මගීන්ගේ ගමන් පහසුව සඳහා ලංකාවේ ප්‍රථම වරට විදුලි පඩි පෙළක් සහිත ගුවන් පාලමක් පානදුර නගරයේ ගාලු පාර ආසන්නයේ ඉදිකර ඇත.
ආබාධිතයන් හා වැඩිහිටියන්ට සඳහා මාර්ගයේ දෙපස විදුලි සෝපාන දෙකක් ද තනා තිබේ.
ලෝක බැංකු ආධාර යටතේ රුපියල් කෝටි 17 කට අධික මුදලක් වැය කර රුහුණු ඩිවලොප්මන්ඩ් කන්ට්‍රැක් ඇන්ඩ් ඉංජිනියර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය මෙම ගුවන් පාලම ඉදි කළේය. මාර්ග සංවර්ධන අධිකාරියේ අධික්ෂණය යටතේ සියලුම ඉදිකිරිම් සිදුවිය.
ගුවන් පාලමේ දිග මීටර් 45 කි. පළල මීටර් 3 ½ පමණ වේ.

![DSC06755[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/DSC067551.jpg)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝනොවන රෝගවලට ඉනිමගක් (ම)
පසුගිය රජයේ අනවශ්‍ය සංවර්ධනය . නඩත්තුව අපෙන්. (ම)
ආබාධිත අයට අත්වැලක්. (අ)
දුමින්ද ..... රටක් දියුණු වෙන්නේ කොහොමද ඔයා වගේ අය ඉන්නකොට. (අ)
කෝටි 17ක් යන්නේ නෑ ඕක හදන්න, මමත් පානදුරේ. අනික අපි ඉන්න මේ රටවල්වල් වල ඕවට යන වියදම් දැකල තියෙනවා. ඕව අපේ රටට අලුත් නිසා මිනිස්සුන්ට ඕවගේ ගණන් දන්නේ නෑ. ඉතින් ඕන ගාණක් කියල සාක්කුව පුරවා ගන්න පුළුවන්. (අ)
ලංකාවට මේ වගේ දියුණුවක් අත්විඳින්න තිබ්බේ මීට අවුරුදු ගානකට කලින්. අපේ දේශපාලුවෝ ක්‍රියා කරේ තමන්ගේ දියුණුව ගැන මිසක් රටේ දියුණුව ගැන නෙමේනේ. මොකද සම්පත් නැති රටක් නෙමේ. ලංකාව කියන්නේ. අවශ්‍යවෙන්නේ රට කරන උදවියගේ අවංක උවමනාවයි, කැපවීමයි විතරයි. (අ)
හොද වැඩක්.ආබාධිත,මහාලු අයට අත්වැලක්.නිරෝගි අය රෝග බෝනොවන ලෙස මේ ඉනිමග පරිහරනය කරන්න දක්ෂ විය යුතුයි. (ම)
ලියිට් ගියහම අතරමඟද? (අ)
පානදුර නගරයේ පොදු ස්ථානවල ඉබාගතයේ සැරිසරන හරක් රෑනක් නිසා නිතරම නගරය අපවිත්‍ර වෙනවා,පෞද්ගලික බස් නැවතුම, දුම්රිය ස්ථානය වැනි තැන, කරුණාකර ඔවුන්ව පාලනය කරන්න නාගරික බලධාරින්ව දැනුවත් කරනවා නම් ලංකාදීපය මගීනට කරන ලොකු සේවයක් වේවි. (අ)
මේවා හදනවා. මේවා ඉස්සරහ කුණු ගොඩ ගැහිලා. ඒවා අස් කරන්නේ නෑ . හරිම කැතයි. පිරිසිඳු කමක් නැති සංවර්ධනයේ වටිනාකමක් නෑ . (අ)
අනේ බිමල් මහත්තයෝ පඩිපෙළක් තියෙන්නේ කකුල් වලින් නැගල යන්න (අ)
අනවශ්‍ය වියදමක් ...මීට වඩා කරන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවා ලංකාවේ විදුලි සෝපාන නිකන් බොරු වියදමක් (බ)
අනවශ්‍ය වියදමක් ...මීට වඩා කරන්න ඕනේ වැඩ ගොඩක් තියෙනවා ලංකාවේ විදුලි සෝපාන නිකන් බොරු වියදමක් (බ)
කහඉරේ නො මැරී පහසුවෙන් පාර මාරු වුනහැකි, වාහන තදබදයක් නැහැ කොතරම් හොදද ,ලස්සන වැඩක් (බ)
කහ ඉරේ නොමැරී පහසුවෙන් පාර මාරු වුණහැකි, වාහන තදබදයක් නැහැ කොතරම් හොදද ,ලස්සන වැඩක් (අ)
අගේ ඇති වැඩක්. ඒත් අපේ රටේ මිනිසුන් කවදාවත් සෑහීමකට පත්වෙන්නේ නැහැ වැරදි ගැනමයි කියන්නේ (නි)
මෙතන කියලා තියන ඒවා බැලුවහම පෙනෙනවා සමහරු සංවර්ධනයටත් කැමති නැහැ වගේ. එක්කෙනෙක් කියලා තියෙනවා කෝටි 17ක් යන්නෙ නැතිලු මේක හදන්න. වෘත්තියෙන් ඉංජිනේරුවෙක් වූ මටවත් බැහැ බාහිරින් බලලා වටිනාකම කියන්න (නි)
ඇත්තෙන්ම අගය කළයුතු දෙයක් (නි)
සත්‍යයට ඉඩ දෙන්න. අපි ලෝකෙට "ණයකාරයෝ" කියන එක අමතක කරන්න එපා. නඩත්තුව සහ කල්පැවැත්ම ගැන බලනකොට තව කීයක් හදන්න තිබුනද ඔය මුදලින්? ළඟදීම නගර සභාවෙන් "මඟීන් සඳහා මුදලක් අයකෙරේ" කියලා දැන්වීමක් දමාවි. ඇත්තටම පනදුරේට ඕනෑ ගුවන් පාලම රථ වාහන සඳහායි. පානදුර නගරයේ මීටර් 500ක් ඇතුළත ප්‍රධාන අතුරු හැරවුම් මාර්ග හයක් විතර තියෙනවා. (නි)
මීට වඩා සංවර්ධනය වෙන්න ඕනෑ දේවල් මේ රටේ තිබෙනවා.වේල් 3 හරියට කන්න නැති මිනිස්සු ගොඩක් මේ රටේ ඉන්න බව මේවා හදන්න කලින් හිතන්න ඕනෑ. (නි)
මීට වඩා සංවර්ධනය වෙන්න ඕන දේවල් මේ රටේ තියනවා.වේල් 3 හරියට කන්න නැති මිනිස්සු ගොඩක් මේ් රටේ ඉන්න බව මේවා හදන්න කලින් හිතන්න ඕන.ගුවන් පාලමක් අවශ්‍යයි,පඩිපෙලත් අවශ්‍යයි.ඒත් විදුලි පඩිපෙලක් අවශ්‍ය නෑ. (අ)
ඇයි මිනිසුනේ හොඳ දෙයක හොඳක් දකින්න බැරි? (නි)
හණමිටි අදහස් දරන ගමරාළලා ඉන්න රටක් තව අවුරුදු සීයකින්වත් දියුණු වෙයිද කියන්න බැහැ... (නි)
හණමිටි අදහස් දරන ගමරාළලා ඉන්න රටක් තව අවුරුදු සීයකින්වත් දියුණු වෙයිද කියන්න බෑ...(ම)
මේවා නිසා තමයි රටක් ටිකෙන් ටික දියුණු වෙන්නේ (නි)
මේකෙ අදහස් දා තිබෙන අයගෙන්ම පෙනෙනවා තරම.ලෝකයේ පොඩ්ඩක් අැවිදලා බලන්න. ළිං ගෙම්බෝ වගේ කතා කරන්නේ නැතුව. මෝඩ උද්දච්චකම නම් මේ රටේ හැමෝගෙම තියනවා. කාටවත් අලුත් අදහස් නැහැ. කෙනෙක් දෙයක් කළාම විවේචන නම් තියනවා නැතිවෙන්න. (නි)
ඉතා හොද වැඩක් තාක්ෂණය මිනිසුන් බුක්ති විදින්න ඹ්නේ එතකොට තමයි රටක දියුණුව (අ)
ඉතා හොද වැඩක් තාක්ෂණය මිනිසුන් බුක්ති විදින්න ඕනේ එතකොට තමයි රටක දියුණුව (අ)
ඉතා හොඳ වැඩක් තාක්ෂණය මිනිසුන් භුක්ති විදින්න ඕනේ එතකොට තමයි රටක දියුණුව (ම)
ඉතා හොද වැඩක් තාක්ෂණය මිනිසුන් බුක්ති විදින්න ඕනේ එතකොට තමයි රටක දියුණුව (ම)
මෙයින් මේවායේ වියදම ගැන අදහසක් ගත හැක. කෝටි 17කට මේ වගේ කීයක් හදන්න පුළුවන්ද කියන එක සොයා බැලුවොත් හොඳයි. (අ)
වටිනා කටයුත්තක් (නි)
මෙයින් මේවායේ වියදම ගැන අදහසක් ගත හැක. කෝටි 17කට මේ වගේ කීයක් හදන්න පුළුවන්ද කියන එක සොයා බැලුවොත් හොඳයි. http://www.alibaba.com/showroom/escalator-price.html (නි)
අනේ ඇත්ත. මේවා මොනවටද අපේ රටට. හරක්ටික වගේ පාර පැන්නනම් තමයි හොඳ (බ)
ඔය පාලම තියෙන්නෙ ප්‍රධාන බස් නැවතුමෙන් මීටර් 200 ක් විතර එහා. හදිසියේ දුම්රියට දුවන මිනිස්සු ඕකෙන් නැගලා බහින්න එන්නෙ නැහැ. ඔය ගානෙන් හරියටම බස් නැවතුම ඉදිරිපිට උමං මාර්ගයක් හැදුවා නම් නඩත්තු වියදමත් අඩුයි. මිනිසුන්ට මීටවඩා සෑහෙන ප්‍රයෝජනවත් (නි)
ඔය පාලම තියෙන්නෙ ප්‍රධාන බස් නැවතුමෙන් මීටර් 200 ක් විතර එහා. හදිසියේ දුම්රිය එකට දුවන මිනිස්සු ඕකෙන් නැගල බහින්න එන්නෙ නෑ. ඔය ගානෙන් හරියටම බස් නැවතුම ඉස්සරහා උමං මාර්ගයක් හැදුවානම් නඩත්තු වියදමත් අඩුයි මිනිස්සුන්ට ඔයිට වඩා සෑහෙන ප්‍රයෝජනවත්... (අ)
මට පෙනෙන විදියට වියදම් කළ මුදල සාධාරණයි (නි)
මෙය නිසියාකාරයෙන් පරිහරණය කිරීම මහජනතාවගේ වගකීම වන අතර එසේ වුවහොත් දීර්ඝ කාලයක් පාවිච්චි කිරීමට හැකිවනු ඇත (නි)
ඔය පාලම තියෙන්නෙ ප්‍රධාන බස් නැවතුමෙන් මීටර් 200 ක් විතර එහා. හදිසියේ ට්‍රේන් එකට දුවන මිනිස්සු ඕකෙන් නැගල බහින්න එන්නෙ නෑ. ඔය ගානෙන් හරියටම බස් නැවතුම ඉස්සරහා උමං මාර්ගයක් හැදුවානම් නඩත්තු වියදමත් අඩුයි මිනිස්සුන්ට ඔයිට වඩා සෑහෙන ප්‍රයෝජනවත්...(බ)
හොඳ වැඩක්. එත් ඔතන වසුරු හලලා ජරා කරගන්නේ නැතුව ඔතන පිරිසිදුවට තියාගැනීම සියලු දෙනාගේ වගකීමක් ...(අ)
හැම දේකම වැරදි දකින, හණමිටි අදහස් තියෙන ගමරාළලා වගේ කට්ටිය ඉන්නකම් ඉතින් රටවල් දියුණු වෙයිද? (බ)
කෝටි 17ක් නම් යන්නෙ නැහැ (බ)
හැම දේකම වැරදි දකින, හණමිටි අදහස් තිබෙන ගමරාළලා වගේ කට්ටිය ඉන්නකම් ඉතින් රටවල් දියුණු වෙයිද??? (නි)
ක/මහවිල කනිෂ්ථ විද්‍යාලයට පාසල් ගොඩනැගිල්ලක් නැති කමින් ළමයින් එලියෙ ඉගෙන ගන්නවා අප අදී සිසුන් දෙශපාලකයන් පස්සෙ කොතෙකුත් ගියාට තවම පලක් වී නැත රු කොටි 1.5 කින් දෙමහල් ගොඩනැගිල්ලක් සැදිය හැකිය (අ)
මෙය රැකගන්න . පිරිසිදුව තියාගන්න ,හැමදෙනාම කැපවෙන්න ඕනේ නැත්නම් හැම දේම ටික කලයි .සල්ලි අපරාදේ (ම)
මෙවැනි දේවල් සංවර්ධනයේ අවසාන අංගයන් වියුතුයි. කොච්චර තැන් තියනවද කළුතර දිස්තික්කේ මුලික පාලම්වත් නැති? මේ වගේ වැඩ කරන්න කලින් ක/මහවිල කණිෂ්ඨ විද්‍යාලයට ගොඩනැගිල්ලක් දෙන්න තිබුනා කියලා මටත් හිතෙනවා ගයාන්. (නි)
චන්ද්‍රිකා, මේක තියෙන්නේ පුද්ගලික බස් නැවතුම ඉදිරිපිටයි. ලංගම බස් නැවතුම තිබෙන තැනින් ඉවත් කිරීමට නියමිත එකක්. එය ඉවත් කළාම ප්‍රධාන සහ එකම බස් නැවතුම වෙන්නේ පුද්ගලික බස් නැවතුමයි. (නි)
මේක මහජනතාවට විශාල සහනයක් (නි)
හොඳදේට හොඳයි කියන්න පුරුදු වෙන්න (නි)
බොහොම සාර්ථක වැඩක් (නි)
මීට වඩා කරන්න වැඩ කොච්චර තියෙනවද? (නි)
හොරා කාලා හරි කමක් නැහැ පහුගිය රජයෙන් කළ හොඳ වැඩක්.දියුණුවක් කියලා බඩගෝස්තරේම ගැන හිතලා බැහැ. මෙවැනි දේවල් දියුණු රටවල සාමාන්‍ය දේවල්. (නි)
මෙහෙම දේවල් වලට වියදම වැඩිවුණත් රටකට මෙවන් දේ අත්‍යවශ්‍යයි (නි)
මෙහෙම අදහස් ඇති මිනිස්සු ඉන්න රටක් කවදා දියුණු වෙයිද කියන එකයි සැක (නි)
අපේ අයට හොඳක් කළත් වැරදියි. නොකළත් වැරදියි (නි)
බලාගෙන ගියාම අපේ රටට හොඳක් කරලා වැඩක් නැහැ වගේ. හැබැයි අපේ රටේ ඉඳලා වැඩක් නැහැ කියලා දියුණු රටවල් කියන ඉතාලියට ඕස්ට්‍රේලියාවට හොර පාරේ දුවන්න හදන්නෙත් අපේ මේ කෑගහන අයම තමයි. ඒවායෙත් මේ සංවර්ධන වැඩ තියෙනවා. ඒ රටවල් පටන් ගත්තෙත් මුල ඉඳලා මෙහෙම තමයි. අනවශ්‍ය සංවර්ධනය කියලා නිකම් හිටිය නම් අපේ අයට හොරෙන් දුවන්න හිතෙන්නේ නැහැනේ. (නි)
විදුලි පඩිපෙළ නිසයි මිනිස්සු ඕකේ යන්නේ. නැත්නම් පේනවානේ පිටකොටුවේ තාම හදන්නේ යකඩ වැටෙන් රිංගන්නමයි. හොඳ වැඩක්. හැබැයි කොට්ටාවේ යෝජිත පාලම නම් හැදෙන්නේ නැතිවෙයි. (නි)
ඇත්ත ටියුඩර්, නැත්නම් කෝටි 17ම වතුරේ (නි)
මේ වගේ දේවල් වල නිසි නඩත්තුව තමයි වැදගත් (නි)
ගසාකෑවත් මේ වගේ දේවල් රටට දායාදකළ එකම ඇති (නි)
කවුරු කළත් හොඳදේට හොඳයි කියන්න ඕනෑ (නි)
දියුණු රටවල දකින්න ලැබෙන දේවල් දැන් දැන් අපේ රටෙත් දකින්න ලැබීම වාසනාවක් (නි)
ඉස්සර ගාලු පාරෙන් කොලඹ යන බස් නවත් වන විට කි.මි 2 විතර දුරක් වාහන තද බදය තියෙනවා. දුම්රිය පළට යන්න ගලුපරෙන් පනින මිනිස්සු වැඩි.එතකොට වාහන නවත්වන්න වෙනවා. බස් යන්නේ නැහැ මිනිස්සු එක්කහු කරනවා. මෙහෙම දෙයකට තමා මෙක හදලා තියෙන්නේ (ම)
චන්දිම දාලා තියෙන මිල ගණන් ගොඩනැගිලි ඇතුළේ සවිකරන පඩිපෙළ වල ඒවා. මේ හදලා තියෙන්නේ පාර දෙපැත්තේ එළිමහනේ හා පාර හරහා යන සියලු වියදම්. කෝටි ගානක් වියදම් වෙන්නේ ඒකයි. (නි)
ආබාධිතයන්ට යන්න මේකේ ඉඩක් දේවිද දන්නේ නැහැ අනිත් කම්මැලි මිනිස්සු (නි)
හරිම සන්තෝෂයි (නි)
මහජනතාවගේ පහසුව වෙනුවෙන් ඇත්තෙන්ම හොඳ ආයෝජනයක් (නි)
ලංකාව පුරාම මෙහෙම ඒවා ඇත්නම් කොච්චර හොඳද? (නි)
එතකොට මුල්ගල තබපු ගුවන් පාලම කෝ? ඔය කියන තැන මම හොඳට දන්නවා. මෙතනින් ලොකු මඟීන් ප්‍රමාණයක් පාර මාරුවෙන්නේ නැහැ. ඔය සල්ලි වලින් මහජනතාවට ප්‍රයෝජනවත් ලොකු වැඩක් කරන්න තිබුණා. (නි)
හරිම හොඳ දෙයෙක්. මමත් මේකේ ගියා (නි)
සාමාන්‍යයෙන් දකින්න තියන දේ තමා මෙවැනි ඉදිකිරීමක් නිසිපරිදි නඩත්තු නොකිරීම. ඉතින් ලොකු අලුත්වැඩියාවක් කරන්න අවශ්‍ය වූ විට මුදල් වෙන්වෙලා නැති නිසා අලුත්වැඩියාව කරන්නේ නැහැ. වැඩේ අතහැර දමනවා. මේකේ විදුලි බිල ගෙවන්නේ කවුරුන්ද? ඒ සඳහා මුදල් වෙන්වෙලා තිබෙනවද? (නි)
කොටි 17ක් තියා ලක්ෂ 17ක් ගියා කියලත් හිතන්න බැහැ,ඔක්කොම ටික කාගේ හෝ සාක්කුවටම ගිහිල්ල ඇති,මොන වැඩක් කෙරුවත් ඉතින් ලංකාවේ අය එකෙන් පාගා ගහන එක පුරුද්දක්නේ,පානදුරේ අයට නම් ඔය කොටි 17ක් ගියා කියන එක පිළිගනීවි, කොටි 17කට ලංකාවේ හැම නගරයකම එස්චාලටෝර් දාන්න පුළුවන්නේ,(අ)
මේ වගේ පාලම් මරදාන පිටකොටුව වගේ තැන වලට වහාම දන්නා (අ)
මේ වගේ පාලම් මරදාන පිටකොටුව වගේ තැන වලට වහාම දන්නා (අ)
අනේ අපි අවුරුදු 80 ඉදලා අපේ ගමට පාලමක් ඉල්ලනවා. ඒ මේ වගේ සැපපහසුවට යන්න නොවෙයි අපේ අවශතා ඉටු කර ගන්න, මේවා දැක්කම අපිට හුල්ලන්න විතරයි ඉතුරු වෙලා තියෙන්නේ (අ)
දියුණුව කියන්නේ මේකටද ? (අ)
ඉදිරි සංවර්ධන වැඩ වලදී ,ඇස්තමේන්තු පරික්ෂණයට ස්වාධීන ස්වේච්ඡා මහජන කොමිසමක් පත්කරමු. වැඩි මහජන කැමැත්තට අනුකූලව සංවර්ධන ව්‍යාපෘතිය තෝරමු. ප්‍රශ්න, මැසිවිලි නැහැනේ (නි)
මේවා රටේ සියළුම නගර වල හදන්න පුලුවන් නම් වටිනවා (නි)
ලෝකයේ දියුණු රටවල මේවා සාමාන්‍ය දේවල් (නි)
හදවතින්ම සතුටුවෙනවා මේ ගැන (නි)
කොච්චර දියුණු වෙලාද මගේ රට? (නි)
මමත් මේකේ ගියා. නියමයි (නි)
අපේ රටේ සමහර මිනිස්සු කන්නේ බත්ද කියල හිතෙනවා. ලෝකයේ දියුණු රටවල් මේවා නිර්මාණය කළේ මීට අවුරුදු පනහ හැටකට කලින්. අඩුම තරමේ දැන්වත් අපිට මේ තත්වයන්ට යන්න ඕනෑ. මෙතන විතරක් නෙමෙයි පුළුවන් හැමතැනකම මෙවැනි දේ නිර්මාණය වියයුතුයි. මම දන්නේ නැහැ හරියටම මේකට යන මුදල. ඔය වියදම වැඩියි කියන කට්ටිය කියන්නකෝ හරියටම මේක හදන්න යන මුදල. ඊළඟ ඒවා හදනකොට ඒ ගානට හදන්න පුළුවන්. (නි)
ආපෝ දැන්ද මේවා දාන්නේ? (අ)
ඉතාම අගනා කාර්යයක් මේක (නි)
කිසිම දෙයක් අගය කරන්න නොදන්නා ගුණමකු මිනිස්සු ඉන්න රටක් ලංකාව. කවුරු කළත් මේ වැඩේ හොඳ වැඩක් (නි)
ඕක අනවශ්‍ය දෙයක් ඔතනට.මාත් කියනවා.ඔතනට සාමාන්‍ය පඩිපෙළක් දැම්මා නම් ඉවරයි.අනික ඔයවගේ පඩිපෙළවල් වල නිකන් අයටත් යන්න බැරි එකේ කොහොමද ආබාධිතයෝ වයසක අය යන්නේ?අනික ඕවට වඩා කරන්න දේවල් තියෙනවා මේ රටේ.ඔය පාලමක් නැති අයට පාලමක් හදආ දුන්නා නම් හරි. ඕවා බොරු සෝබන වියදම්. (නි)
මම දැනට ජීවත්වන්නේ උපන් ගමෙන් ඈත පිටරට.මමත් පානදුරේ උපන් කෙනෙක්.හරි සතුටක් දැනෙනවා මගේ ගමේ මගේ පාසලට යාබදව මෙවන් පාලමක් ඉදිවීම ගැන.පිටරට සිට අනුන්ගේ දෙයට ආවඩන අපේ ඇත්තන්ට අගය නොවුණාට මට නම් මිල කළ නොහැකි තරමට වටිනවා අපේ දේවල්. (නි)
ලංකාවේ හැම නගරයකම මේවා ඉදිකරන්න පුලුවන් නම්... (නි)
මේවා දකිනකොට මගේ රට ගැන පුදුම ආඩම්බරයක් තියෙන්නේ (නි)
දියුණු ලෝකය සමඟ අපි ඉදිරියට යායුතුයි (නි)
ඉතාමත්ම වටිනා ව්‍යාපෘතියක් (නි)
මේකේ වටිනාකම අගය ඇත්තටම දැනෙන්නේ පානදුරේ ඉන්න අයට විතරයි. මිනිස්සු ජරා කරලා අපවිත්‍ර කරනවද බලන්න සීසීටිවී සවිකළොත් තමා වඩා හොඳ. (නි)
ඕක කොච්චර කල් තියේවිද දන්නේ නැහැ. අනික ඕවා හරිහැටි හැමතිස්සෙම පිරික්සුමට ලක්කරන්න ඕනෑ. නැත්නම් ඕක කඩා වැටුනොත් අහිංසක මිනිස් ජීවිත. ලංකාවේ හැමදෙයක්ම සෝඩා බෝතලේ වගේ (නි)
මගේ රටේ අභිමානවත් දියුණුවට මම හරිම සතුටුයි (නි)
පානදුරය ගමේ උපන් මම ඉතා ආඩම්බර වෙනවා මගේ පාසැල අසළම ගුවන්පාලම ඉදිවීම ගැන.උපන් බිමෙන් දුර රටක වෙසෙන මා මගේ මවුබිමේ දේ අගයනවා, අන් පිරිස් මෙන් පිටරට දෙයට ආවඩන්නේ නැතුව (නි)
මේවා දියුණු රටවල සාමාන්‍ය දේවල් (නි)
පානදුරේ කුණු කසල ප්‍රශ්නය වගේ සුළු ප්‍රශ්නයකට කලින් මේ වගේ උභයෝතෝටික ගැටළුවක් විසඳීම ගැන අපි මොන තරම් ආඩම්බරයිද? එක නෙමයි මේකේ සිසිටීව් කැමරා හයි කරන්න කෝටි කියක් විතරයාවිද ? (ම)
ලංකාවෙ මිනිස්සු කවදාද හොඳ දෙයක් හොඳ විදිහට දැක්කෙ? කොහෙන්හරි මොකක්හරි අඩුපාඩුවක් දකිනවා විතරයි. මේ වගේ මිනිස්සු ඉන්නතුරු ලංකාව හැමදාමත් එක තැන (නි)
මෙවන් දේ තව තවත් බිහිවේවා! (නි)
ප්‍රංශයේ හැමතැනම මේ විදුලි පඩිපෙල් තිබෙනවා. අපේ රටෙත් තියනවා කියන්නේ හොඳ දෙයක්. නමුත් ගොඩක් මිනිස්සු අද මැරෙනවා අලි නිසා. ඒකට හොඳ විසඳුමක් ලැබෙනවා නම් වඩාත් හොඳයි. අහිංසක මිනිස්සු හොඳින් ජීවත්වෙයි (නි)
වැඩේ ගොඩක් වටිනවා.ඒත් මේකෙන් මාර්ග තදබදයට විසදුමක් ලැබිල නෑ,ගුවන් පාලම ලගම කහ ඉරක් තියෙනවා. හරි සැලසුමක් ඇතුව වැඩ කරලා නෑ (බ)
වැඩේ ගොඩක් වටිනවා.ඒත් මේකෙන් මාර්ග තදබදයට විසඳුමක් ලැබිලා නැහැ. ගුවන් පාලම ළඟම කහ ඉරක් තිබෙනවා. හරි සැළසුමක් ඇතුව වැඩ කරලා නැහැ.මේක කොළඹ කොටුව ළඟ කළා නම් මීට වඩා ගොඩක් වටිනවා (නි)
අනවශ්‍ය වියදමක්. වයෝවෘර්ධ අයගේ අත පය කඩා ගන්න පහසු මගක්. (බ)
අනවශ්‍ය වියදමක්. වයෝවෘද්ධ අයගේ අත පය කඩා ගන්න පහසු මගක්. (බ)
බොහොම හොඳ ව්‍යාපෘතියක් (නි)
හරිම ආඩම්බරයි (නි)
නියම වැඩක්! (නි)
මේකට දොස්කියන අයට මේ ගාන බෙදලා දුන්නා නම් හරිම හොඳ වැඩක් කියයි නේද? (නි)
තාම මේක යහතින් වැඩ ද? (බ)
හොඳ ව්‍යාපෘතියක් (නි)
යන කස්ටිය වම් පැත්තට වෙලා යන්න එතකොට ඉක්මනට යන්න ඕනේ අයට දකුණු පෙත්තෙන් නැගගෙන හරි බැහැගෙන හරි යන්න පුළුවන්. මැද්දට වෙලා හරස් කරන හිටගෙන ඉන්න එපා. (අ)