වී නොමැති බවයි.

 

 



අදහස් (0)

විදේශ ණය මත යැපීම ලංකාවේ ආර්ථිකයට අවදානමක් - මූඩීස් ආයතනය කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1028 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site