(බිඟුන් මේනක ගමගේ)
ලංකා විදුලි (පෞද්ගලික) සමාගම (ලෙකෝ) සිය පාරිභෝගික සේවා වඩාත් පහසු හා කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් මයි ලෙකෝ MYLECO නමින් මෘදුකාංගයක් (ඇප්) හඳුන්වා දී ඇත.
විදුලි බිල්පත් ගෙවීම, විදුලිය කප්පාදු ගැන තොරතුරු, බිල්පත් ඉතිහාසය, ණය ශේෂ පිළිබඳ කරුණු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම දැනගැනීමට මෙමගින් හැකි බව ලංකා විදුලි පෞද්ගලික සමාගම පවසයි.
ඊට අමතරව 1910 කෙටි දුරකථන අංකය මගින් විදුලිය කප්පාදු හා බිඳවැටීම් ගැන තොරතුරු දැනගැනීමට ද පාරිභෝගිකයන්ට හැකියාව ඇත.
මෙම සන්නිවේදන මාර්ග නිසා විදුලි පාරිභෝගිකයන්ට ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක සේවා සපයන්නන් සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන්නේ යැයි ලෙකෝ සභාපති තිස්ස නානායක්කාර මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කලින් ඉඳලා තිබුනා. නමුත් තවමත් විදුලි බිල් පත් ගෙවීමට AMEX කාඩ් මගින් නොහැකි වීම මෙහි දුර්වලතාවයක්. තවද LECO ආයතනයේ බොහෝ ගෙවීම් ශාඛාවල කාඩ් පත් මගින් ගෙවීමට නොහැකිවීමත් දුර්වලතාවයක්. තවදුරටත් මෙම බිල්පත් ගෙවීම පාරිභෝගිකයාට හිතවත් ආකාරයට දියුණු විය යුතුය.
කළුතරට විදුලිය කැපුවාම කතාකරන්න කියන්නේ පයාගල තිබෙන ලෙකෝ එකට... ගොඩක් වෙලාවට ලයිට් ගිය ගමන් ඒ ෆෝන් නම්බර් එකත් ස්ට්‍රයික්...