(නිමල කොඩිතුවක්කු)
වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩිවිය යුතු බවත් ඉන් මෙහා කිසිදු විසඳුමකට වතු කම්කරුවන් සූදානම් නොමැති බවත් සමස්ත ලංකා වතු කම්කරු සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් කොළඹදී පැවැසීය.
රුපියල් දහසක වැටුපක් ලබා දීමට කටයුතු නොකළහොත් ලබන 3 වැනි දා සිට අඛණ්ඩව විරෝධතාවල නිරතවීමට සමස්ත ලංකා වතු කම්කරු සංගමය තීරණය කර ඇතැයි ද එම සංගමයේ ලේකම් ජේ. එම්. ඒ පේ‍්‍රමරත්න මහතා පැවැසීය.
සමස්ත ලංකා වතු කම්කරු සංගමය මරදාන පිහිටි සමාජය හා සාමුහික කේන්ද්‍රයේ අද(20) පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජේ. එම්. ඒ පේ‍්‍රමරත්න මහතා මෙසේද කීය.
‘‘වතු කම්කරුවන් වැටුප් වැඩිකිරිම සම්බන්ධයෙන් වැවිලි සමාගම්, වෘත්තීය සමිති සහ රජය සමග අවසථා ගණනකදී සාකච්ඡා පැවැත්වූවා. ඒත් අපේ අවම වැටුප රුපියල් 1000ක් දක්වා වැඩිකිරීමට මෙතෙක් කිසිදු පාර්ශවයක් එකඟ වි නැහැ.
දැන් අවසානයේදි වතුකම්කරුවාගේ වැටුප දිනකට රුපියල් 50කින් වැඩි කරලා කියලා වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා පැවසුවා. එම මුදල වැඩි කරලා තියෙන්නෙත් මේ වසර සඳහායි. එම රුපියල් 50ත් සමග දෛනික වැටුප රුපියල් 800ක් වනවා. එම මුදල කිසිසේත්ම ප‍්‍රමාණවත් නැහැ.
අපි මේ රුපියල් 1000 ඉල්ලන්නේ අද ඊයේ ඉදන් නෙමෙයි 2016 වසරේ ඉඳලයි. වතු කම්කරු පවුලක වියදම සලකා බලා එම මුදල තීරණය කලා. දැනන් එම වියදම රුපියල් 1420ක් දක්වා වැඩි වෙලා තියෙනවා. අපි ඉල්ලන්නේ අපිට රුපියල් 1000 හරි ලබා දෙන්න කියලයි.
අපි ඉල්ලපු ඒ රුපියල් 1000න් මෙහා අපේ කිසිම විසදුමක් නැහැ. මේක වතු කම්කරුවන් ජීවත් විම සඳහා කරන අරගලයකුයි. මෙවර අයවැයෙන් අපිට ඒ සඳහා සහන ලබාදිය යුතුයි.
රුපියල් 1000ක වැටුප් වැඩිකිරිම සිදුනොකළොත් මාර්තු 03 වනදා අපි හැටන් නගරයෙන් දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කරනවා. එතැන් සිට අපි අඛණ්ඩව විරෝධතා සිදුකරනවා. රජය මැදිහත්වී අපේ ගැටලූවට වහාම විසදුම් ලබා දිය යුතුයි.
සමස්ත ලංකා වතු කම්කරු සංගමයේ සභාපති කේ සෙල්වරාජ් සහ එම සංගමයේ නියෝජිතයන් ඇතුළු පිරිසක්ද මේ සඳහා එක්වූහ.
2025 දෙසැම්බර් මස 04
676
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වතු වැටුප 1000 තෙක් වැඩිවිය යුතු බව වතු සංගමය කියයි
sam Thursday, 21 February 2019 01:25 AM
ලංකාවේ සමස්ත තේ අපනයනය නිෂ්පාදනයෙන් 92% . එකෙන් 65% පමණ පහතරට තේ. වැඩිපුරම පහතරට තේ හදන්නේ කුඩා පරිමාණ තේ වතු හිමියන්. නමුත් ඉඩම් බෙදීම බැලුවොත් වැඩිපුරම තේ ඉඩම් තියෙන්නේ උඩරට. ඒ කියන්නේ කුඩා තේවතු හිමියන් කුඩා ඉඩම් ප්‍රමාණයකින් වැඩි පලදාවක් ගන්නවා. මෙතන තියෙන්නේ කාර්යක්ෂම තාවය පිලිබඳ ප්‍රශනයක්. වතු කම්කරුවෝ හරියට වැඩ කරනවානම් මේ ගණන ප්‍රශනයක් නෙවෙයි. නමුත් පිරිමි කම්කරුවෝ වැඩකරන්නේ උදේ අටේ ඉඳන් දවල් දොළහ වෙනකම් විතරයි.
smn Thursday, 21 February 2019 09:20 AM
වතකරයේ සේව්‍ය සේවක දෙපාර්ශවයට ම සාධාරණයක් ඉටුකළ හැකි ස්ථාවර විසඳුමක් ඇතිකර ගන්නට කොමිෂන් සභාවක් පත්කරල නිර්දේශ ලබා ගන්න බැරිකමක් තියෙනවද?
Sumith Friday, 22 February 2019 12:29 PM
ඇමැතිකම් දෙන්න පසුපෙළ සෙට් එකට...