IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ ඩිජිටල්කරණය වේගවත් කෙරේ

අංජුල මහික වීරරත්න
රාජ්‍ය අංශයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීමේ රජයේ වැඩපිළිවෙළේ පියවරක් ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත ඩිජිටල් ප්‍රතිසංස්කරණයට අදාළ සැලැස්ම පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 
එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර සේවා සහ රාජ්‍යතාන්ත්‍රික සේවා සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණය කිරීම සඳහා සිදු කරන කටයුතු වේගවත් කිරීමේ අරමුණින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේද සහයෝගයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කරනු ලැබ තිබිණි. 
විදෙස් දූත මණ්ඩල සේවා ඩිජිටල් ලෙස කළමනාකරණය, පුළුල් වූ ඩිජිටල් කොන්සියුලර් සේවා හඳුන්වා දීම සහ විදෙස්ගත ශ්‍රමිකයන්ට ලබා දෙන සේවා සඳහා විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම ඇතුළු වැදගත් ක්ෂේත්‍ර කිහිපයක් කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමු විය. දේශීය සහ විදේශීය පරිශීලකයන්ට තොරතුරු සහ සේවා සඳහා වඩා හොඳ ප්‍රවේශයක් සහතික කරමින් පරිශීලක-හිතකාමී වෙබ් අතුරු මුහුණතක් හඳුන්වා දීමේ සැලසුම්ද මෙහිදී අනාවරණය කෙරිණි. විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් සහ වෙනත් නිල ලේඛන ඉදිරිපත් කිරීම වැනි ක්‍රියා පරිපාටි සරල කිරීම පිළිබඳවද මෙහිදී සලකා බැලිණ. මෙම ප්‍රතිසංස්කරණ මගින් පරිපාලන ප්‍රමාදය අවම කිරීමත්, පරිශීලකයන්ගේ පහසුව සැලකිය යුතු මට්ටමකින් වැඩිදියුණු කිරීමත් අපේක්ෂා කෙරේ.
ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.



අදහස් (0)

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ ඩිජිටල්කරණය වේගවත් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site