කොටස් විකිණීමට හා සුළු ලාභ ඉපැයීමට දක්වන ප්‍රවණතාව ඉදිරියේ වෙෙළඳ පොළ දර්ශක වර්ධනය හීන කරන පසුබිමක් ඊයේ (මැයි26) ගනුදෙනු අවසානයේ දී පැවැතිණි. ගනුදෙනු ආරම්භ වී පළමු අඩ පැය අවසන්වීම සමගම කොටස් විකිණීම බහුල වූ අතර පසුගිය සතිය තුළ ඉහළ යන ලද මිල ගණන්වලින් වාසි අත්පත් කරගැනීමේ අරමුණ සහිතව හැසිරීමක් නිරීක්ෂණය කළ හැකි විය.
දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,496.24 ක් වු අතර එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 1.78 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,839.94 ක් වශයෙන් අවසන් වූ අතර එය දර්ශක 3.14 ක සුළු පහත වැටීමක් සේ දැක්විය හැකිය. මෙදින ගනුදෙනු 23,339 ක් වාර්තා වූ අතර සමාගම් 138 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 98 කි. දෛනික පිරිවැටුම රු. මිලියන 3,760.53 ක් විය. කොටස් මිලියන 171.8 ක් හුවමාරු වූ බව දැක්වේ. මල්වත්ත වැවිලි සමාගම කොටසකට ශත විස්සක ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ.
ඩයලොග් රු. මිලියන 219 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 195 ක්, ඒ.සී.එල්. රු. මිලියන 195 ක්, ලංකා මිල්ක් ෆුඩ් රු. 174 ක්, සන්ෂයින් හෝල්ඩිං රු. මිලියන 171 ක්, ලංකෙම් ඩිවෙලොප්මන්ට් රු. මිලියන 133 ක්, කෝල්ඩ් ස්ටෝර්ස් රු. මිලියන 107 ක්, හේලීස්රු. මිලියන 87 ක්, හැටන් නැෂනල් රු. මිලියන 72 ක්, සම්පත් බැංකුව රු. මිලියන 72 ක් එල්.ඕ.එල්.සී. ෆිනෑන්ස් රු. මිලියන 63 ක්, ජෝන් කීල්ස් රු. මිලියන 61 ක් සහ කාර්ගෝබෝර්ට් රු. මිලියන 57 ක්, වශයෙන් කොටස් වැඩිම ප්‍රමාණයකින් හුවමාරු වූ අවස්ථා වශයෙන් දැක්වේ.
මැදි හා දීර්ඝ කාලීන ආයෝජන වශයෙන් කොටස් මිල දී ගැනීමට සුදුසු බව ආයෝජන උපදේශකයෝ දක්වති. ලැයිස්තුගත සමාගම්වල වාර්ෂික වාර්තා ප්‍රකාශයට පත්ව ඇති අතර මේවායේ වර්ධනය සලකා බලන පසු තව දුරටත් ආයෝජන අවස්ථා පවතින බව නිර්දේශය වී තිබේ.
නිරීක්ෂක
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලාභ ඉපැයීමේ වුවමනාව දර්ශක කෙරෙහි බලපෑමක් ඇතිකරයි