IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල කාන්තා නියෝජනය සියයට 54 ඉක්මවයි

 

  • පසුගිය වසරට සාපේක්ෂව සියයට 13.4ක කැපීපෙනෙන ඉහළ යාමක්
  • වැඩිම කාන්තා නියෝජනය වරලත් ගණකාධිකාරී අංශයෙන්

භානුක අමරසිංහ
කොළඹ කොටස් හුවමාරුවේ (CSE) ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල කාන්තා නියෝජනය සියයට 54කට වඩා කැපීපෙනෙන ලෙස ඉහළ යාමක් වර්තමානයේදී දක්නට ලැබෙන බව කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරිනී වින්ධ්‍යා ජයසේකර පැවසුවාය.
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොළඹ කොටස් හුවමාරුව සහ ලෝක බැංකු සමූහයේ සාමාජිකයකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) එක්ව පසුගියදා ආරම්භක වෙළෙඳපොළ සීනුව නාද කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළාය. 
විශේෂයෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගම්හි අධ්‍යක්ෂවරියන්ගේ සංඛ්‍යාව 2024 වර්ෂයේදී පැවති සියයට 8.7ක අගයේ සිට 2025 වර්ෂයේදී සියයට 13.4 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකාව පුරා කළමනාකරණ සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරුවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා වන කැපවීම ඒ හරහා පිළිබිඹු වේ.
අධ්‍යක්ෂ මණ්ඩලවල අවම වශයෙන් සාමාජිකයන් පස්දෙනකු සිටිය යුතු බවට කොළඹ කොටස් හුවමාරුව නිකුත් කළ නියෝගය මීට බොහෝ සෙයින් බලපානු ලැබීය. එය ස්වාධීන අධ්‍යක්ෂවරුන් පත් කිරීමට හේතු වූ අතර මෙහිදී වැඩි කාන්තා නියෝජනයක් වරලත් ගණකාධිකාරී අංශයෙන් පෙන්නුම් කරයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැකුවූ වින්ද්‍යා ජයසේකර මෙසේ පැවසුවාය. “CSE ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල කාන්තා නියෝජනය සියයට 54 කට වඩා කැපීපෙනෙන ලෙස ඉහළ යාමක් දක්නට ලැබීම සම්බන්ධයෙන් අපි ඉතාමත් සතුටු වෙනවා. පසුගිය වසරට සාපේක්ෂව සමස්ත නියෝජනය සියයට 13.4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පැහැදිලි සහ දිරිගන්වනසුළු ප්‍රවණතාවක් මේ හරහා අවධාරණය කෙරෙන අතර, ප්‍රගතිය වේගවත් වෙමින් පවතින බවත් අප නිවැරදි දිශාවට ගමන් කරන බවත් එමගින් පෙන්නුම් කරනවා.”
මෙහිදී විශේෂයෙන්ම කොළඹ කොටස් හුවමාරුවේ කාර්ය මණ්ඩලයෙන් සියයට 46.7 ක් සහ කළමනාකරණ කණ්ඩායමේ සියයට 47ක් කාන්තාවන් නියෝජනය කිරීම ගැන ආඩම්බර වන බවත් ඇය සඳහන් කළාය.



අදහස් (0)

ලැයිස්තුගත සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල කාන්තා නියෝජනය සියයට 54 ඉක්මවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site